අද ලංකවේ ප්‍රධානම මාතෘකාවලින් එකක් වන්නේ විදුලිබිලයි. ඒ විදුලිබලමනඩලය ලබන පාඩුව මගහැර ගැනීම වෙනුවෙන් බව එහි සභාපති වරයා වන ගනේගල මහතා කිහිපවිටක් අවධානය කළේය කෙසේවෙතත් පසුගිය මැයි පළවෙනිදා ජනාධිපති වරයා ලබාදුන් සහනය පිළිබඳවද ගැටළු මතු වී තිබේ.එතුමා කියූ පරිදි එකක 60 දක්වා සහනය දෙනබව කියුවද පැරණි ගාස්තු ක්‍රමය අනුව රු 317ක් වන විදුලි ගාස්තුව රු 412 දක්වා ඉබේම ඉහල ගොස් තිබේ එකක 60 දක්වා අපරටේ විදුලිපරිභෝගිකයෝ ලක්ෂ 13ක් සිටිති එහෙත් ඉන් එහාට එකක 61 සිට 90 දක්වා ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් විදුලිය පරිහරණය කරයි එහෙත් ඒ ගාස්තු ක්‍රමය පිලිබදව පැහැදිලි ප්‍රකාශයක් නොමැති වීම කණගාටුවට කරුණකි.කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ නව සංශෝධන සඳහා අනුමැතිය ලබාදීමට අවසන් සාකච්ඡාව අද (08) පවත්වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
අද පස්වරුවේ කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා මෙම සාකච්ඡාව පවත්වන බවත්
ඉහළ දැමූ ගාස්තු යළි සංශෝධනය කිරීම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල මහා භාණ්ඩාගාරයෙන් සපයන්නේ ද යන්න වග මුදල් අමාත්‍යංශයෙන් විමසීමට නියමිත බව ද ජයතිස්ස ද කොස්තා මහතා සඳහන් කළේය.
අදාළ මුදල මහා භාණ්ඩාගාරයෙන් පියවන බවට දැනුම් දුන් පසුව නව සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පවසයි.