war crimes in Sri Lanka ලංකාවේ යුධ අපරාධ
Wednesday, February 27, 2013
No comments
මානව හිමිකම කෞන්සිලයේ 20 වන සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයේ මහා කොමසාරිස් වන නවනන්දනී පිල්ලේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව තුල දැවැන්ත ලෙස යුධ අපරාධ සිදු වී ඇති බවයි. එහි සත්‍ය තාවයක් ඇත. ලංකවේ සිටි උගතුන් දේශපාලන නායකයන් පවා LTTE නමැති ත්‍රසතවාදී සංවිධානය ඝාතනය කර තිබේ.
දැනට ඊනියා දෙමල ඩියස් පෝරාව විවිධ රටවල ක්‍රියාත්මක වෙමින් විවිධ අන්දමේ මඩ ප්‍රචාරක ක්‍රම භාවිත කරමින් ලංකවේ මානව හිමිකම් උල්ලංඝනය වුබවට ඔප්පුකිරීමට වෙර දැරීම පවතින වාතාවරණය නැති කිරීමට අර අදින තවත් මගඩියකි. පහත රුප පෙලින් දැක්වෙන්නේ LTTE නම් කුරිරි ත්‍රස්ත වාදී සංවිධානය විසින් අමු අමුවේ මහමගදී ඝාතනය කල සහ තුවාල සිදුකල අපරටේ දේශපාලන නායකයන් සහ උගතුන් බුද්ධි මතුන්ය...අපරටේ එවකට හමුදා පති වරයද එඅ අතර සිටි ආරක්ෂක ඇමති වරයෙක් හිටපු ජනාධි පතුවරයෙක් ජනාධිපතිවරිය විදේශ කටයුතු ඇමති වරයෙක් තව බොහෝ පිරිස් පහත රුපපෙලෙහි වෙයි. එවිට මානව හිමිකම් කෞන්සිලය හිටියේ බුදියගෙන හෝ නිදිවැදගෙනය. නැත්නම් මේ මියගිය මිනිසුන් මනවයන්ද නොවේ. නවනන්දනී පිල්ලේ නමැති කොමසාරිස් වරිය එවිට හිටියේ මවගේ කුසේද? නැත ඇයගේ අරමුණ මනවයනට සාධාරණයක් කිරීම නෙවේ රටකට අංචියක් ඇද දෙමල දිය්ස්පොරවෙන් තම මඩිය තරකර ගැනීමයි. ඔබ ලාංකිකයෙක් නම් මෙයට එරෙහි වන්න
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා
ගාමිණී දිසානායක ජනාධිපති අපේක්ෂක
හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගේ රියට බෝමිබ
ජනපති ප්‍රේමදාස මැතිතුමා
බිරිඳට සැමියා අහිමිව මානව හිමිකමි කඩ නොවී
ඔසී අබේගුණසේකර
ආරක්ෂක ඇමති රන්ජන් විජයරත්න
විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්
2013 ඔස්කාර් සම්මාන උළෙල Oscar Awards 2013
Tuesday, February 26, 2013
No comments
2013 ඔස්කාර් සම්මාන උළෙල මෙවරද ඇති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුවා මෙවරද චිත්‍රපට රාශියක් ඉදිරිපත් වූ තිබු අතර විවිධ අංශ වල සිනමාපට ප්‍රදරශනය වීම මෙවර විශේෂයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙස ඔස්ට්‍රියාවේ Argo චිත්‍රපටය සම්මාන ලැබුවා. නිර්දේශිත සහ ජයග්‍රාහී සිනමාපට නාමලේඛනය පහතින්....
අපට කවදා ඔස්කාර් සම්මානයක් ලැබේද?
2013 Oscar Winners
Winners are highlighted in red.
BEST PICTURE
Amour
Argo - Watch Trailer Click here...
Beasts of the Southern Wild
Django Unchained
Lincoln
Les Miserables
Life of Pi
Silver Linings Playbook
Zero Dark Thirty
BEST DIRECTOR
Ang Lee, Life of Pi
Benh Zeitlin, Beasts of the Southern Wild
David O. Russell, Silver Linings Playbook
Michael Haneke, Amour
Steven Spielberg, Lincoln
BEST ACTOR
Daniel Day-Lewis, Lincoln
Denzel Washington, Flight
Hugh Jackman, Les Miserables
Bradley Cooper, Silver Linings Playbook
Joaquin Phoenix, The Master
BEST ACTRESS
Naomi Watts, The Impossible
Jessica Chastain, Zero Dark Thirty
Jennifer Lawrence, Silver Linings Playbook
Emmanuelle Riva, Amour
Quvenzhané Wallis, Beasts of the Southern Wild
BEST SUPPORTING ACTOR
Christoph Waltz, Django Unchained
Philip Seymour Hoffman, The Master
Robert De Niro, Silver Linings Playbook
Alan Arkin, Argo
Tommy Lee Jones, Lincoln
BEST SUPPORTING ACTRESS
Sally Field, Lincoln
Anne Hathaway, Les Miserables
Jacki Weaver, Silver Linings Playbook
Helen Hunt, The Sessions
Amy Adams, The Master
ADAPTED SCREENPLAY
Argo
Beasts of the Southern Wild
Life of Pi
Lincoln
Silver Linings Playbook
ORIGINAL SCREENPLAY
Amour
Django Unchained
Flight
Moonrise Kingdom
Zero Dark Thirty
ANIMATED FEATURE
Brave
Frankenweenie
ParaNorman
The Pirates! Band of Misfits
Wreck-It Ralph
FOREIGN LANGUAGE FILM
Amour
Kon-Tiki
No
A Royal Affair
War Witch
DOCUMENTARY FEATURE
5 Broken Cameras
The Gatekeepers
The Invisible War
How To Survive A Plague
Searching for Sugar Man
CINEMATOGRAPHY
Anna Karenina
Django Unchained
Life of Pi
Lincoln
Skyfall
COSTUME DESIGN
Anna Karenina
Les Miserables
Lincoln
Mirror Mirror
Snow White and the Huntsman
FILM EDITING
Argo
Life of Pi
Lincoln
Silver Linings Playbook
Zero Dark Thirty
MAKEUP AND HAIRSTYLING
Hitchcock
The Hobbit: An Unexpected Journey
Les Miserables
PRODUCTION DESIGN
Anna Karenina
The Hobbit: An Unexpected Journey
Les Miserables
Life of Pi
Lincoln
ORIGINAL SCORE
Anna Karenina
Argo
Life of Pi
Lincoln
Skyfall
ORIGINAL SONG
"Before My Time," Chasing Ice
"Everybody Needs A Best Friend," Ted
"Pi's Lullaby," Life of Pi
"Skyfall," Skyfall
"Suddenly," Les Miserables
SOUND EDITING
Argo
Django Unchained
Life of Pi
Skyfall(Tie)
Zero Dark Thirty(Tie)
SOUND MIXING
Argo
Les Miserables
Life of Pi
Lincoln
Skyfall
VISUAL EFFECTS
The Hobbit: An Unexpected Journey
Life of Pi
The Avengers
Prometheus
Snow White and the Huntsman
ANIMATED SHORT
Adam and Dog
Fresh Guacamole
Head Over Heels
Maggie Simpson in "The Longest Daycare"
Paperman
LIVE ACTION SHORT
Asad
Buzkashi Boys
Curfew
Death of a Shadow
Henry
DOCUMENTARY SHORT
Inocente
Kings Point
Open Heart
Redemption
Mondays at Racine
කවුද මෙයා අමරදේව කියන්නේ - Who is Amaradewa?
Thursday, February 21, 2013
No comments
පොත - සුමන මතක
කර්තෘ - සුමන ආලෝක බණ්ඩාර
දවසක් සුගත් (සුගතපාල ද සිල්වා) හම්බවෙන්ඩ ගුවන්විදුලියට ගිහිල්ලා ඉන්න කොට මාස්ටර් (පේ‍්‍රමසිරි කේමදාස) ආවා. කටපුරා හිනාවක් දාලා විමසීම් කවුන්ටරේට ගියා. ඒකේ ලස්සන කෙළි පොඩිත්තියක් හිනා කටක් වපුරාගෙන ඉන්නවා. ඊට එහායින් මට මතක හැටියට හිටියේ ඇග්නස් සිරිසේන. සමහරවිට වෙන කෙනෙක් වෙන්ඩත් පුළුවන්. මාස්ටර් කෙළි පොඩිත්තියට මොනවාදෝ හෙමින් කීවා. කෙළි පොඩිත්තියත් “හිහික්” කියල සද්ද ඇති හිනාවක් දාල ළඟ හිටපු කෙනාගෙන් අහනවා “කවුද මෙයා අමරදේව කියන්නේ?” කියල. මාස්ටර් අහල තියෙන්නේ අමරදේව මහත්තය හම්බවෙන්ඩ පුළුවන්ද කියල. අර වචන ඇහුණ විතරයි මාස්ටර් වෙව්ලන්ඩ ගත්තා. කෙහෙ රැළි නළලට කඩා වැටිල. ..... වචනෙන් පටන් අරගෙන කුණුහරුප ඉවරයි. එතන ඉඳල තියෙන්නේ අර ‘ලන්සි පැපොල්’ ඇමැතිතුමාගෙ නෑදෑවෙන කෙළිත්තියක්. පස්සේ එතන හිටපු අනිත් නිලධාරිනියයි තවත් කීප දෙනෙකුයි එකතු වෙලා තමයි මාස්ටර් යාන්තමට අස්වසා ගත්තේ.
හලාල් කමුද?ඉල්ලන් කමුද?? - say what to HALAL??
Monday, February 18, 2013
No comments
සිංහල බෞද්ධයන් මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාව හලාල්ය.ඉස්ලාම් ආගමට අනුව හලාල් යනු අනුමත යන්නයි.හරාම් යනු තහනම් යන්නයි..මේ සම්බනධව සමහර අය උවමනාවෙන්ම වලිගය පාගාගෙන තිබේ. එයින් අඩුපාඩුව සිදුවන්නේ සිංහලයාටමය. ඔව්න් ඉතාම සංවිධානය වු පිරිසක් බැවින් මෝඩ සිංහලයාට මේ සම්බන්දව කිසිත් කරගැනීමට බැරිවන බව දුර දිග දකින්නකුට පෙනේ.අප වලිගය පාගාගෙන කෑ ගැසුවත් ඔවුන් ත්‍රිපිටකය ද කියවා එයින් ම අපට පහර දෙයි. හලාල් හරාම් සංකල්පය කතාකරන ඔවුන් තියා අපේ සිංහල බෞද්ධයන් වත් සමහර ගථාවල අර්ථය නොදන්නා නිසා සිංහලයාට දෙවියන්ගේම පිහිටය...ආහාරයට හලාල් නියම කිරීමෙ වැඩගත් කම සියල්ලොම අහරයෙන් යපෙන බව බුදුන් වහන්සෙ සබ්බෙ සත්ථා අහාර්ත්තිථිකා නමින් දෙශනාකර ඇති බව..පාලි වල අර්ථය සිංහලෙන් අනාගෙන කියති..එයටද කම් නැත. මන්ද සිංහලයො පවා එය නොදන්නා බැවිනි..ඔවුන් සිඟාලෝවාද සුත්‍රය ගෙන මත් පැනෙහි විපාක විග්‍රහ කර ඇත...කෙසේ වුවද බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවන බව සමහර බෞද්ධයන් වත් තේරුම් නොගෙන හලායට උඩ පැනීමෙන් වෙන්නෙ පස්ස බිම ඇනීම පමනකි එසේම සමහර අපෙ හාමුදුරුවරු බොරු කියමින් නොදන්නා දේ කතා කරමින් කරනුයේ හලාලයට නිහඬ ප්‍රචාරයක් ලබා දීමයි..ඔවුන් ඉතාම සුක්ෂම ලෙස වාර්තා ද සකස් කරගෙන අපේ ගැටලුවලට උත්තර ද ගෙන මේ හලාල් ගැටලුවට මුහුන දෙයි. කෙසේ වුවද ඔවුන් තම ආගමට මුදල් දෙන්නෙ ද නැති බව කියමින් කුරානය ද කනපිට හරවමින් සිංහල මොඩයන්ව රැවටීමට පුවත් පත් සාකච්ඡා ද කැඳවා තිබේ..විය යුත්තේ බොරුවට උඩු බිරීම නොව නියම බෞද්ධයන් ලෙස සිහියෙන් වගකියයුතු පිරිසක් සමඟ මේ විනාශය නැවතීමයි..
වික්ටර් රත්නායකගේ 70 වන ජන්ම දිනය - Victors 70th Birthday
Monday, February 18, 2013
No comments
අද ඔහුගේ 70 වන ජන්මදිනය 1942 දි කඩුගන්නවේ උපන් ඔහු ලංකාවේ පලමු එක පුද්ගල ප්‍රසංගය පවත්වා ලංකාවේ ගී ප්‍රසංග කලාවට නවමු අත්දැකීමක් එක කලේය එවකට රජයේ ලලිත කලායතනයේ ඉගෙනගත් ඔහු පලමු රැකියාව ලෙස ගුරු වෘත්තිය තෝරා ගත්තේය ලංකාවේ වැඩිම වාර ගනනක් පැවැත් වු ප්‍රසංගය වන ස ප්‍රසංගය වාර 1000ක් ඉකමවා ඔහු ගැයුම් ඉදිරිපත් කලේය ඔහුට දීර්ඝායු පතමු!!!
Victor Ratnayake was born 18 in February 1942 that's to day.to day is his 70th birth day. He is a popular Sri Lankan musician. He was the first Sri Lankan musician to hold a live one man concert; His concert known as "SA" was first performed in 1973, and was an instant success. Ratnayake credits his success to his "fitting blend of Western music with Ragadari classical music." His songs deal with diverse themes that vary from love, to patriotism and Buddhism.
Matara Achchi is the first film he composed music for and it's Sandakada Pahana song sung by Sunil Edirisinghe is still very popular among Sinhala music fans. Ratnayake also has composed music for films like Siribo Aiya, Podi Malli, Sarungale, Hulawali and Athuru Mithuru.
විජය නික්මී වසර 25 - Wijaya Kumarathunga Memories
Saturday, February 16, 2013
No comments
මම කිසිසෙත් මරණයට බිය නොවෙමි. එහෙත් මට ඇතැම්විට මරණය ගැන බියක් දැනේ. යම් හෙයිකින් මා මලදාක ඔබගේ පියා මලේ කුමකින් දැයි? පාසලේ සහොදර ශිය්‍යයෙකු මගෙ පුත්‍රයාගෙන් විමසු කලෙක මගේ පියා මලේ බයිස්කොප් එකක තරුණියක් සමග මල් ගස් වට නටමින් ගී ගයද්දී හැදුන පපුවෙ අමාරුවකින් යයි පිලිතුරු දීමට මගෙ පුත්‍රයාට සිදුවේ. ඒ නිසා මම අද බියෙන් පසු වෙමි. මට ඕනේ එවන් මරණයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ කොළ කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකින් හෝ මගෙ හිස කුඩු පට්ටම් වි මිය යන්නට ලබුනොත් මට එයට වඩා සැපක් නැත.
ශ්‍රී ලංකා මහජන පක්ෂයෙ නායක විජය කුමාරතුනංග මහතා අද දහවල් නාඳුනන තුවක්කු කරුවකුගෙ වෙඩි පහරින් මිය ගියේය.
ඒ විජය කුමාරතුනංග නම් මානව හිතවාදියාගේ මිය ගිය පුවත ගුවන් විදුලියෙන් වාර්තා කලේ ඒ අයුරිනි. විජය මරා දමා 1988 පෙබරවරි 16 වන දින සිට අදට වසර 25කි ඔහු මරා දැමීම ජනතා විමුක්ති පෙරමුන විසින් කරන ලද්දක් බව එවකට මුලු රටෙම එකම මතය විය. කෙසේ උවද විජය කව්රුත් දන්නා පරිදි දක්ෂ ජනප්‍රිය නලුවෙකි. හොඳ ගායකයෙකි.දේශපාලනය කෙසේ වෙතත් ඔහු සැබවින්ම මනුෂ්‍යයෙකි 1945 ඔක්තොබර් 9 වන දා ජාඇල දී මෙලොව එලිය දුටු ඔහු වඩා ජනප්‍රියත්වයට පත් වුයේ සිංහල සිනමාවේ නලුවෙකු ලෙසය 1967 වසරෙ පුවත්පත් දැන්වීමක් මගින් අලුත් චිත්‍රපටයකතරුන නලුවකු සුගතපාල සෙනරත් යාපා සොයන්නට පටන් ගත්තේය කොල්ලුපිට්ය හේග් පාරෙ නිවසෙ තිබු මෙම පරික්ෂනය සඳහා තරුණයෝ 540 සහභාගි විය විශ්ව විද්‍යාලයෙ කතා පුවතක් වටා ගෙතුනු මෙම චිත්‍රපටය සඳහා සමහර නලු නිලියො එවිටත් තෝරාගෙන තිබිනි හීන් දැලි රැවුලක් ඇති බොකුටු කොන්ඩයක් හිමි තරුණයෙකු ව මේ සඳහා තෝරාගත්තේය..ඔහු විජය කුමාරතුංග විය 1970 අප්‍රියෙල් මාසයෙ තිරගත වු හන්තානේ කතාවෙන් ඔහු රිදි තිරය ජය ගත්තේය
‘හන්තානේ කතාව‘ තුළින් දුටු දැකුම් කළු තරුණයාගේ චරිතය තව තවත් තහවුරු කෙරෙන චරිත ඉන් පසු ඔහුට ලැබිණි.
තුෂාරා’ (1973),යසපාලිත නානායක්කාර
දුලීකා’ (1974)කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා,
සිකුරු ලියා’ (1975),එච්. ඩී. පේ‍්‍රමරත්න
සංගීතා’ (1975)තිමති වීරරත්න
පෙම්බරමධු’ (1977) සුගතපාල සෙනරත් යාපා ඒ සුවිශේෂ දායකත්වයන්ය
ඉන් පසු ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර, සුනිල් ආරියරත්න යන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයන්ට සම්බන්ධ වෙමින් සිය නිර්මාණ කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කළ ද නළුවෙක් ලෙස සිය ස්ථාවරය පවත්වාගෙන යාමටත් අඛණ්ඩව ජනප්‍රිය නළු කිරුළ රඳවා ගැනීමටත් ඉවහල් වූයේ ආරම්භයේ දීම රසිකයන් ඔහු කෙරෙන් දුටු දැකුම්කළු ප්‍රසන්න යෞවනයාගේ චරිතය නඩත්තු කිරීම සඳහා ඔහු වෙත එකපිට එක ලැබුණේ චිත්‍රපට ගංඟාවකි
ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව‘ (1974) ලාංකීය සිනමාවේ නව සංධිස්ථානයක් සටහන් කෙළේ ය. විජයගේ දායකත්වය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට මෙන්ම පතිරාජ විසින් ඉන් අනතුරුව නිර්මාණය කළ එයා දැන් ලොකු ළමයෙක් (1977), බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) චිත්‍රපටවල සාර්ථකත්වයට ද විජයගේ ප්‍රතිභාපූර්ණ රංගනය බලපෑවේ ය.ය.
විජය කුමාරතුංග ප්‍රවීණ සිනමා පටයක ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ නිර්මාණයකට මුල්වරට සම්බන්ධ වන්නේ 1976 දී ය. ඒ කුවේර රාජ්‍යයක් ගොඩනඟාගෙන සිටි නරපතියෙක්ගේ චරිතයක් වටා නිර්මාණය වූ the god king චිත්‍රපටයේ ය. විජය එහි ලලිත් නම් සෙනෙවියෙකුගේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කෙළේ ය.
ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් අනතුරුව නිෂ්පාදනය කරන ලද අහසින් පොළොවට (1978) හා බැද්දේගම (1981) චිත්‍රපට සඳහා ද විජයගේ සම්මාදම ලැබුණු අතර එම චිත්‍රපට ත්‍රිත්වය අතරින් ‘බබුන්’ නම් වූ යටත් විජිත පාලන තන්ත්‍රයේත් පීඩාවට පත් ගැමියාගේ චරිතය විජය කුමාරතුංග නිරූපණය කළ ආකාරය ප්‍රශංසනීයයි.
විජය ජනප්‍රිය නළුවෙක් ලෙස කෙතරම් ස්ථාවරයක් රඳවාගෙන සිටියද ඔහු කලාත්මක සිනමාව තුළ තවදුරටත් රැඳී සිටීමට ඇති අවශ්‍යතාවය හැම විටම අගය කෙළේ ය. එවැනි කෘතියකට ඔහුට ආරාධනා ලැබුණු විට ඔහු ඉමහත් කැපවීමකින් ඒ කටයුත්ත සඳහා සහභාගී විය.
ඔහුගේ රංගන දිවියේ අග්‍රඵලය ලෙස වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා’ (1989) චිත්‍රපටයේ රඟපෑ ‘ධනරත්න’ගේ චරිතය හැඳින් විය හැක. විජය එයට පෙර වසන්තගේ ම දියමන්ති (1976) චිත්‍රපටයට ද සම්බන්ධ වී තිබිණ.
රංගන ශිල්පියෙක් ලෙස විජය කුමාරතුංග අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකවරුන්ට පහසුවෙන් ගනු දෙනු කළ හැකි චරිතයක් විය. නළුවෙක් ලෙස ජනප්‍රියත්වයට ඉහළ සිටි ඔහු රඟපෑමේ දී සැප පහසුකම් ඉල්ලා සිටියේ නැත. ඔහු සමහර චිත්‍රපටවලට සම්බන්ධ වී තිබෙන්නේ මුදල් අය කිරීමකින් තොරව ය.ඒ ඔහුගේ හැටියකි.ඔහු මනුස්සයෙක් යැයි කිව හැක්කේ ඒ නිසාය
විජය කුමාරතුංග නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියාගේ හැකියාවෙන් වැඩක් ගත් චිත්‍රපට හැටියට තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ (1980) හා මහගෙදරත් (1982) සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ (1980) හා සුනිල් ආරියරත්නගේ ක්‍රිස්තු චරිතය (1990) සැලකිය හැක. විජය ක්‍රිස්තු චරිතය “චිත්‍රපටයේ රඟපාන අවධියේ තමන් නිරූපණය කළ චරිතය ගැන සඳහන් කරමින් පවසා තිබුණේ “ මේ චිත්‍රපටයේ රඟපා මම මැරුණත් කමක් නැහැ” යනුවෙනි.
ඔහු රඟපෑ මිහිදුම් සිහින (1982) යස ඉසුරු (1982) මරුවා සමඟ වාසේ (1977) වැනි චිත්‍රපට පේ‍්‍රක්ෂකයන් අදත් ස්මරණය කරති. විජය පෙම්වතාගෙන් පටන්ගෙන අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන් සටන් වදින චරිත නිරූපණය කරමින් ගොඩනඟා ගත් පෙරළිකාරී චරිතය පසුව දේශපාලනය උදෙසා ද ජීවිතය ආයෝජනය කෙළේ ය
විජය ජීවිතය ආයෝජනයේ නියම ප්‍රතිලාභය ලැබුවේය. මේ කාලකන්නි පාදඩ සමාජය ඔහුට ජීවත් වීමට ඉඩ දුන්නෙ නැත. ඔහුගේ බිරිඳ පසු කලෙක ජනාධිපති වුවද මිනිමරුවන් නීතිය ඉදිරියට ගෙන මිය ගිය මානව හිතවාදියාට සාධාරණයක් ඉටු කලේද? අපි ඔහු වෙනුවෙන් කුමක් කරන්නද?
සූර්යාගේකොටස් පෘථිවියට කඩා වැටේද? Solar Storm Warning
Tuesday, February 12, 2013
No comments
වසර එකොලහකට පමන පසුව පැමිනෙන සුර්ය කුනාටුවක් දැන් පැමිණ තිබේ.මෙහි දී මුලික වශයෙන් සිදුවන්නේ සූර්යාගෙ උශ්ණත්වය වැඩි වීමත් ශේෂ කොටස් අභ්‍යවකාශය පුරා විසිර යාමත්ය. එසේ විසිර යන කොටස් පෘථිවියට ඒමට උවද බොහෝ සෙයින් ඉඩ ඇත. එහෙත් සැනසිල්ලට කරුණ නම් පෘථිවියෙ ඇති චුම්බක කේෂ්ත්‍රය නිසා ඒවා ජන ශුන්‍ය උත්තර සහ දක්ශිණ ඩ්‍රැව වලට ඇදී යාමයි. කෙසේ උවද එසේ පෘථිවිය දෙසට ශේෂ කොටස් එන්නේ නම් එය දින දෙක තුනකට කලින් අපට දැන ගත හැකිවන බවත් සතුටට කරුනකි. එයට හේතුව පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ප්‍රමානයයි. කෙසේ උවත් මේ හේතුවෙන් කාලගුණ විපර්යාස අධික උනුසුම ආදිය ඇති විය හැක්කෙන් මෙය තවත් ලෝක විනාශයක් නම් නොවන බව ලංකා තාරකා විද්‍යා සංගමය පවසයි
සූර්ය ගිනිදැල් විසිරෙන ආකාරය - රූපය Discovery
ස්වර චිත්‍රපටයට සම්මාන - SWARA - sinhala Film win awards
Thursday, February 07, 2013
No comments
සංජය නිර්මාල් අධ්‍යක්ෂනය කළ නීටා ප්‍රනාන්දු නිපදවූ ස්වර සිනමා පටය 5 වන ජායි පුර් අන්තර්ජාතික සම්මාන උළලේදී රටවල් 90 ක චිත්‍රපට 274 අතරින් ලෝකයටම පොදු පණිවිඩයක් දෙන චිත්‍රපටයක් ලෙස ජුරියේ විශේෂ සම්මානය දින ගැනීමට සමත් උනා. ඒඩ්ස් රෝගය සම්බන්ධ කතා පුවතක් වටා ගෙතී ඇති මෙම සිනමා පටය නීටා ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග ,දමිතා අබේරත්න,ඩබ්ලියු ජයසිරි,බුද්ධික ජයරත්න ශ්‍රියන්ත මෙන්ඩිස් ආදී ප්‍රවීණ නලුනිලි එකතුවකි. මෙහි සංගීතය රංග දසනායකගෙනි.
කතාව ඇතුලු විස්තර රඟහල පිටුවෙන්
මෙතනින් ඇතුල්වෙන්න