Wednesday, December 19, 2012
මේක බොහොම සංවේදී පුවතක් ඒත් මේ ගැන හැම කෙනෙක් ම දැනගන්න ඕන. මිනිස් ජීවිතය මුදල් වලට කොයිතරම් යට වෙලාද? මේ වගේ ලෝකයක ජීවත් වෙනවද අපි? මේ කතාවට පාදක වෙන්නේ ඉරිදාපොළ මකුළුවගොඩ ජි.උපාලි ගුණතිලක.ඔහුගේ බිරිඳට සුළු ශල්‍ය කර්මයක් කිරීමට හදිස්සියේ පුද්ගලික රෝහලකට ඇතුලත් කරලා තියනවා.ඒ මේ වසරේ අප්‍රේල් මාසේ 5 වෙනිදා ඒ සැත්කමට වියදම රුපියල් 200,000 පමණ වෙන බව කියල තියනවා.ආබාධය උදරයේ කුඩා ගෙඩියක් .....ඒ සැත්කම කලාට පස්සේ සාමාන්‍ය විදියට වාට්ටුවට දාලා තියනවා ඒත් දවස් 2කට විතර පස්සේ උදරයෙන් යම් දියරයක් වහනය වෙලා තියනවා මේ ගැන දැනුම් දුන්නාම ආපහු ශල්‍යකර්මයකට අරගෙන. කොහොම උනත් ඒ දොස්තරලට වැඩේ අමාරු වෙලා කළුබෝවිල රජයේ රෝහලට ලෙඩාව වහාම මාරු කරලා එවල තියනවා.හදිසි සැත්කමකින් පස්සෙයි වැඩේ ඇත්ත නැත්ත දැනගෙන තියෙන්නේ.
ඒ ශල්‍ය කර්මය කරල තියෙන්නේ ඒ ගැන දන්නා වෛද්‍යවරයෙක් නෙවේලු.ඒ වෛද්‍යවරයට මුදල් දෙන්න තියන ලෝබකමට ඒ ශල්‍යකර්මය කරලා තියෙන්නේ උදරය ගැන දන්නා වෛද්‍යවරු නෙවේ කියල පුද්ගලික රෝහලෙන් ආරංචියි.ඊට වඩා පුදුම සිදුවීම රු.847,000 බිලක් ගෙවන්නත් වෙලා තියනවා..මේ සැත්කමට භාජනය උන ලෙඩා මේ දක්වා රජයේ රෝහලේ ප්‍රතිකාර ලබල ගිය සතියේ මිය ගියා...ගුණතිලක මහත්මයාගේ වයස අවුරුදු 13 දුව , රෝහලේ බිල ගෙවනකම් ප්‍රාණ ඇපයට තියාගෙන තියනවා
අන්තිමට ඒ සැත්කමේ වරදින් අවුරුදු 13ක දියණියට අම්මා නැති උනා.මහත්තයට නෝනා නැති උනා.වරද බාර ගන්නේ කවුද? මේවට වග කියන්නේකවුද?මේ අය මුදල් පස්සේ හමායාම නවතින්නේ කවදාද? මිනිස් ජීවිතයක වටිනාකම කීයද?කවුද මේ ගැන කතා කරන්නේ?මේ ගැන හිතන්න ඔබට බාරයි.