පොත - සුමන මතක
කර්තෘ - සුමන ආලෝක බණ්ඩාර
දවසක් සුගත් (සුගතපාල ද සිල්වා) හම්බවෙන්ඩ ගුවන්විදුලියට ගිහිල්ලා ඉන්න කොට මාස්ටර් (පේ‍්‍රමසිරි කේමදාස) ආවා. කටපුරා හිනාවක් දාලා විමසීම් කවුන්ටරේට ගියා. ඒකේ ලස්සන කෙළි පොඩිත්තියක් හිනා කටක් වපුරාගෙන ඉන්නවා. ඊට එහායින් මට මතක හැටියට හිටියේ ඇග්නස් සිරිසේන. සමහරවිට වෙන කෙනෙක් වෙන්ඩත් පුළුවන්. මාස්ටර් කෙළි පොඩිත්තියට මොනවාදෝ හෙමින් කීවා. කෙළි පොඩිත්තියත් “හිහික්” කියල සද්ද ඇති හිනාවක් දාල ළඟ හිටපු කෙනාගෙන් අහනවා “කවුද මෙයා අමරදේව කියන්නේ?” කියල. මාස්ටර් අහල තියෙන්නේ අමරදේව මහත්තය හම්බවෙන්ඩ පුළුවන්ද කියල. අර වචන ඇහුණ විතරයි මාස්ටර් වෙව්ලන්ඩ ගත්තා. කෙහෙ රැළි නළලට කඩා වැටිල. ..... වචනෙන් පටන් අරගෙන කුණුහරුප ඉවරයි. එතන ඉඳල තියෙන්නේ අර ‘ලන්සි පැපොල්’ ඇමැතිතුමාගෙ නෑදෑවෙන කෙළිත්තියක්. පස්සේ එතන හිටපු අනිත් නිලධාරිනියයි තවත් කීප දෙනෙකුයි එකතු වෙලා තමයි මාස්ටර් යාන්තමට අස්වසා ගත්තේ.