මුත්තයියා මුරලිදරන් පිළිතුරු දෙයි Murali give answers to NDTV
Friday, March 29, 2013
No comments
ශ්‍රී ලංකා කණඩායමට ක්‍රීඩා කරමින් කීර්තියක් ගෙනදුන් මුත්තයියා මුරලිදරන් තමිල්නාඩු සිංහල එරෙහි අරගලයට කදිම පිළිතුරක් දී තිබේ. ඔහු මේ ගැන අදහස් දක්වා ඇත්තේ ඉන්දියාවේ NDTV නාලිකාව ඔහු සමග පැවතී සාකච්ඡාවකදී මුල අමතක නොකළ මුරලිගෙන් හැකිතාක් හරස් ප්‍රශ්න අසමින් නිවේදකයා උත්සාහ කලේ ගැටුම ඇවිලීමටය. නමුත් බුද්ධිමත්ව පිළිතුරු දුන් මුරලිගේ ප්‍රකාශය අපේ රටේ නියම පුත්‍රයෙකුගේ ප්‍රකාශයකි. අද මට ඉතාම ශෝක ජනක දවසක්.මගේ බිරිද උපන්නෙත් චෙන්නායි වල. අපේ ක්‍රීඩකයනට චෙන්නායි ක්‍රීඩා කිරීමට නොදීම පටු දේශපාලන වාසී මත මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමක්. මම ලංකාවේ කණඩායමට අවුරුදු 20 සෙල්ලම් කල මට කිසිම ගැටළුවක් ආවේ නෑ. අපි කණ්ඩායමක් හැටියට සෙල්ලම් කලා මට කිසිම වෙනස්කම කලේ නෑ .අපේ රටේ යුද්ධයක් තිබුනා. දැන් ඒක ඉවරයි. අපි හැමෝම සතුටෙන් ජීවත් වෙනවා. මේක ඔවුන්ගේ දේශපාලන ගැටළුවක් '' මුරලි අපිට ඔබ ගැන ආඩම්බරයි