Wednesday, January 30, 2013
රටේ ජනතාවට තදින්ම බලපාන අයුරින් වගකීමෙන් තොර වෛද්‍ය සේවය රටපුරාම ව්‍යාප්තවී තිබේ. මේ සම්බනධව පියවර ගන්නේ කවුද ?ජනතවගෙන් බොහොමයකටම මේ සම්බනදව නිසි අවබෝධයක් හෝ දැනුමක් නැතිවීම සහ දැනුවත් කිරීමක් නැති වීම මෙම අශිලාචාර දොස්තර සේවයට ඉනිමන් තනා දී තිබේ. මෙවැනි දේ සම්බන්ධයෙන් රජයෙන් ශක්තිමත් වැඩ පිළිවෙලක වහා අවශ්‍යතාවය දැන් පැන නැගී තිබේ.දිනකට පැය 4ක් වත් නිදිනොලබා ලක්ෂ ගණනින් හම්බ කරන දොස්තරලා එසේ කිරීම් කම් නැතිද?තමන්ගේ නොසැලකිල්ල වෙනුවෙන් අසරණ රෝගීන් බිල්ලට ගියාට කම් නැත්ද?මේ සම්බන්ධව බලධාරින් කරන්නේ කුමක්ද?හිසරදයට බෙහෙත් ගැනීමට ගම්පහ රෝහලට ගිය පාසල් ශිෂ්‍යාවක් මියගියේ වෛද්‍යවරුන්ගේ සැලකීමෙන්ද? මහමෝදර රෝහලේ ගැබිනි මවක් මියගියේ වෛද්‍යවරුන්ගේ සැලකීම නිසාද?පොලොන්නරුව රෝහලේ සිසේරියන් සැත්කමෙන් පසුව මියගිය කාන්තාවගේ ගර්භාෂය මසා නැති බව කීවේ මල්සාලාවේ එම්බාම්කරුවන්ය.බලපිටිය රෝහලේ ගැබිනි මවක් මිය ගියේ සිය දරුවාද සමගය. අද බිලි උනේ මාතර උරුබෝක්කේ අචලා ප්‍රියදර්ශනි නමැති නීති පීඨ ශිෂ්‍යාවයි හෙට මේ අසාධාරණය වෙන්නේ ඔබටයි. එතකම් ඔබ උඩ බලාගෙන සිටිනුද?
.