July 2013 ~ Sakuna Radio සකුණ රේඩියෝව

අගෝස්තු 1 දා සිට උපකාරාක පංති තහනම්

අපොස උසස් පෙළ විභාගය ලබන අගෝස්තු මස 05 වැනිදා සිට 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2164 දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එසේම 2013 ජූනි මස 21 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට දින 5 ට ප්‍රථමයෙන් සියලුම උපකාරක පංති, පුනරීක්ෂණ, අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම තහනම් කර ඇති බව කොමසාරිස්වරයා සිහිපත් කළේය. 

මෙවර අ.පො.ස (උ/පෙ) විභාගයට නව නිර්දේශය යටතේ සිසුන් 2,80,560 ක් පෙනී සිටින බවත් , පැරණි විෂය නිර්දේශය යටතේ 12, 146 ක් පෙනී සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටියි.


විභාග කටයුතු සඳහා කාර්ය මණ්ඩලය ලෙස 16,268 ක් සේවය කරනු ඇති බවත්, පිළිතුරු පත්‍ර බැලීම සඳහා 18,200 ක් කටයුතු කරනු ඇති බවත් ඔහු පැවසුවේය.