Sakuna Radio සකුණ රේඩියෝව

On Air Player

Your player had been Expired 

ලක් සිත්තරා පැරිසිය වර්ණවත් කරයි. - sri lanken painter coloured paris

දශක තුනකට ආසන්න කාලයක් පැරීසියේ ජීවත්වන පේ‍්‍රමරත්න මල්ලවආරච්චි දක්ෂ චිත‍්‍ර ශිල්පියාගේ  චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැරීසියට නුදුරින් පිහිටි කොර්මෙයි ඔන් පැරීසි නගර සභා ශාලාවේදි එළි දැක්වුණි.
ප‍්‍රංශ ජාතිකයෝ විශාල පිරිසක් එය නැරඹුහ. මෙම  ප‍්‍රදර්ශනයට ප‍්‍රංශ ජාතික චිත‍්‍ර ශිල්පියන්ගේ නිර්මාණද ඇතුළත් විය.

ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන් - Owagiriya ruins in King Dutugamunus satage

ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි.  දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ  සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බාරව කටයුතු කරයි.

අගෝස්තු 1 දා සිට උපකාරාක පංති තහනම්

අපොස උසස් පෙළ විභාගය ලබන අගෝස්තු මස 05 වැනිදා සිට 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2164 දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එසේම 2013 ජූනි මස 21 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට දින 5 ට ප්‍රථමයෙන් සියලුම උපකාරක පංති, පුනරීක්ෂණ, අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම තහනම් කර ඇති බව කොමසාරිස්වරයා සිහිපත් කළේය. 

මෙවර අ.පො.ස (උ/පෙ) විභාගයට නව නිර්දේශය යටතේ සිසුන් 2,80,560 ක් පෙනී සිටින බවත් , පැරණි විෂය නිර්දේශය යටතේ 12, 146 ක් පෙනී සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටියි.


විභාග කටයුතු සඳහා කාර්ය මණ්ඩලය ලෙස 16,268 ක් සේවය කරනු ඇති බවත්, පිළිතුරු පත්‍ර බැලීම සඳහා 18,200 ක් කටයුතු කරනු ඇති බවත් ඔහු පැවසුවේය.


කර්නල් පුහුණුව ලබමින් සිටිය දී විදුහල්පති හදිසියේ මියයයි - School Principal died in occurred while participating in the military training programme

රන්ටැඹේ කඳවුරේ කර්නල් පුහුණුව ලබමින් සිටි රද්දොළුගම පඤ්ඤානන්ද ජාතික පාසලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.එස්. වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන හදිසියේ මියගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බව අනාවරණය වී ඇතත් පාසල් පද්ධතියට කිසිදු ඵලදායිතාවක් නැති මෙම කර්නල් පුහුණුව වහා නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.


The Raddolugama Pangnananda National School Principal died this morning due to an accident occurred while participating in the military training programme for Principals at the Rantambe Cadet Training Camp.

According to Ceylon Teachers Union (CTU) General Secretary Joseph Stalin, the deceased Principal – W. A. Wickramasinghe (52) had passed away at the Mahiyangana hospital upon being hospitalised due a fall he suffered this morning during a physical training session.

ආසියාවේ හොඳම නළුවා තිසත් මොරගොඩ - BEST ACTOR IN SAARC FILM FESTIVAL 2013 THISATH MORAGODA


පසුගිය දිනක කොළඹ පැවතී සාර්ක් කලාපිය රටවල් සිනමා උළෙල දී හොදම නළුවා ලෙස මවුස් සිනමාපටයේ රගපැ තිසත් මොරගොඩට හිමිවිය සිනමා උළලේදී ජයග්‍රහණ ලබාගත් අනිකුත් සිනමාපට සහ විස්තර පහත වේ 

Final Results: SAARC Film Festival 2013

Best Actor - Thisal Moragoda – (Mouse) from Sri Lanka
Best Actress – Aamina Sheikh (Seedlings) from Pakistan
Trophy for Best Director – Tigmanshu Dhulia (Paan Singh Tomar) from India
Best Documentary Film – “Cost of Climate Change” – Tshering Penjor from Bhutan
Best Feature Film Bronze Medal – “Mouse” Directed by Wasantha Moragoda from Sri Lanka
Best Feature Film Silver Medal – “Seedlings” Directed by Mansoor Munjahid from Pakistan
Best Feature Film Trophy – Paan Singh Tomar – Directed by Tigmanshu Dhulia from India