Sakuna Radio සකුණ රේඩියෝව

මායා වරුන්ගේ යාගහෝම - maya civilization

මායාවරු පිලිබදව වැඩි පුරම  කථා බහට ලක් වුයේ 2012 වසරේ ලෝක විනාශය ගැන ඔවුන් පලකල අනාවැකි නිසාය.මායා වරු පිලිබදව විස්තරාත්මකව ලොවට දායද කලේ ඇමරිකානු ජාතික එඩ්වර්ඩ් හර්බට් තොම්සන්ය.‍ ඔහු පුරා විද්‍යාඥයෙක් සේම ගවේශකයෙක් ද වෙයි. මධ්‍යම ඇමරිකාවේ යුකැටන්  හොන්ද්‍යුරස්  කෝපන් යන ප්‍රදේශ වලත් ගුවාටමාලාවේ ටිකල් සහ ඉක්ස්කන් ප්‍රදේශ අතර මායා වරුන්ගේ ශිෂ්ටාචාරය ව්‍යාප්තව තිබිණි.  එඩ්වර්ඩ් හර්බට් මායාවරුන්ගේ මෙම ශිෂ්ටචාරය සතු වූ භෞතික,ආර්ථික ,සමාජයීය  සහ ආධ්‍යාත්මික වශයෙන් වෙන් වෙන්ව තොරතුරු රැස් කරන ලදී. ඒ තොරතුරු අතර විශේෂිතම තොරතුර වුයේ සිය විමුක්තිය උදෙසා කරනු ලැබූ අමුතුම තාලයේ බිලි පුජාවක් ගැනය. තම වර්ගයාගේ පැවැත්ම සහ විමුක්තිය උදෙසා නොකැළැල් රූමත් නව යොවුන් තරුණියන් දහස් ගණනින් බිලි දීම පිලිබඳව ඉස්මතු  විනි.ඔවුන් විශ්වාස කලේ එම පිරිසිදු තරුණිය දෙවියෝ ලබාගෙන ඔවුන්ට ආශීර්වාද දීර්ඝායු ලබා දෙන බව යි.මෙම බිලි පුජාව කල දෙවොල ද දිවා රැ නිදිවරා සොයා ගැනීමට එඩ්වර්ඩ් හර්බට් සමත් විය.



 ඔහුට කාන්තා අභරණ සුවඳ විලවුන් විශාල ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි විය මෙම බිලි පුජාව කල විල ද, ඔහු සොයා ගත්තේය‍. මෙසේ වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක දිවි ගෙවූ වන්ගෙන්  අද ද 1500 පමණ ජන කොටසක් ශේෂව තිබීමත් පුදුමයකි. කවරකු හෝ ගෝතමාලවට යයි නම් අද ද මේ ඇටකටු සහිත විලට ගොස් මේ සියල්ල හි ඇත්ත සියසින්ම බල ගැනීමට හැකිය  


ඇටකටු සහිත විල


දෙවොල


රවිශන්කර් නික්මයි ..



ලෝ ප්‍රකට සිතාර් වාදකයකු වන පණ්ඩිත් රවිශන්කර්ගේ නික්මයාම 2012 දී සටහන් වෙනවා.එතුමා 1920 අප්‍රේල් 20 වනදා උතුරු ඉන්දියාවේ බරණැස බෙංගාලි බ්‍රාහ්මණ පවුලක ඉපදුනේය. භාරතීය සම්භාව්‍ය සංගීතය ලොවට ප්‍රචලිත කිරීමට   අනගි මෙහෙයක් කල ඔහුව වරෙක ඉන්දියානු අගමැතිවරයා "රවිශංකර් ජාතික සම්පතක්" බව ප්‍රකාශ කලා.


සිය තරුණවිය 


එතුමාගේ එකතුන් අතර chants of india,flowers of india,three Ragas,The sounds Of India  ආදිය ජනප්‍රිය ඒවා වේ.එතුමා 3 වරක් ග්‍රැමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ඊට අමතරව ඉන්දියානු සහ ජාත්‍යන්තර සම්මාන රාශියකින් ද පිදුම් ලැබුවේය. අවසන් වරට ඔහු ප්‍රසංගයක් පැවැත්වුයේ 2012 නොවම්බෙර් 4 වන දිනය.පසුගිය දෙසැම්බර්  6 වනදා ඇමරිකාවේ සෙන් දියාගෝ හි රෝහලකට ඔහුව ඇතුලත් කරන ලදී. වසර 92 ක් ආයු වැළදු එතුමා පසුගිය 11 වනදා සදහටම දෙනෙත් පිය ගත්තේය  


සිය ගුරුතුමාගේ නික්ම යාම දරාගන්නා සිසුවෙක්


12-12-12-12-12 ‍ට මොකද උනේ? - What Happened in 2012 12 12 - 12.12 ???


2012.12.12.දහවල් 12.12ට දොඩම්පේ ගුරුවරියක් වන ගයනි සුසන්තිකා මහත්මිය රත්නපුර රෝහලේදී දියණියක බිහිකලාය.දරුවාත් මවත් දෙදෙනාම සුවෙන් බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.ඇය ලංකා කේන්දර‍ය හිමි කුම්භ ලග්නයේ වීමත් විශේෂයක්.දියණිය‍ට දීර්ඝායුවේවා!!!

ජාතික කොඩියට සිංහයෙක් වෙනුවට පැන්ඩෙකු යොදාගෙන

රටක ජාතික කොඩිය එම රටේ සංකේතයකි.කවර රටක වුවද ජාතික කොඩියකට අයිති වර්ණ තිබේ එසේම එම කොඩියේ ලාංඡන ආදියෙන් සංකේතමත් වන්නේ එම රටේ සහ එම ජාතියේ අනන්‍ය තාවයි.සමහරු ජාතික කොඩිය වස්ත්‍ර වෙනුවට පාවිච්චි කරනුයේ ජාතියේ අගය හෝ තම රට ගැන අභිමානයක් නැති නිසාද?එසේත් නැත්නම් තම පහත් බව ලොවට පෙන්වීමටද යන්න ගැටළුවකි.ලංකාවේ ජාතික කොඩියේ සංකේතය සිංහයෙකි. එය අපේ ජාතියේ අනන්‍යතාවයි.සිංහල ජාතියේ බිහිවීම ගැන ලොව විවිධ පුරාවෘර්ත තිබේ.කෙසේ වුවද ජාතික කොඩියේ සිංහයා යනු අපේ ජාතියේ අභිමානවත්  බවේ සංකේතයකි.කඩුවක් රැගෙන සිටීමෙන් පැවසෙන්නේ එඩිතර බවකි.මේ සිංහයා වෙනුවට කඩුවක් ගත් පැන්ඩෙකු යෙදුවහොත් ????? 



             අපේ සිංහ කොඩිය නැත්නම් ජාතික කොඩියට සිංහයෙක් වෙනුවට පැන්ඩෙකු යොදාගෙන ජාතික කොඩියට අවමානය ගෙනදුන ජපන් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. 22 හැවිරිදි සින්සිරෝ කවසිමා නම් වූ ජපන් ජාතිකයා සිංහයා වෙනුවට පැන්ඩෙකු ආදේශ කරන ලද තැපැල් පත් 167 සමග අත් අඩංගුවට පත් මොහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 20 වැන්දා දක්වා බනධනාගර ගත කරන ලෙස උපදෙස් දුන්නා.රටක ජාතික කොඩියක වැදගත්කම ගැන මොන රටක කෙනෙක් උනත් සිතීම මානුෂිකත්වයට කරන ගරු කිරීමක්...මේ තැපැල් පත් තැපෑලෙන් සංසරණය උනානම් සිංහයාට කුමක් සිදුවේද?දැනටමත් එසේ වීද?අපි අපේ ජාතියට ගරු කරමු.අපේ ජාතිය අපේ මව හා සමානයි.අන් රටවල අය‍ටත් එය එසේම‍‍ය.  



එස් එම් එස් කෙලින්ම ඇසට SMS direct to EYE


 sms එහෙම නැත්නම් කෙටි පණිවිඩ කියනදේ අද නොදන්නා කෙනෙක් නැති තරම්. ජංගම දුරකථනය ලොවට දායද කල මාර්ටින් කුපර්වත් මේ කෙටි පණිවිඩ සේවාව මෙතරම් ජනප්‍රිය වෙයි කියල හිතුවද කියල වෙලාවකට හිතෙනවා.දවසකට ලෝකය පුර යවන කෙටි පණිවිඩ ප්‍රමාණය කෝටි ගණනක්. අද මේ කෙටි පණිවිඩ සේවාව ප්‍රබලම ව්‍යාපාරික සන්නිවේදන ක්‍රමයක් වෙලා තියනවා.මේ සටහන කෙටි පණිවිඩ සේවාවේ දියුණුව ගැනයි. ඔබේ කෙටි පණිවිඩය කෙලින්ම ඇසට එවුවොත් කොහොමද???.

බෙල්ජියමේ ගෙහෙන්ට් සරසවිය

              බෙල්ජියමේ ගෙහෙන්ට් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් මේ සොයා ගැනීම කරලා තියනවා.ඒ ජංගම දුරකතනයට රැහැන් රහිත තාක්ෂනය මගින් සම්බන්ද වීමෙන් පණිවිඩ කෙලින්ම ඇසට ලබා ගන්නට. මේ කාර්ය ඉටු කරන්නේ කාචයක් මගින්.මේ කාචය අපේ ඇස මත  කෙටි පණිවිඩය ප්‍රක්ෂේපනය කරනවා හරියට චිත්‍රපටයක් පෙන්නවා වගේ. මෙය තවම පර්යේෂණ මට්ටමේ තිබුනත් මුලික පියවර සියල්ලම සාර්ථක වෙලා තියනවා. අනාගතේදී මෙය රුප ප්‍රක්ෂේපනය කිරීම දක්වා දියුණු කිරීමට පියවර ගන්න බවත් පර්යේෂක කණ්ඩායම පවසනවා 


ඩයනා කුමරිය යළි උපදී - Diana - The film 2013

                                                         ඩයනා කුමරිය





ඩයනා සිනමාවට නැගේ යන්න පිලිබදව සැහෙන කලක සිටම විවිධ ආරංචි පැතිර තිබුන බව නොරහසක් එහෙත් ඩයනාගේ චරිතය රඟදක්වන්නේ කවුද පිලිබඳව විවිධ කතා පට බැඳෙමින් තිබෙනව. ඒ අවස්ථාව හිමිව ඇත්තේ නඕමි වොට්ස්ටයි  Naomi Watts. එංගලත්යේ කෙන්ට් හි උපන් ඇය සිය පළමු චිත්‍රපටයට දායක උනේ අවුරුදු 18 දී ය ඒ for love along නම් චිත්‍රපටයටයි. සුරූපී සරාගී මෙම නිළිය මේ වන විට චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක රගපා තියනව.(ඇය ගැන මෙතනින් බලන්න

චිත්‍රපයේ කේන්ද්‍රගත සිදුවීම ලෙස ගෙන ඇත්තේ ඇය ගේ ජීවිතයේ අවසන් වසර 2ක  කාලයේ ඉන්දියානු වෛද්‍ය වරයකු සමග තිබු සම්බන්ධය ගැන බව   කියවේ. කිසිදින හමුවී නොමැති මේ පෙම් පුවත වටා ගෙතී  ඇති සිනමා පටය අධ්‍යක්ෂනය කරන්නේ ඔලිවර් හර්චිසිබෙල් ය.   සත්‍යවශයෙන්ම විශිෂ්ට කාන්තාවකගේ චරිතය රඟපාන්න   අධික ලෙස   කැලඹීමකට පත් උනබවත් නඕමි වෝට්ස්  පවසා තිබේ.
නඕමි වොට්ස් -   Naomi Watt
                                                               
ඩයනා තිරයට ගෙන එන නිෂ්පාදක කණඩායම ඩයනාගේ ඇඳුම් පැළදුම් ආදිය විශාල පරිශ්‍රමයක් දරා සකසා තිබේ. එහෙත්  ජනතාව ඩයනාගේ චරිතය  නඕමි රගපනවට අකමැති  බව ප්‍රචාරය වීතිබේ daily mail  පුවත් පත නඕමි ඩයනාගේ චරිතය රඟපෑම  අසාර්ථක බව පවසා තිබේ. ඩයනා වගේ කොහොමටවත් නඕමි වෙන්නේ නැති  බව බොහෝ අය  අප්‍රසාදයෙන් කතා කර තිබේ.  මේ තත්වය මත චිත්‍රපටයේ සුළු සුළු අඩු පාඩු ප්‍රේක්ෂකයා පිළිගැනීමට කොහෙත්ම අකමැති බව මේ  අනුව තේරුම් ගත හැක.
                      ඩයනා                                නඕමි
කෙසේ වුවද මෙය ලොව වටා ප්‍රදර්ශනය වීම ගැන තවම අපට තීරණය කිරීමට නොහැකිය.අනෙකුත් රටවල ජනතාව මෙම නිර්මාණය කෙසේ පිළිගනීවිද යන්න 2013 දී තීරණය කරමු...