September 2013 ~ Sakuna Radio සකුණ රේඩියෝව

ලක් සිත්තරා පැරිසිය වර්ණවත් කරයි. - sri lanken painter coloured paris

දශක තුනකට ආසන්න කාලයක් පැරීසියේ ජීවත්වන පේ‍්‍රමරත්න මල්ලවආරච්චි දක්ෂ චිත‍්‍ර ශිල්පියාගේ  චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැරීසියට නුදුරින් පිහිටි කොර්මෙයි ඔන් පැරීසි නගර සභා ශාලාවේදි එළි දැක්වුණි.
ප‍්‍රංශ ජාතිකයෝ විශාල පිරිසක් එය නැරඹුහ. මෙම  ප‍්‍රදර්ශනයට ප‍්‍රංශ ජාතික චිත‍්‍ර ශිල්පියන්ගේ නිර්මාණද ඇතුළත් විය.

ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන් - Owagiriya ruins in King Dutugamunus satage

ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි.  දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ  සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බාරව කටයුතු කරයි.