සිනාසෙන බුදුරුව ~ Sakuna Radio සකුණ රේඩියෝව

සිනාසෙන බුදුරුව

ලාෆින් පිළිමය ඇතුලේ තවත් පිළිමයක් - පුවතක් ...පසුගිය දිනක බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙලඳසලකින් මිලටගත් ලාෆින් ගොඩ් ප්‍රතිමාව තුල සිරස කඩා දැමු බුද්ධ ප්‍රතිමාවක තිබී හමු වී තිබේ. කාර්මිකයෙකු ලෙස සේවය කරන  නමැති මහතෙකු මිලට ගත ප්‍රතිමාව ඇතුලේ තවත් සිරස කඩා දැමු ප්‍රතිමාවක් තැබීම බුදුදහමට කරන නිගරුවක්  බවත් නාහිමි වරුන්ගේ මතයි. කෙසේ වුවත් මෙවැනි ක්‍රියා තරයේම හෙළා දැකිය යුතුය. ලාෆින් බුද්ධ පිළිම තුල කිසිදු ගුණ කදම්භයක් හෝ නොමැති බවත් ...ලාෆින්  බුද්ධ  යනු බුදු පිළිමයක්  නොවන බවත් මහනාහිමි වරුන් පෙන්වා දෙති. එයට මුදල් තබා වැඳුම් පිදුම් කිරීම  විවිධ ව්‍යාපාර අයිතිකරුවන්  මේ රටට   බෝ කරන ලද සංස්කෘතියක කරුමයක් බැවි මෙයින් පැහැදිලිවේ. අන්තවාදී විවිධ පිරිස් විසින් මෙවැනි දේ කරගෙනයාම බුදුදහමට කරන නිගරුවක් ලෙසත් මෝඩ ජනයාව මුල්කර හෝ මුදල් ගසා කෑම සහ කීයක් හෝ කඩ ගැනීමේ කුට ව්‍යාපාර  රටාවටම පවතින බවත්     නොරහසකි. කිසිදු ආගමකට හෝ ඇදහීමකට නිගරු කල යුතුනොවේ. එහෙත් බුදු දහ‍මත් ජන සිතිවිලිත්  මුලා  කරමින් මුදල්  කොල්ලකෑමේ ව්‍යාපාර නැවැත්විය යුතුය මේ ගැන බලධාරින් ගේ අවධානය යොමු විය යුතුය.



2 comments:

ලංකාවෙ මිනිස්සුන්ට ඕන කුනුගොඩක් ඔට්ටුයි..සල්ලි ලැබෙනව නම් ඔන ඉලව්වක් තියාගනි.