stanly peris - ස්ටැන්ලි පීරිස් සමරමු ඔහු සමුගෙන වසර 10 කි ~ Sakuna Radio සකුණ රේඩියෝව

stanly peris - ස්ටැන්ලි පීරිස් සමරමු ඔහු සමුගෙන වසර 10 කි


ඔහු උපන්නේ මහනුවරය.උගත්තේ ශාන්ත අන්තෝනි විදුහලෙනි.මහනුවර M.G.C  ආයතනයෙන් මුලින්ම සංගීතය හැදෑරීය.ඔහු කුඩාකල සිටම සංගීතයට ආසාකලේය. ඔහු වාද්‍යසංගීතයට නව අරුතක් නව නැම්මක් එක්කලේය.ඔහු ලංකාවේ සෑම ගායකයෙකුටම පාහේ ගී තනු නිර්මාණය කලේය.Fortunes ඔහු බිහිකල ‍ගායක කණ්ඩාමයි..ඔහු කීර්ති පැස්කුවල් නම් වාදකයා  ගායකයෙකු කිරීමේ මහඟු කායර්යයට උරදුන්නේය..ඔහු කැසට්පට 700 කට පමණ සංගීතයෙන් දායක වී ඇති අතර නව ආරක ගී  තනු රාශියක් නිර්මාණය කලේය.නිර්මාණකරනයෙන් අප පිනවූ ඔහුට අප කෘත ගුණ සැළකුවේද?ඔහුගේ ආදරණීය බිරිඳගේ කතාව අහමු...




මාගරිටා පීරිස්
සංගීත ලෝකයේ පෙරළිකාර මෙන්ම වෙනසක් කළ සංගීත වේදියෙකු ජීවිතයෙන් සමුගෙන මේ ඔක්තෝබර් මාසයට වසර දහයක් සපිරෙනවා.
එදා මෙදා තුර ඔහු සංගීතවත් කළ ගීත ගණනාවක් ජනපි‍්‍රයත්වයේ ඉහළටම ඔහු රැගෙන ගියා.
‘ෆෝචූන්ස්’ සංගීත කණ්ඩායම හරහා පෙරළිකාර වෙනසක් කළ ඔහු සංගීතවේදි ස්ටැන්ලි පීරිස්.
වසර දහයක් සපිරෙන ඔහුගේ නික්ම යෑමෙන් අදටත් ආදරණීය බිරිය මාගරිටා පීරිස් පසුවන්නේ කලකිරීමකින් මෙන් ම ලොකු දුකකින්.
”ස්ටැන්ලි නැතිවෙලා අවුරුදු දහයක් ගෙවුණත් අපි ගැන හොයන්න බලන්න කෙනෙක් නැහැ. අද එයාගේ ගීත හොරෙන් කරනවා. සත පහක්වත් එයා වෙනුවෙන් නැහැ. අපි කියන්නේ අඩුම තරමේ එයාගේ නමවත් දාන්න කියලයි. අපිට නඩු කියන්න යන්න බැහැ. අපි හරිම අහිංසක මිනිස්සු. රජයෙන්වත් අපිට සහනයක් නැහැ. අපි ගැන සොයා බැලීමක් නැහැ. ස්ටැන්ලි ගොඩක් ජනතාව වෙනුවෙන් වැඩ කළා. එයා ළඟ පක්‍ෂ පාට භේදයක් තිබුණේ නැහැ. ‘ෆෝචූන්ස්’ සංගීත කණ්ඩායමත් රැගෙන ඉහළටම එයාලා ගියා. ඒ නිසාම එයා ජීවතුන් අතර ඉන්දෙද්දි ගොඩක් අයට උදව් කළා. ඒත් ඒ කිසිම කෙනෙක් අද අපි ගැන සොයා බලන්නේ නෑ. ස්ටැන්ලි වෙනුවෙන් සමරුවක් වත් නැහැ.
ගොඩක් දෙනෙක් අද ස්ටැන්ලිගේ ගීත ඉල්ලනවා. ඒත් මට දෙන්න බයයි ඒවා විනාශ වෙයි කියලා.
හැමෝගෙම සින්දුවලට ස්ටැන්ලි උදව් කරලා තියෙනවා. ඒත් ෂෝ එකකටවත් එයාගේ නමක් කියන්නේ නැහැ. අපිට ජනාධිපතිතුමාට මේ දුක කියන්න තියෙනවා නම් හොඳයි. ඒත් එහෙම යන්න අපට ශක්තියක් නැහැ. එතුමාව දැනුවත් කරන්න මාර්ගය පෙන්නලා දෙනවා නම් ඒක ලොකු පිනක්. අවුරුදු දහයක් ගෙවෙනකොට එයා වෙනුවෙන් උපහාරයක්වත් පුද කරන්න කවුරු හරි පෙලඹෙනවා නම් ඇත්තටම ඒක ස්ටැන්ලි රටට කරපු සේවයට ලොකු පිනක්




0 comments: