ලෝක විනාසය නිර්මාණය උන හැටි end of the word as a thought ~ Sakuna Radio සකුණ රේඩියෝව

ලෝක විනාසය නිර්මාණය උන හැටි end of the word as a thought

                       7 වන ශතවර්ෂයේ ඉතාම දියුණු නගරයක් ලෙස පලන්කේ නගරය හඳුන්වන්න පුළුවන් පහත් බිම් ප්‍රදේශයක පිහිටි මේ නගරයේ පාලනය සිදු කලේ අභිරහස් රජෙක් ලෙස මායාවරුන්ගේ ඉතිහාසය සක්ෂිදරනවා ඔහු අඩි 8ක් උස යෝධයෙක්. ඔහු පැකාල් රජු ...මහා පැකල් රජු...

           ඔහු මිය ගිහින් තියෙන්නේ මේ පැලන්කේ වලදී ඔහුව මිහිදන් කරලා තියෙන්නේ මේ බිමේදීමයි ඔහුගේ සොහොන් ගැබ වට කරලා මහා පිරමීඩයක් නිර්මාණය කරලා තියනවා.

පැලන්කේ 

 මායා වරු ඔහු කිසියම් දෙවි කෙනෙක් හැටියට සලකල වැදුම් පිදුම් කළා.ඔහුගේ සොහොන් ගැබේ ඇති චිත්‍ර වලින් පෙන්වන්නේ ඔහු පොලොව යට ඇති මළවුන්ගේ ලෝකයට යන බවයි ..එහෙත් තවත් අය ගේ මතය වන්නේ ඔහු මායා රජෙක් බැවින් කිසියම් යානයක නැගී පිටසක්වලට පිටත් වී යන බවයි. චිත්‍රයට අනුව රජු යානාවේ ලිවර එහා මෙහා කරමින් එක අතකින් එය පදවන ගමන් අනෙක් අතින් යතුරු පුවරුව ක්‍රියා කරනවා. ඔහුගේ පාද යම් පැඩලයකට සම්බනදව තිබෙනවා




       ඔවුන්ට අනුව මායා ශිෂ්ටචාරය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පුර්ව 3372 දී එය පැකල් රජුගේ සොහොනේ තිබු සාක්ෂි අනුව 2012 12 21 අවසන් බව ලිය තබා තිබෙනවා.‍එසේම පැකාල් රජු ගණිතයේ සහ අනාවැකි කීමේ අති දක්ෂයෙක් .. ඔවුන්ගේ අනෙක් මතය නම් 12 21 වනදා තම ශිෂ්ටාචාරය අලුතෙන් පටන් ගන්නා බවයි

                            පැකාල් රජුගේ සොහොන
 කෙසේ උවද 12 21 වනදා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රාශි 12 එක්වෙන බවත් සොයාගෙන තිබෙනවා ...චීනය ද අයිවෙන් නම්දාර්ශනිකයාගේ මතය අනුවත් ගණිත ක්‍රම වලට අනුව 2012 12 21  ග්‍රහචාරය කුම්භ රාශියෙන් අවසන් වී මීන රාශියෙන් නව යුගයක් ඇරඹෙන බව කියා තිබෙනවා ..මේ සියලු කතා අතරේ සිදුවන නිහඬ සිදුවීමක්ද තිබෙනවා ඒ මායාවරු අතිශය ලෙස ජනප්‍රිය වීමි සහ ජනප්‍රිය කරවීම.

කෙසේ වෙතත් මායා වරුන්ට අනුව අද ලෝකය විනාශය සිදුවන දවසයි..ඒවැනි  සිදුවීමක් අභ්‍යාවකාශයෙන් හෝ වෙනත් ස්වාභවික උපද්‍රවයකින් හෝ වාර්තා වී හෝ සිදුවෙන බව සාධකහෝ  නැති බව නාසා ආයතනය පවසයි. කෙසේවුවද මේ මිත්‍යාවට හසුවී තම වෙළදාම නම් සරුකරගත් පිරිසක් අද සිටි.  

0 comments: