Sakuna Radio සකුණ රේඩියෝව

දිවා ගුහාව - Diva Caves

බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි අවස්ථාවේ ශ්‍රී පාද සලකුණ තබා දිවා ගුහාවේ විවේක සුවයෙන් කල් ගෙවූ බව ඉතිහාස මුලාශ්‍ර අපට කියයි.දිවාගුහාව සම්බන්ධව විවිධ මත තිබුනද  මෙතෙක් කාලයක් දිව ගුහාව පිහිටියේ   රත්නපුර  ප්‍රදේශයේ බව අප කවුරුත්  දන්නා කරුණකි. අපේ කතාව  වන්නේ මෑතකදී සොයා ගන්නා ලද කරුණු අනුව... බෙන්ගමුවේ ධම්මදින්න  ශ්‍රීපාද ස්ථානාධිපති ස්වාමින් වහන්සේ පවසන්නේ  ශ්‍රී දිවාගුහාව වෙන කවර තැනකවත් නොව එය පිහිටියේ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ සිරිපතුලට මීටර් 100 පමණ පහතින් පිහිටා ඇති බවයි. මෙම ගුහාව තුල සෙල්ලිපියක්ද නිශ්ශංක මල්ල රජුගේ ශිලාමය පිළිරුවක්ද වේ. රජතුමා මෙම ස්ථානයට පැමිණ ශ්‍රීපාදය වන්දනා කළ බවත් මෙහි දැක්වේ පුරා විද්‍යා නිලධාරින්ද පැමිණ මේ සියලු දේ සනාථ කල බව  ශ්‍රීපාද ස්ථානාධිපති ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළහ.   

ජාතික ගුවන් විදුලියට වසර 87යි..S L B C 87th Anniversary

   රේඩියෝ සිලෝන් නමින් ඇරඹි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලංකාවේ මෙන්ම දකුණු අසියාවේද ගුවන් විදුලි මහ ගෙදරයි. 1925 දෙසැම්බර් 16  දී ඇරඹුන ගුවන් විදුලි සේවය මුලින්ම භාවිත කලේ රජයේ පණිවිඩ දැනුම් දීමටයි.



 පර්යේෂණ මට්ටමෙන් පටන් ගත් මෙය Colombo  Radio  යන නමින්ද Radio SEAC යන නමින්ද අසන්නා අඳුන ගත්තා. එඩ්වර්ඩ් හාර්පර් නමැත්තා මුල් වී පටන් ගත් මෙම ගුවන් විදුලි විකාශයේ මුල්ම හඬ දුන් සිංහලයා වුයේ  ඩබ්ලිව් ඒ ධර්මපාල මහතා ය මුල්ම සිංහල නිවේදකයා ලෙස පත් වුයේ ඩී එම් කොලඹගේ මහතා ය





ඩී එම් කොලඹගේ මහතා
 එදා මේදා තුර විවධ වැඩසටහන් ඉදිරිපත් කරමින් ලංකාවට ගුවන් විදුලිය ගුවන් විදුලි කලාව සහ ගීත කලාවේ තිඹිරිගෙය වූ ගුවන් විදුලිය අද සැටලයිට්  තාක්ෂණය ට පිවිස තිබේ.ජාතියේ නාලිය වන ජාතික ගුවන් විදුලිය අද අභිමන් රාත්‍රිය නමින් සේවයට කැපව කටයුතු කල පැරණි ශිල්පීන්ට සහ නිලදරුවන්ට සම්මාන රාත්‍රියක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ ....අපේ ගුවන් විදුලි කලාවේ තිඹිරිගෙය වන ජාතික ගුවන් විදුලියට සුබ පතමු ..



මායා වරුන්ගේ යාගහෝම - maya civilization

මායාවරු පිලිබදව වැඩි පුරම  කථා බහට ලක් වුයේ 2012 වසරේ ලෝක විනාශය ගැන ඔවුන් පලකල අනාවැකි නිසාය.මායා වරු පිලිබදව විස්තරාත්මකව ලොවට දායද කලේ ඇමරිකානු ජාතික එඩ්වර්ඩ් හර්බට් තොම්සන්ය.‍ ඔහු පුරා විද්‍යාඥයෙක් සේම ගවේශකයෙක් ද වෙයි. මධ්‍යම ඇමරිකාවේ යුකැටන්  හොන්ද්‍යුරස්  කෝපන් යන ප්‍රදේශ වලත් ගුවාටමාලාවේ ටිකල් සහ ඉක්ස්කන් ප්‍රදේශ අතර මායා වරුන්ගේ ශිෂ්ටාචාරය ව්‍යාප්තව තිබිණි.  එඩ්වර්ඩ් හර්බට් මායාවරුන්ගේ මෙම ශිෂ්ටචාරය සතු වූ භෞතික,ආර්ථික ,සමාජයීය  සහ ආධ්‍යාත්මික වශයෙන් වෙන් වෙන්ව තොරතුරු රැස් කරන ලදී. ඒ තොරතුරු අතර විශේෂිතම තොරතුර වුයේ සිය විමුක්තිය උදෙසා කරනු ලැබූ අමුතුම තාලයේ බිලි පුජාවක් ගැනය. තම වර්ගයාගේ පැවැත්ම සහ විමුක්තිය උදෙසා නොකැළැල් රූමත් නව යොවුන් තරුණියන් දහස් ගණනින් බිලි දීම පිලිබඳව ඉස්මතු  විනි.ඔවුන් විශ්වාස කලේ එම පිරිසිදු තරුණිය දෙවියෝ ලබාගෙන ඔවුන්ට ආශීර්වාද දීර්ඝායු ලබා දෙන බව යි.මෙම බිලි පුජාව කල දෙවොල ද දිවා රැ නිදිවරා සොයා ගැනීමට එඩ්වර්ඩ් හර්බට් සමත් විය.



 ඔහුට කාන්තා අභරණ සුවඳ විලවුන් විශාල ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි විය මෙම බිලි පුජාව කල විල ද, ඔහු සොයා ගත්තේය‍. මෙසේ වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක දිවි ගෙවූ වන්ගෙන්  අද ද 1500 පමණ ජන කොටසක් ශේෂව තිබීමත් පුදුමයකි. කවරකු හෝ ගෝතමාලවට යයි නම් අද ද මේ ඇටකටු සහිත විලට ගොස් මේ සියල්ල හි ඇත්ත සියසින්ම බල ගැනීමට හැකිය  


ඇටකටු සහිත විල


දෙවොල


රවිශන්කර් නික්මයි ..



ලෝ ප්‍රකට සිතාර් වාදකයකු වන පණ්ඩිත් රවිශන්කර්ගේ නික්මයාම 2012 දී සටහන් වෙනවා.එතුමා 1920 අප්‍රේල් 20 වනදා උතුරු ඉන්දියාවේ බරණැස බෙංගාලි බ්‍රාහ්මණ පවුලක ඉපදුනේය. භාරතීය සම්භාව්‍ය සංගීතය ලොවට ප්‍රචලිත කිරීමට   අනගි මෙහෙයක් කල ඔහුව වරෙක ඉන්දියානු අගමැතිවරයා "රවිශංකර් ජාතික සම්පතක්" බව ප්‍රකාශ කලා.


සිය තරුණවිය 


එතුමාගේ එකතුන් අතර chants of india,flowers of india,three Ragas,The sounds Of India  ආදිය ජනප්‍රිය ඒවා වේ.එතුමා 3 වරක් ග්‍රැමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ඊට අමතරව ඉන්දියානු සහ ජාත්‍යන්තර සම්මාන රාශියකින් ද පිදුම් ලැබුවේය. අවසන් වරට ඔහු ප්‍රසංගයක් පැවැත්වුයේ 2012 නොවම්බෙර් 4 වන දිනය.පසුගිය දෙසැම්බර්  6 වනදා ඇමරිකාවේ සෙන් දියාගෝ හි රෝහලකට ඔහුව ඇතුලත් කරන ලදී. වසර 92 ක් ආයු වැළදු එතුමා පසුගිය 11 වනදා සදහටම දෙනෙත් පිය ගත්තේය  


සිය ගුරුතුමාගේ නික්ම යාම දරාගන්නා සිසුවෙක්


12-12-12-12-12 ‍ට මොකද උනේ? - What Happened in 2012 12 12 - 12.12 ???


2012.12.12.දහවල් 12.12ට දොඩම්පේ ගුරුවරියක් වන ගයනි සුසන්තිකා මහත්මිය රත්නපුර රෝහලේදී දියණියක බිහිකලාය.දරුවාත් මවත් දෙදෙනාම සුවෙන් බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.ඇය ලංකා කේන්දර‍ය හිමි කුම්භ ලග්නයේ වීමත් විශේෂයක්.දියණිය‍ට දීර්ඝායුවේවා!!!

ජාතික කොඩියට සිංහයෙක් වෙනුවට පැන්ඩෙකු යොදාගෙන

රටක ජාතික කොඩිය එම රටේ සංකේතයකි.කවර රටක වුවද ජාතික කොඩියකට අයිති වර්ණ තිබේ එසේම එම කොඩියේ ලාංඡන ආදියෙන් සංකේතමත් වන්නේ එම රටේ සහ එම ජාතියේ අනන්‍ය තාවයි.සමහරු ජාතික කොඩිය වස්ත්‍ර වෙනුවට පාවිච්චි කරනුයේ ජාතියේ අගය හෝ තම රට ගැන අභිමානයක් නැති නිසාද?එසේත් නැත්නම් තම පහත් බව ලොවට පෙන්වීමටද යන්න ගැටළුවකි.ලංකාවේ ජාතික කොඩියේ සංකේතය සිංහයෙකි. එය අපේ ජාතියේ අනන්‍යතාවයි.සිංහල ජාතියේ බිහිවීම ගැන ලොව විවිධ පුරාවෘර්ත තිබේ.කෙසේ වුවද ජාතික කොඩියේ සිංහයා යනු අපේ ජාතියේ අභිමානවත්  බවේ සංකේතයකි.කඩුවක් රැගෙන සිටීමෙන් පැවසෙන්නේ එඩිතර බවකි.මේ සිංහයා වෙනුවට කඩුවක් ගත් පැන්ඩෙකු යෙදුවහොත් ????? 



             අපේ සිංහ කොඩිය නැත්නම් ජාතික කොඩියට සිංහයෙක් වෙනුවට පැන්ඩෙකු යොදාගෙන ජාතික කොඩියට අවමානය ගෙනදුන ජපන් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. 22 හැවිරිදි සින්සිරෝ කවසිමා නම් වූ ජපන් ජාතිකයා සිංහයා වෙනුවට පැන්ඩෙකු ආදේශ කරන ලද තැපැල් පත් 167 සමග අත් අඩංගුවට පත් මොහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 20 වැන්දා දක්වා බනධනාගර ගත කරන ලෙස උපදෙස් දුන්නා.රටක ජාතික කොඩියක වැදගත්කම ගැන මොන රටක කෙනෙක් උනත් සිතීම මානුෂිකත්වයට කරන ගරු කිරීමක්...මේ තැපැල් පත් තැපෑලෙන් සංසරණය උනානම් සිංහයාට කුමක් සිදුවේද?දැනටමත් එසේ වීද?අපි අපේ ජාතියට ගරු කරමු.අපේ ජාතිය අපේ මව හා සමානයි.අන් රටවල අය‍ටත් එය එසේම‍‍ය.