ඩයනා සිනමාවට නැගේ යන්න පිලිබදව සැහෙන කලක සිටම විවිධ ආරංචි පැතිර තිබුන බව නොරහසක් එහෙත් ඩයනාගේ චරිතය රඟදක්වන්නේ කවුද පිලිබඳව විවිධ කතා පට බැඳෙමින් තිබෙනව. ඒ අවස්ථාව හිමිව ඇත්තේ නඕමි වොට්ස්ටයි Naomi Watts. එංගලත්යේ කෙන්ට් හි උපන් ඇය සිය පළමු චිත්‍රපටයට දායක උනේ අවුරුදු 18 දී ය ඒ for love along නම් චිත්‍රපටයටයි. සුරූපී සරාගී මෙම නිළිය මේ වන විට චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක රගපා තියනව.(ඇය ගැන මෙතනින් බලන්න)
චිත්රපයේ කේන්ද්‍රගත සිදුවීම ලෙස ගෙන ඇත්තේ ඇය ගේ ජීවිතයේ අවසන් වසර 2ක කාලයේ ඉන්දියානු වෛද්‍ය වරයකු සමග තිබු සම්බන්ධය ගැන බව කියවේ. කිසිදින හමුවී නොමැති මේ පෙම් පුවත වටා ගෙතී ඇති සිනමා පටය අධ්‍යක්ෂනය කරන්නේ ඔලිවර් හර්චිසිබෙල් ය. සත්‍යවශයෙන්ම විශිෂ්ට කාන්තාවකගේ චරිතය රඟපාන්න අධික ලෙස කැලඹීමකට පත් උනබවත් නඕමි වෝට්ස් පවසා තිබේ.
ඩයනා තිරයට ගෙන එන නිෂ්පාදක කණඩායම ඩයනාගේ ඇඳුම් පැළදුම් ආදිය විශාල පරිශ්‍රමයක් දරා සකසා තිබේ. එහෙත් ජනතාව ඩයනාගේ චරිතය නඕමි රගපනවට අකමැති බව ප්‍රචාරය වීතිබේ daily mail පුවත් පත නඕමි ඩයනාගේ චරිතය රඟපෑම අසාර්ථක බව පවසා තිබේ. ඩයනා වගේ කොහොමටවත් නඕමි වෙන්නේ නැති බව බොහෝ අය අප්‍රසාදයෙන් කතා කර තිබේ. මේ තත්වය මත චිත්‍රපටයේ සුළු සුළු අඩු පාඩු ප්‍රේක්ෂකයා පිළිගැනීමට කොහෙත්ම අකමැති බව මේ අනුව තේරුම් ගත හැක.
ඩයනා නඕමි
කෙසේ වුවද මෙය ලොව වටා ප්‍රදර්ශනය වීම ගැන තවම අපට තීරණය කිරීමට නොහැකිය.අනෙකුත් රටවල ජනතාව මෙම නිර්මාණය කෙසේ පිළිගනීවිද යන්න 2013 දී තීරණය කරමු...
0 comments:
Post a Comment