Theater - රඟහල ~ Sakuna Radio සකුණ රේඩියෝව

Theater - රඟහල

Swara - ස්වර සිංහල චිත්‍රපටය

ඔවුන් එකම අරමුණක් පෙරදැරි කොට ගනිමින් දිගු ගමනකය. ජීවත්වීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවය. ගෙවෙනා හැමතත්ත්පරයකම ඔවුන් තමන්ගේ ඊළඟ තත්ත්පර කිහිපය ගැන සිහින දුටුවෝය.
සැබෑය . . .
සැබෑවටම ඔවුන් ජීවත්වීමට පොර බැදුවෝය.
එච්. අයි. වී වෛරසය ශරීරයේ සෑම තැනකම දැවටී ඇති බව දැනගත් මොහොතේ සිටම මේ තැන තැන ජීවත් වූ පිරිස දිවි ගෙවූවේ අනපේක්ෂිත මරණය අපේක්ෂාවෙනි. නමුදු ඔවුන් මේ සොඳුරු ලොව අතැර යන්නට නොහැකිව දිරියෙන් නැගී සිටියෝය. ඔවුන්ගේ අපූරු කතාවයි ස්වර’.
එච්. අයි. වී වෛරසය ශරීරගතව මියෙමින් සතුටින් දුක දරාගන්නා ඔවුන්ගේ ජීවිත අන්දරය දුක්බරිතය.
නර්මදා තමාගේ ජීවිතය බවට පත්කර ගත්තේ සංගීතයයි. සංගීතයේ මියුරු ස්වර අතර ඈ ළෙණ්ගතුව කාලය ගෙවුවාය. වරෙක මිමිණෙන ගීතයකතවත් විටෙක වැයෙන තනුවක ඉමිහිරියාව අතරේ ඈ ජීවිතය ගෙවමින් උන්නේ නිස්කලංකවය. එක් වරම ඒ මියුරු හදවත කැඩී බිඳී ගියේය. තමා එච්. අයි. වී ආබාධිතයකු බව දැනගත් මොහොතේ මෙලොවම ගුගුරා හැලෙන බවක් ඇයට දැනුණාය.
ඇය නිවෙසට පැමිණියේ ලැජ්ජාවකනස්සල්ලමෙන්ම කෝපය ද පිට කරමිනි. නිවෙසේ බිත්ති හතර ගිණිගෙන දැවෙන බවක් ඇයට දැනුණි. අවලමේ ගිය ගැහැනියක සේ සමාජයේ හංවඩු ගැසෙද්දී නර්මදා සියල්ල දරා ගනිමින් ජීවිතය වින්දාය. මෙවන් විපතක් කිසිම කෙනෙකුට අත් නොවේවා’ නර්මදා පිවිතුරු හැඟුමෙන් දෙවියන් යැද්දාය. තමා නිවැරැදි බව ඈ දැන උන්නාය. නර්මදාට මේ දුක දුන්නේ කවුරුන්දඈ සියල්ල ඉවසා වදාරමින් යැද්දාය.
නර්මදා තවත් කිසි අයකුට මේ දුක උරුම නොවේවා යයි දෙවියන්ට කන්නලව් කළ ද ඈ මෙන් දුක්විඳින තවත් බොහෝ දෙනකු විසිරී සිටින බව ඈ නොදත්තාය.
විහාරා ද නර්මදා මෙන්ම ජීවිතය හඹා ගියාය. පියවරෙන් පියවර සුපිරි නිරූපිකාවක වූ විහාරා ජීවිතයේ අවුල් වියවුල් යායක පැටලී උන්නාය. දිනෙන් දින නොවිසඳුණු ප්‍රශ්න හමුවේ ඈ තමා විසින්ම උත්තරයක් තනා ගත්තාය. මේ සියල්ලටම විසඳුම මත් ද්‍රව්‍ය බව ඈස්ථිරවම තීරණය කළාය. මතින් ගත අප්‍රාණික වූ කල්හි මුලු ලොවම මිහිරි යයි ඇයට දැනුණි. නමුත් එක් මොහොතක ඇගේ ජීවිතයම කඩා වැටුණේ මත් ද්‍රව්‍ය එන්නත් කටුව මත් ද්‍රව්‍ය සමඟ ඇගේ ගතට එච්. අයි. වී වෛරසය ද එන්නත් කළ බව දැන ගැනීමත් සමඟය.
මේ අතරතුරදී ඇය සිඟිති දියණියකට අම්මා වූවාය. උත්තරීතර මව් පදවියත්පාපතර එච්. අයි. වී වෛරසයත් අතර ජීවිතය සමඟ පොර බැදුවාය. දෑස අහිමිව ලොව දිනන්නට වෙර දරන සිඟිති දියණී අංජලීට මෙලොව සොඳුරු දේ පෙන්වීම වෙනුවෙන් ජීවත් විය යුතු යයි විහාරා සිතුවාය. කිසිදු දෙයක් නොදත් කිරිකැටි දියණිය අංජලී සමාජය විසින් පිළිකුල් කොට කොන් කර දැමුවේ ඇයට ඉගෙනීමට පාසලක් පවා අහිමි කරමිනි.
අංජලීගේ ජීවිතය වෙනුවෙන් නර්මදා ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ජීවිතවලට තම තමන්ගේ සිතේ ජවය ආරෝපණය කරගත් ඔවුන් එච්. අයි. වී වෛරසය පැරදවීමට වඩා සමාජ මත බිඳීමට පොර බැදුවෝය.
පද්මා ද මේ කණ්ඩායමට එල්ලවන පොදු ප්‍රශ්න රාමුවේ තනි වූවාය. ඈ කලකට ඉහත විදෙස් රැකියාවක් පතා ගියේ දරුවන්ගේ අරමුණු දිනවන්නටය. නමුදු ඈ නැවත ගෙපැලට ගොඩ වූයේ එච්. අයි. වී ආසාධිතයකු ලෙසිනි. සියලු දෙයින් ශක්තිමත් වූ පද්මා ජීවිතයෙන් පලා යාම වෙනුවට තවත් පිරිසකට දිරියෙන් ජීවිතය දිනවන්නට කැපවීමට ඉටා ගත්තාය.
තැන තැන ජීවත්වන එකම ප්‍රශ්නයෙන් දැවෙන පිරිස අතර ජෝ ද තමාගේ පැතුම් ගොන්න ගුලි කොට විසි කළේ තමා එච්. අයි. වී ආසාධිතයකු බව දැනගත් මොහොතේය. කුඩා කල සිටම පිරිමියකු ද ගැහැනියකු ද වග නොදත් ජෝ අවසන තමා ගැහැනියක බව වටහා ගත්තාය. බෙලහීනතාවය ඔච්චමට ලක්වෙමින් සොච්චමට විකිණෙන බව ඔහු දැන උන්නේය. තමා මිය යා යුතු යයි ඈ සිතුවාය.නමුදු ලොවෙහි තමා ගේ ජීවිතය තීරණය විය යුතු ආකාරයක් ඇතැයි ජෝ කල්පනා කළාය.
තැන තැන විසිරී ජීවත්වන මේ පැන සිත තුළ දරාගත් පුද්ගල අහුර ජීවිතයේ විවිධ දෝමනස්සයන් හමුවේ තම තමන්ගේ දුක ගලපා ගන්නා ආකාරය ස්වර’ තුළ කතාබහ කෙරෙයි. වාර්තාමය චිත්‍රපටයක් නොවන ස්වර’ විවිධ සමාජ පන්තිවල ජීවත්වන එච්. අයි. වීආසාධිතයන් කේන්ද්‍ර කොට ගනිමින් ගෙතී ඇති අපූරු කතා පුවතකි.





Ini Aawan - Him Here after
Film By Ashoka Handagama



2009 ලංකාවේ කුරිරු යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ ද්‍රවිඩ තරුණයාට අත්විය හැකි ඉරණම පිළිබඳ අංශු මාත්‍රයක්. ඉනි අවන්  - මෙහි තේරුම ඊට පස්සේ ඔහු / තේරුම තනි වචනයක ගතහොත් ඉනිඅවන් - සුන්දර මිනිසා  
 

Promised Land
Releasing date 28 12 2012  



මේ වසරේ ලොව වටා ප්‍රදර්ශනය  වන අන්තිම චිත්‍රපට අතරේ ඇති ඔස්කාර් සම්මාන උළෙල සඳහා  ප්‍රදර්ශණයට නිර්මිත මෙම චිත්‍රපටය 28 වනදා පළමු වරට රිදී තිරයට පැමිණේ.එය ‍ලොව වටා ජනවාරි 4 වනදා ප්‍රදර්ශනයට නියමිතයි. ස්වභාවික ගෑස්   සමාගමක  කරුවෙකු අලවිකරුවෙකු ලෙස සේවය කරන්නෙකු වටා ගෙතී ඇති මෙම  චිත්‍රපටයේ කතා පුවත  කුඩා නගරයක් ද කේන්ද්‍ර කර ගනී. Borni  Identity  චිත්‍රපට මාලාවේ කතා නායකයා වන Mat Damon නම් ජනප්‍රිය නළුවා මෙහි ප්‍රධාන චරිතයට පන පොවයි    







Lord of the Ring චිත්‍රපට මාලාව ගෙනා පීටර් ජැක්සන්ගේ අලුත්ම සිනමා පටය  දෙසැම්බර් 14 වන සිකුරාදා ලොව වටා ප්‍රදර්ශනයට පැමිණේ 
Releasing 14 of December   
HOBBIT
This prequel to The Lord of the Rings trilogy follows Bilbo Baggins, an upstanding member of the "little people,” on the hazardous journey with Gandalf the Grey. Together
 with 13 fortune-seeking dwarves, Bilbo Baggins will be swept out his door and into a dangerous but grand adventure through the Lonely Mountains, where he must contend against all manner of enemies, from dragons, to giant spiders, hostile elves, ravenous wolves, and – perhaps the most perilous of all – a subterranean creature named Gollum from whom Bilbo wins a magical ring (the ring that rules them all) in a riddling contest!



කර්ම 
Karma -Sinhala Movie

this is a New Arrival of Prasanna Jayakodi
Two - residences separate by a single wall ....on one side a single young man on other lovers reunited after many years....
4 Chapters - One Film
Gaze      -    the life of a young man who peers over a partition ..........
Breath    -   one the other side the lost hopes of delayed youthfulness.....
Melt       -   in the midst of it all the discovery of personal space by the single young man and the woman on             the other side of the partition
Catharsis-  the three who sought themselves in others' lives discovering hoses other lives



නියෝජනය කල සම්මාන උළෙලවල්


ප්‍රසන්න ජයකොඩිගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘කර්ම‘  රීගල් ප්‍රමුඛ සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමාහල්වලදී ප්‍රදර්ශනය ඇරඹේ.
“තම මවගේ වියෝව පිළිබඳ ස්වයං වරදකාරී හැඟීමක පසුවන පියල් තම ජීවිතය තුළ ඇති වනු ලැබූ රික්තය පුවනු වස් යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැනගන්නා ඇගේ පෙම්වතා වන නදී තුළ ඇය කෙරේ පෙර තිබූ ඇල්ම කෙමෙන් අඩුවෙන්නට පටන් ගනී.
තම බාහිර රූප සොබාව කෙමෙන් වැයැකී ගියද පියල් තමා කෙරේ ඇති හැඟීම් හුදෙක්ම ලිංගික කාරණයක් බව සිතනා අමන්දා පියල්ව ඉන් නිදහස් කිරීමේ අටියෙන් ඔහුව පොළොඹවා ගනී.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙනා මරණාසන්න රෝගියෙකු බවත්, ඈ දැනටමත් එක් පියයුරක් ඉවත් කළ තැනැත්තියක් බව දැනගන්නා තමා තම මව හා සංවාසයේ යෙදුනා මෙන් හැඟීමකින් කම්පාවට පත් වේ.
තමා තුළ ඇති වූ වරදකාරී හැඟිමෙන් නිදහස් වනු වස් පියල් විසින් අමන්දාව ඇගේ මරණය දක්වා රැක බලා ගනු ලබයි.
මානව සම්බන්ධතා පිළිබඳව තමා තුළ මුල්බැසගත්තා වූ දුර්මත පසෙක ලා පියල් තම මවගේ අභාවය යථාර්ථයක් ලෙස භාරගැනීමට පෙළඹේ.
‘කර්ම සිනමා කෘතිය මේ වන විට ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකම නියෝජනය කරන්නට තෝරාගනු ලැබූ සිනමා නිර්මාණයකි.
අධ්‍යක්ෂණය-ප්‍රසන්න ජයකොඩි
නිෂ්පාදනය-සිලෝන තියටර් හෝල්ඩින්ස්(පුද්.)සමාගම/ ස්කයි එන්ටර්ටේනර් (පුද්.) සමාගම/ මැජික් ලැන්ටර්න් (පුද්.) සමාගම
තරරචනය-ප්‍රසන්න ජයකොඩි/ ජගත් මනුවර්ණ
කැමරා අධ්‍යක්ෂණය-පාලිත පෙරේරා
කැමරාකරණය- චින්තන සෝමකීර්ති
සංස්කරණය- රංගන සිංහාරගේ/ භාතිය දුනුසිංහ/ සුදේශ් කුමාරසිංහ
සංගීත අධ්‍යක්ෂණය- නදීක ගුරුගේ/සුමුදු ගුරුගේ
සහය අධ්‍යක්ෂණය- අසෝක අතාවුදහෙට්ටි
වේෂ නිරූපනය- නාරද තොටගමුව
නිෂ්පාදන විධායක- රසිත ජිනසේන
නිෂ්පාදන කළමනාකරණය- නිශාන්ත පද්මකුමාර
නිස්පාදන සම්බන්ධීකරණය- නිරෝෂන් වෙලගෙදර
රංගනය- මචෙල් හර්ෆ්ටි, ජගත් මනුවර්ණ, නදීක ගුරුගේ






Sinister 
Releasing  12th October

Sinister is a frightening new thriller from the producer of the Paranormal Activity films and the writer-director of The Exorcism of Emily Rose.
Ethan Hawke plays a true crime novelist who discovers a box of mysterious,
disturbing home movies that plunge his family into a nightmarish experience of supernatural horror.



0 comments: