ජබ් තක් හේ ජාන් - Jab Tak Hai Jann
යාෂ් චොප්රා ගේ අතිශය ප්‍රේමාන්විත සිනමා පටයක් බව විචාරකයන්ගේ මතයි. දැනට විශාල ආදායමක් ලැබූ මෙම චිත්‍රපටය ජනප්‍රිය නළු නිලි යුවලක් වන ශාරුක් ඛාන් සහ කත්රිනා කයිෆ් ගේ දායකත්වයෙන් සහ සම්මානනීය සංගීත වේදියෙකු වන ඒ ආර් රහුමාන් ගේ මියුරු සංගීතයෙන් ඔප් නැංවී රිදිතිරයට පිවිස ඇත.මෙහි රඟන අනෙත් නිලිය අනුෂ්කා ශර්මාය 2008 දී ඇය බොලිවුඩ් සිනමාවට පැමිණියාය.චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දින 11 කින් ඉන්දියානු රුපියල් කෝටි 100 කඩ ඉම පසු කිරීම ඉන්දියාවේ වාර්තාවක් බවද ඉන්දීය පුවත්පත් වාර්තා කරයි හේතුව යාෂ් චොප්රාගේ නිකමයාම බවත් සමහර විචාරකයෝ පෙන්වාදෙති.
තුන් කොන් ප්‍රේම වෘත්තාන්තයක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය කත්රිනා සහ ශාරුක් එකට රගපාන පළමු චිත්‍රපටයද වේ.හමුදාවේ මේජර් වරයකු ලෙසත් සංගීතඥයෙකු ලෙසත් ශාරුක් චරිත නිරුපනය කරයි.මෙහි තිර පිටපත සහ නිශ්පාදනය ආධිත්‍යා චොප්රා වන අතර ගීත රචනා ගුල්ෂර් ගෙනි.
මෙම චිත්‍රපටය පකිස්ථානයේ තහනම් කර ඇත. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙහි කතා නායකයා කාශ්මීර යුද්ධදයකට පැටලීම යයි ප්‍රේක්ෂකයෝ කියත්. පාකිස්ථානයේ රුපවාහිනී නාලිකා වල මෙහි ප්රචාරක පටය පවා තහනම් කොට ඇත ..
මෙහි ඇත්තේ sann නම් ගීතය ඔබට ගෙන එන්නට නිෂ්පාදක කණ්ඩායම දැක්වූ වෙහෙසයි එහි අධ්යක්ෂ යාෂ් චෝප්රාද මෙහිවෙයි
0 comments:
Post a Comment