මම කිසිසෙත් මරණයට බිය නොවෙමි. එහෙත් මට ඇතැම්විට මරණය ගැන බියක් දැනේ. යම් හෙයිකින් මා මලදාක ඔබගේ පියා මලේ කුමකින් දැයි? පාසලේ සහොදර ශිය්‍යයෙකු මගෙ පුත්‍රයාගෙන් විමසු කලෙක මගේ පියා මලේ බයිස්කොප් එකක තරුණියක් සමග මල් ගස් වට නටමින් ගී ගයද්දී හැදුන පපුවෙ අමාරුවකින් යයි පිලිතුරු දීමට මගෙ පුත්‍රයාට සිදුවේ. ඒ නිසා මම අද බියෙන් පසු වෙමි. මට ඕනේ එවන් මරණයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ කොළ කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකින් හෝ මගෙ හිස කුඩු පට්ටම් වි මිය යන්නට ලබුනොත් මට එයට වඩා සැපක් නැත.
ශ්‍රී ලංකා මහජන පක්ෂයෙ නායක විජය කුමාරතුනංග මහතා අද දහවල් නාඳුනන තුවක්කු කරුවකුගෙ වෙඩි පහරින් මිය ගියේය.
ඒ විජය කුමාරතුනංග නම් මානව හිතවාදියාගේ මිය ගිය පුවත ගුවන් විදුලියෙන් වාර්තා කලේ ඒ අයුරිනි. විජය මරා දමා 1988 පෙබරවරි 16 වන දින සිට අදට වසර 25කි ඔහු මරා දැමීම ජනතා විමුක්ති පෙරමුන විසින් කරන ලද්දක් බව එවකට මුලු රටෙම එකම මතය විය. කෙසේ උවද විජය කව්රුත් දන්නා පරිදි දක්ෂ ජනප්‍රිය නලුවෙකි. හොඳ ගායකයෙකි.දේශපාලනය කෙසේ වෙතත් ඔහු සැබවින්ම මනුෂ්‍යයෙකි 1945 ඔක්තොබර් 9 වන දා ජාඇල දී මෙලොව එලිය දුටු ඔහු වඩා ජනප්‍රියත්වයට පත් වුයේ සිංහල සිනමාවේ නලුවෙකු ලෙසය 1967 වසරෙ පුවත්පත් දැන්වීමක් මගින් අලුත් චිත්‍රපටයකතරුන නලුවකු සුගතපාල සෙනරත් යාපා සොයන්නට පටන් ගත්තේය කොල්ලුපිට්ය හේග් පාරෙ නිවසෙ තිබු මෙම පරික්ෂනය සඳහා තරුණයෝ 540 සහභාගි විය විශ්ව විද්‍යාලයෙ කතා පුවතක් වටා ගෙතුනු මෙම චිත්‍රපටය සඳහා සමහර නලු නිලියො එවිටත් තෝරාගෙන තිබිනි හීන් දැලි රැවුලක් ඇති බොකුටු කොන්ඩයක් හිමි තරුණයෙකු ව මේ සඳහා තෝරාගත්තේය..ඔහු විජය කුමාරතුංග විය 1970 අප්‍රියෙල් මාසයෙ තිරගත වු හන්තානේ කතාවෙන් ඔහු රිදි තිරය ජය ගත්තේය
‘හන්තානේ කතාව‘ තුළින් දුටු දැකුම් කළු තරුණයාගේ චරිතය තව තවත් තහවුරු කෙරෙන චරිත ඉන් පසු ඔහුට ලැබිණි.
තුෂාරා’ (1973),යසපාලිත නානායක්කාර
දුලීකා’ (1974)කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා,
සිකුරු ලියා’ (1975),එච්. ඩී. පේ‍්‍රමරත්න
සංගීතා’ (1975)තිමති වීරරත්න
පෙම්බරමධු’ (1977) සුගතපාල සෙනරත් යාපා ඒ සුවිශේෂ දායකත්වයන්ය
ඉන් පසු ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර, සුනිල් ආරියරත්න යන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයන්ට සම්බන්ධ වෙමින් සිය නිර්මාණ කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කළ ද නළුවෙක් ලෙස සිය ස්ථාවරය පවත්වාගෙන යාමටත් අඛණ්ඩව ජනප්‍රිය නළු කිරුළ රඳවා ගැනීමටත් ඉවහල් වූයේ ආරම්භයේ දීම රසිකයන් ඔහු කෙරෙන් දුටු දැකුම්කළු ප්‍රසන්න යෞවනයාගේ චරිතය නඩත්තු කිරීම සඳහා ඔහු වෙත එකපිට එක ලැබුණේ චිත්‍රපට ගංඟාවකි
ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව‘ (1974) ලාංකීය සිනමාවේ නව සංධිස්ථානයක් සටහන් කෙළේ ය. විජයගේ දායකත්වය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට මෙන්ම පතිරාජ විසින් ඉන් අනතුරුව නිර්මාණය කළ එයා දැන් ලොකු ළමයෙක් (1977), බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) චිත්‍රපටවල සාර්ථකත්වයට ද විජයගේ ප්‍රතිභාපූර්ණ රංගනය බලපෑවේ ය.ය.
විජය කුමාරතුංග ප්‍රවීණ සිනමා පටයක ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ නිර්මාණයකට මුල්වරට සම්බන්ධ වන්නේ 1976 දී ය. ඒ කුවේර රාජ්‍යයක් ගොඩනඟාගෙන සිටි නරපතියෙක්ගේ චරිතයක් වටා නිර්මාණය වූ the god king චිත්‍රපටයේ ය. විජය එහි ලලිත් නම් සෙනෙවියෙකුගේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කෙළේ ය.
ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් අනතුරුව නිෂ්පාදනය කරන ලද අහසින් පොළොවට (1978) හා බැද්දේගම (1981) චිත්‍රපට සඳහා ද විජයගේ සම්මාදම ලැබුණු අතර එම චිත්‍රපට ත්‍රිත්වය අතරින් ‘බබුන්’ නම් වූ යටත් විජිත පාලන තන්ත්‍රයේත් පීඩාවට පත් ගැමියාගේ චරිතය විජය කුමාරතුංග නිරූපණය කළ ආකාරය ප්‍රශංසනීයයි.
විජය ජනප්‍රිය නළුවෙක් ලෙස කෙතරම් ස්ථාවරයක් රඳවාගෙන සිටියද ඔහු කලාත්මක සිනමාව තුළ තවදුරටත් රැඳී සිටීමට ඇති අවශ්‍යතාවය හැම විටම අගය කෙළේ ය. එවැනි කෘතියකට ඔහුට ආරාධනා ලැබුණු විට ඔහු ඉමහත් කැපවීමකින් ඒ කටයුත්ත සඳහා සහභාගී විය.
ඔහුගේ රංගන දිවියේ අග්‍රඵලය ලෙස වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා’ (1989) චිත්‍රපටයේ රඟපෑ ‘ධනරත්න’ගේ චරිතය හැඳින් විය හැක. විජය එයට පෙර වසන්තගේ ම දියමන්ති (1976) චිත්‍රපටයට ද සම්බන්ධ වී තිබිණ.
රංගන ශිල්පියෙක් ලෙස විජය කුමාරතුංග අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකවරුන්ට පහසුවෙන් ගනු දෙනු කළ හැකි චරිතයක් විය. නළුවෙක් ලෙස ජනප්‍රියත්වයට ඉහළ සිටි ඔහු රඟපෑමේ දී සැප පහසුකම් ඉල්ලා සිටියේ නැත. ඔහු සමහර චිත්‍රපටවලට සම්බන්ධ වී තිබෙන්නේ මුදල් අය කිරීමකින් තොරව ය.ඒ ඔහුගේ හැටියකි.ඔහු මනුස්සයෙක් යැයි කිව හැක්කේ ඒ නිසාය
විජය කුමාරතුංග නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියාගේ හැකියාවෙන් වැඩක් ගත් චිත්‍රපට හැටියට තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ (1980) හා මහගෙදරත් (1982) සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ (1980) හා සුනිල් ආරියරත්නගේ ක්‍රිස්තු චරිතය (1990) සැලකිය හැක. විජය ක්‍රිස්තු චරිතය “චිත්‍රපටයේ රඟපාන අවධියේ තමන් නිරූපණය කළ චරිතය ගැන සඳහන් කරමින් පවසා තිබුණේ “ මේ චිත්‍රපටයේ රඟපා මම මැරුණත් කමක් නැහැ” යනුවෙනි.
ඔහු රඟපෑ මිහිදුම් සිහින (1982) යස ඉසුරු (1982) මරුවා සමඟ වාසේ (1977) වැනි චිත්‍රපට පේ‍්‍රක්ෂකයන් අදත් ස්මරණය කරති. විජය පෙම්වතාගෙන් පටන්ගෙන අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන් සටන් වදින චරිත නිරූපණය කරමින් ගොඩනඟා ගත් පෙරළිකාරී චරිතය පසුව දේශපාලනය උදෙසා ද ජීවිතය ආයෝජනය කෙළේ ය
විජය ජීවිතය ආයෝජනයේ නියම ප්‍රතිලාභය ලැබුවේය. මේ කාලකන්නි පාදඩ සමාජය ඔහුට ජීවත් වීමට ඉඩ දුන්නෙ නැත. ඔහුගේ බිරිඳ පසු කලෙක ජනාධිපති වුවද මිනිමරුවන් නීතිය ඉදිරියට ගෙන මිය ගිය මානව හිතවාදියාට සාධාරණයක් ඉටු කලේද? අපි ඔහු වෙනුවෙන් කුමක් කරන්නද?