Sakuna Radio සකුණ රේඩියෝව

සුළිකුණාටුවෙන් පීඩා - cyclone in Sri Lanka


මේ දින වල පවතින අධික වර්ෂාව සහ තදින් හමන සුළං නිසා පොදු ජන ජීවිතය අඩාල වී තිබේ.ලංකාවේ ජාතික අපදා කළමනාකරණ මද්‍යස්ථානය සඳහන් කරන අන්දමට අද වන විට දිස්ත්‍රික්ක 12ක ජනතාව අධික වර්ෂාව සහ සුළිකුනටුවෙන් පීඩා ලබා ඇති බවයි වාර්තා වන්නේ. සිදුවූ ජලගැලීම් වලින් සහ කුණාටුවෙන් පුද්ගල මරණ 5ක්ද අතුරුදහන් 2වීම් ක්ද 8 දෙනෙකු තුවාල  ලබා ඇති බවත් නිවාස 8ක් සම්පුර්ණයෙනම විනාශ වී ඇති අතර නිවාස 262කට අර්ධ වශයෙන් හානි වී ඇති බව දන්වා ඇත. ගස් කඩා වැටීම් පස්කඳු කඩ වැටීම් ජල පිපිරීම් නිසා මෙම දිස්ත්‍රික්ක වල ගමනාගමනයටත් දැඩි බාධා ඇති වී ඇති බවත් වාර්තා වේ.





කරන්ටිවදින විදුලි බිල - Electricity bill updates


අද ලංකවේ ප්‍රධානම මාතෘකාවලින් එකක් වන්නේ  විදුලිබිලයි. ඒ විදුලිබලමනඩලය ලබන පාඩුව මගහැර ගැනීම වෙනුවෙන් බව  එහි සභාපති වරයා වන ගනේගල මහතා කිහිපවිටක් අවධානය කළේය කෙසේවෙතත් පසුගිය මැයි පළවෙනිදා ජනාධිපති වරයා ලබාදුන් සහනය පිළිබඳවද ගැටළු මතු වී තිබේ.එතුමා කියූ පරිදි එකක 60 දක්වා සහනය දෙනබව කියුවද පැරණි ගාස්තු ක්‍රමය අනුව රු 317ක් වන විදුලි ගාස්තුව රු 412 දක්වා ඉබේම ඉහල ගොස් තිබේ එකක 60 දක්වා අපරටේ විදුලිපරිභෝගිකයෝ ලක්ෂ 13ක් සිටිති එහෙත් ඉන් එහාට එකක 61 සිට 90 දක්වා ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් විදුලිය පරිහරණය කරයි එහෙත් ඒ ගාස්තු ක්‍රමය පිලිබදව පැහැදිලි ප්‍රකාශයක් නොමැති වීම කණගාටුවට කරුණකි.කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ නව සංශෝධන සඳහා අනුමැතිය ලබාදීමට අවසන් සාකච්ඡාව අද (08) පවත්වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

අද පස්වරුවේ කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා මෙම සාකච්ඡාව පවත්වන බවත්
ඉහළ දැමූ ගාස්තු යළි සංශෝධනය කිරීම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල මහා භාණ්ඩාගාරයෙන් සපයන්නේ ද යන්න වග මුදල් අමාත්‍යංශයෙන් විමසීමට නියමිත බව ද ජයතිස්ස ද කොස්තා මහතා සඳහන් ක‍ළේය.

අදාළ මුදල මහා භාණ්ඩාගාරයෙන් පියවන බවට දැනුම් දුන් පසුව නව සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පවසයි.


පයාගල බස් දුම්රිය ගැටුම - Bus Train Accident in Payagala -

කොළඹ සිට ගාල්ල බලා අද පස්වරු  5.30 කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රියක පයාගල ප්‍රදේශයේදී බස්රථයක් සමග ගැටීමෙන් කිහිප දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව පොලිස්  ආරංචි මාර්ග සඳහන් කරයි  

බොස්ටන් නුවර ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් හානි නැත - NO sri lanakan injuries in Boston Attack



අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බොස්ටන්හි වාර්ෂික මැරතන් ධාවන තරඟය ඉලක්කකර ගනිමින් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙන අතර එයින් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් අනතුරක් සිදුවූ බවට මේ දක්වා වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක්  පැවසුවාය.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් සිදුවීද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ‍වොෂිංටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවය කරන, පදිංචිවී සිටින සහ විවිධ අවශ්‍යතා හේතුවෙන් සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.



ටෙක්සාස් හි පිපිරීමක් explosion at Texas fertilizer plant


ටෙක්සාස් හි පොහොර කම්හලක් තුල විශාල පිපිරීමක් අද 17 වාර්තා උනා එහි වීඩියෝ පටය පහත වේ 
The large fertilizer plant explosion that rocked a Texas city Wednesday night was the “most devastating thing that’s happened to this community,” West Mayor Tommy Muska said at an impromptu news conference.
"We need your prayers," Muska said. "There’s a lot of people that are hurt. And there’s a lot of people that I’m sure are not going to be here tomorrow."
Scores of people were injured and numerous buildings were damaged in the large explosion at a fertilizer plant near Waco, Texas, according to local authorities.

තත්පර 30 කින් පිපිරීම සිදුවේ.....

2013 අලුත් අවුරුදු නැකත් සීට්ටුව - New Year Nakath Seettuwa..2013


සිංහල අලුත් අවුරුද්ද බෞද්ධ හින්දු ජාතිකයන්ගේ ජාතික මංගල්ලයක්.අවුරුද්දේ වැදගත්ම තැනක් ලැබෙන්නේ නැකත් වලට.ග්‍රහචාරයට අනුව රාශි චක්‍රයේ නැකත් නැති වෙලාවක් එනවා.ඒ නොනගතය වෙලාව ඇතුලෙම තමයි නැකත් තියෙන්නේ මුලුරටක්ම එකතුවෙලා එඅකම වෙලාවක ලිප ගිනිමොලවල එකම නැකතකට ආහාර අනුභව කරන එකතමයි තියන වඩා වධගත්කම මේ නැකත් තියන කොලයට කියන්නේ නැකත් සීට්ටුව කියල 2013 අවුරුද්දේ නැකත් සීට්ටුව තමයි පහලින් තියෙන්නේ දැන් ලෝකය දියුණු වෙලා නිසා නැකත් සීට්ටුවත් ඩිගිටල් ක්‍රමයට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ 


පරණ අවුරුද්ද සදහා ස්නානයකිරීම.
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා නුග පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට   දේවතානුස්මරනය කොට වාසය මැනවි.

අළුත් අවුරුදු උදාව.
2013 අ‌ප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 1.29 ට සිංහල අළුත් අවුරැදු අදා වෙයි.

පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 07.05 
සිට 14 වෙනි ඉරිදා පූර්වභාග 07.53 දක්වා පුණ්‍ය කාලය පවතී.

ආහාර පිසීම.
අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 04.06 ට නීල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී   දකුණු දිශාව බලා ලිප් බැද,ගිනි මොලවා,ගිතෙල් සහ හකුරු මිශ්‍රකිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිලියල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම,ගණු දෙනු කිරීම සහ ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්වභාග 07.05 ට තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කර ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 15 වන සඳුදා පූර්වභාග  06.41  ට නැගෙනහිර බලා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද,පයට දිඹුල් පත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සදහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 17 වෙනි බදාදා පූර්වභාග 07.42 ට පලා පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම මැනවි.