Sakuna Radio සකුණ රේඩියෝව

විජය නික්මී වසර 25 - Wijaya Kumarathunga Memories


මම කිසිසෙත් මරණයට බිය නොවෙමි. එහෙත් මට ඇතැම්විට මරණය ගැන බියක් දැනේ. යම් හෙයිකින් මා මලදාක ඔබගේ පියා මලේ කුමකින් දැයි? පාසලේ සහොදර ශිය්‍යයෙකු මගෙ පුත්‍රයාගෙන් විමසු කලෙක මගේ පියා මලේ බයිස්කොප් එකක තරුණියක් සමග මල් ගස් වට නටමින් ගී ගයද්දී හැදුන පපුවෙ අමාරුවකින් යයි පිලිතුරු දීමට මගෙ පුත්‍රයාට සිදුවේ. ඒ නිසා මම අද බියෙන් පසු වෙමි. මට ඕනේ එවන් මරණයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ කොළ කොටියෙකු‍ගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකින් හෝ මගෙ හිස කුඩු පට්ටම් වි මිය යන්නට ලබුනොත් මට එයට වඩා සැපක් නැත. 


ශ්‍රී ලංකා මහජන පක්ෂයෙ නායක විජය කුමාරතුනංග මහතා අද දහවල් නාඳුනන තුවක්කු කරුවකුගෙ වෙඩි පහරින් මිය ගියේය.

 ඒ විජය කුමාරතුනංග නම් මානව හිතවාදියාගේ මිය ගිය පුවත ගුවන් විදුලියෙන් වාර්තා කලේ ඒ අයුරිනි. විජය මරා දමා 1988 පෙබරවරි 16 වන දින සිට  අදට වසර 25කි ඔහු මරා දැමීම ජනතා විමුක්ති පෙරමුන විසින් කරන ලද්දක් බව එවකට මුලු රටෙම එකම මතය විය. කෙසේ උවද විජය කව්රුත් දන්නා පරිදි දක්ෂ ජනප්‍රිය නලුවෙකි. හොඳ ගායකයෙකි.දේශපාලනය කෙසේ වෙතත්  ඔහු සැබවින්ම මනුෂ්‍යයෙකි 1945 ඔක්තොබර් 9 වන දා  ජාඇල දී මෙලොව එලිය දුටු ඔහු වඩා ජනප්‍රියත්වයට පත් වුයේ සිංහල සිනමාවේ නලුවෙකු ලෙසය 1967 වසරෙ පුවත්පත් දැන්වීමක් මගින්  අලුත් චිත්‍රපටයකතරුන නලුවකු සුගතපාල සෙනරත් යාපා සොයන්නට පටන් ගත්තේය කොල්ලුපිට්ය හේග් පාරෙ නිවසෙ තිබු මෙම පරික්ෂනය සඳහා තරුණයෝ 540 සහභාගි විය විශ්ව විද්‍යාලයෙ කතා පුවතක් වටා ගෙතුනු මෙම චිත්‍රපටය සඳහා සමහර නලු නිලියො එවිටත් තෝරාගෙන තිබිනි හීන් දැලි රැවුලක් ඇති බොකුටු කොන්ඩයක් හිමි තරුණයෙකු ව මේ සඳහා තෝරාගත්තේය..ඔහු විජය කුමාරතුංග විය 1970 අප්‍රියෙල් මාසයෙ තිරගත වු හන්තානේ කතාවෙන් ඔහු රිදි තිරය ජය ගත්තේය




‘හන්තානේ කතාව‘ තුළින්  දුටු දැකුම් කළු  තරුණයාගේ චරිතය තව තවත් තහවුරු කෙරෙන චරිත ඉන් පසු ඔහුට ලැබිණි.
තුෂාරා’ (1973),යසපාලිත නානායක්කාර
දුලීකා’ (1974)කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා,
සිකුරු ලියා’ (1975),එච්. ඩී. පේ‍්‍රමරත්න
සංගීතා’ (1975)තිමති වීරරත්න
පෙම්බරමධු’ (1977)  සුගතපාල සෙනරත් යාපා ඒ සුවිශේෂ දායකත්වයන්ය
ඉන් පසු ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර, සුනිල් ආරියරත්න යන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයන්ට සම්බන්ධ වෙමින් සිය නිර්මාණ කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කළ ද නළුවෙක් ලෙස සිය ස්ථාවරය පවත්වාගෙන යාමටත් අඛණ්ඩව ජනප්‍රිය නළු කිරුළ රඳවා ගැනීමටත් ඉවහල් වූයේ ආරම්භයේ දීම රසිකයන් ඔහු කෙරෙන් දුටු දැකුම්කළු ප්‍රසන්න යෞවනයාගේ චරිතය නඩත්තු කිරීම සඳහා ඔහු වෙත එකපිට එක ලැබුණේ චිත්‍රපට ගංඟාවකි
ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව‘ (1974) ලාංකීය සිනමාවේ නව සංධිස්ථානයක්  සටහන් කෙළේ ය. විජයගේ දායකත්වය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට මෙන්ම පතිරාජ විසින් ඉන් අනතුරුව නිර්මාණය කළ එයා දැන් ලොකු ළමයෙක් (1977), බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) චිත්‍රපටවල සාර්ථකත්වයට ද විජයගේ ප්‍රතිභාපූර්ණ රංගනය  බලපෑවේ ය.ය.
විජය කුමාරතුංග ප්‍රවීණ සිනමා පටයක ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ නිර්මාණයකට මුල්වරට සම්බන්ධ වන්නේ 1976 දී ය. ඒ කුවේර රාජ්‍යයක් ගොඩනඟාගෙන සිටි නරපතියෙක්ගේ චරිතයක් වටා නිර්මාණය වූ the god king චිත්‍රපටයේ ය. විජය එහි ලලිත් නම් සෙනෙවියෙකුගේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කෙළේ ය.
ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් අනතුරුව නිෂ්පාදනය කරන ලද අහසින් පොළොවට (1978) හා බැද්දේගම (1981) චිත්‍රපට සඳහා ද විජයගේ සම්මාදම ලැබුණු අතර එම චිත්‍රපට ත්‍රිත්වය අතරින් ‘බබුන්’ නම් වූ යටත් විජිත පාලන තන්ත්‍රයේත් පීඩාවට පත් ගැමියාගේ චරිතය විජය කුමාරතුංග නිරූපණය කළ ආකාරය ප්‍රශංසනීයයි.
විජය ජනප්‍රිය නළුවෙක් ලෙස කෙතරම් ස්ථාවරයක් රඳවාගෙන සිටියද ඔහු කලාත්මක සිනමාව තුළ තවදුරටත් රැඳී සිටීමට ඇති අවශ්‍යතාවය හැම විටම අගය කෙළේ ය. එවැනි කෘතියකට ඔහුට ආරාධනා ලැබුණු විට ඔහු ඉමහත් කැපවීමකින් ඒ කටයුත්ත සඳහා සහභාගී විය.
ඔහුගේ රංගන දිවියේ අග්‍රඵලය ලෙස වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා’ (1989) චිත්‍රපටයේ රඟපෑ ‘ධනරත්න’ගේ චරිතය හැඳින් විය හැක. විජය එයට පෙර වසන්තගේ ම දියමන්ති (1976) චිත්‍රපටයට ද සම්බන්ධ වී තිබිණ.
රංගන ශිල්පියෙක් ලෙස විජය කුමාරතුංග අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකවරුන්ට පහසුවෙන් ගනු දෙනු කළ හැකි චරිතයක් විය. නළුවෙක් ලෙස ජනප්‍රියත්වයට ඉහළ සිටි ඔහු රඟපෑමේ දී සැප පහසුකම් ඉල්ලා සිටියේ නැත. ඔහු සමහර චිත්‍රපටවලට සම්බන්ධ වී තිබෙන්නේ මුදල් අය කිරීමකින් තොරව ය.ඒ ඔහුගේ හැටියකි.ඔහු මනුස්සයෙක් යැයි කිව හැක්කේ ඒ නිසාය
විජය කුමාරතුංග නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියාගේ හැකියාවෙන් වැඩක් ගත් චිත්‍රපට හැටියට තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ (1980) හා මහගෙදරත් (1982) සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ (1980) හා සුනිල් ආරියරත්නගේ ක්‍රිස්තු චරිතය (1990) සැලකිය හැක. විජය ක්‍රිස්තු චරිතය “චිත්‍රපටයේ රඟපාන අවධියේ තමන් නිරූපණය කළ චරිතය ගැන සඳහන් කරමින් පවසා තිබුණේ “ මේ චිත්‍රපටයේ රඟපා මම මැරුණත් කමක් නැහැ” යනුවෙනි.
ඔහු රඟපෑ මිහිදුම් සිහින (1982) යස ඉසුරු (1982) මරුවා සමඟ වාසේ (1977) වැනි චිත්‍රපට පේ‍්‍රක්ෂකයන් අදත් ස්මරණය කරති. විජය පෙම්වතාගෙන් පටන්ගෙන අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන් සටන් වදින චරිත නිරූපණය කරමින් ගොඩනඟා ගත් පෙරළිකාරී චරිතය පසුව දේශපාලනය උදෙසා ද ජීවිතය ආයෝජනය කෙළේ ය
විජය ජීවිතය ආයෝජනයේ නියම ප්‍රතිලාභය  ලැබුවේය.  මේ කාලකන්නි පාදඩ සමාජය ඔහුට ජීවත් වීමට ඉඩ දුන්නෙ නැත. ඔහුගේ බිරිඳ පසු කලෙක ජනාධිපති වුවද මිනිමරුවන් නීතිය ඉදිරියට ගෙන මිය ගිය මානව හිතවාදියාට සාධාරණයක් ඉටු කලේද? අපි ඔහු වෙනුවෙන් කුමක් කරන්නද?




සූර්යාගේකොටස් පෘථිවියට කඩා වැටේද? Solar Storm Warning

වසර එකොලහකට පමන පසුව පැමිනෙන සුර්ය කුනාටුවක් දැන් පැමිණ තිබේ.මෙහි දී මුලික වශයෙන් සිදුවන්නේ සූර්යාගෙ උශ්ණත්වය වැඩි වීමත් ශේෂ කොටස් අභ්‍යවකාශය පුරා විසිර යාමත්ය. එසේ විසිර යන කොටස් පෘථිවියට ඒමට උවද බොහෝ සෙයින් ඉඩ ඇත. එහෙත් සැනසිල්ලට කරුණ නම් පෘථිවියෙ ඇති චුම්බක කේෂ්ත්‍රය නිසා ඒවා ජන ශුන්‍ය උත්තර සහ දක්ශිණ ඩ්‍රැව වලට ඇදී යාමයි. කෙසේ උවද එසේ පෘථිවිය දෙසට ශේෂ කොටස් එන්නේ නම් එය දින දෙක තුනකට කලින් අපට දැන ගත හැකිවන බවත් සතුටට කරුනකි. එයට හේතුව පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ප්‍රමානයයි. කෙසේ උවත් මේ හේතුවෙන් කාලගුණ විපර්යාස අධික උනුසුම  ආදිය ඇති විය හැක්කෙන් මෙය තවත් ලෝක විනාශයක් නම් නොවන බව ලංකා තාරකා විද්‍යා සංගමය පවසයි



සූර්ය ගිනිදැල් විසිරෙන ආකාරය - රූපය Discovery 



ස්වර චිත්‍රපටයට සම්මාන - SWARA - sinhala Film win awards




සංජය නිර්මාල් අධ්‍යක්ෂනය කළ   නීටා ප්‍රනාන්දු  නිපදවූ ස්වර  සිනමා පටය 5 වන  ජායි පුර්  අන්තර්ජාතික සම්මාන උළලේදී රටවල් 90 ක චිත්‍රපට 274 අතරින් ලෝකයටම පොදු පණිවිඩයක් දෙන චිත්‍රපටයක් ලෙස ජුරියේ විශේෂ සම්මානය දින ගැනීමට සමත් උනා. ඒඩ්ස් රෝගය සම්බන්ධ කතා පුවතක් වටා ගෙතී ඇති මෙම සිනමා පටය  නීටා ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග ,දමිතා අබේරත්න,ඩබ්ලියු ජයසිරි,බුද්ධික ජයරත්න ශ්‍රියන්ත මෙන්ඩිස් ආදී ප්‍රවීණ නලුනිලි එකතුවකි. මෙහි සංගීතය රංග දසනායකගෙනි.

කතාව ඇතුලු විස්තර රඟහල පිටුවෙන් 
මෙතනින් ඇතුල්වෙන්න











ලෝකයේ හොඳම වෛද්‍ය සේවාව ඇති රට ලංකාව බවට පත්වේද?best medical service country in the world?

රටේ ජනතාවට තදින්ම බලපාන අයුරින් වගකීමෙන් තොර වෛද්‍ය සේවය රටපුරාම ව්‍යාප්තවී තිබේ. මේ සම්බනධව පියවර ගන්නේ කවුද ?ජනතවගෙන් බොහොමයකටම මේ සම්බනදව නිසි අවබෝධයක් හෝ දැනුමක් නැතිවීම සහ දැනුවත් කිරීමක් නැති වීම මෙම අශිලාචාර දොස්තර සේවයට ඉනිමන් තනා දී තිබේ. මෙවැනි දේ සම්බන්ධයෙන් රජයෙන් ශක්තිමත් වැඩ පිළිවෙලක වහා අවශ්‍යතාවය දැන් පැන නැගී තිබේ.දිනකට පැය 4ක් වත් නිදිනොලබා ලක්ෂ ගණනින් හම්බ කරන දොස්තරලා එසේ කිරීම් කම් නැතිද?තමන්ගේ නොසැලකිල්ල වෙනුවෙන් අසරණ රෝගීන් බිල්ලට ගියාට කම් නැත්ද?මේ සම්බන්ධව බලධාරින් කරන්නේ කුමක්ද?හිසරදයට බෙහෙත් ගැනීමට ගම්පහ රෝහලට ගිය පාසල් ශිෂ්‍යාවක් මියගියේ වෛද්‍යවරුන්ගේ සැලකීමෙන්ද? මහමෝදර රෝහලේ ගැබිනි මවක් මියගියේ වෛද්‍යවරුන්ගේ සැලකීම නිසාද?පොලොන්නරුව රෝහලේ සිසේරියන් සැත්කමෙන් පසුව මියගිය කාන්තාවගේ ගර්භාෂය මසා නැති බව කීවේ මල්සාලාවේ එම්බාම්කරුවන්ය.බලපිටිය රෝහලේ ගැබිනි මවක් මිය ගියේ සිය දරුවාද සමගය. අද බිලි උනේ මාතර උරුබෝක්කේ අචලා ප්‍රියදර්ශනි නමැති නීති පීඨ ශිෂ්‍යාවයි හෙට මේ අසාධාරණය වෙන්නේ ඔබටයි. එතකම් ඔබ උඩ බලාගෙන සිටිනුද?
 

ඊබට් විජේසිංහ Ebert Wijesingha Passes away

හෙළ සිනමාවේ අංගරචන ක්ෂේත්‍රයට අනගි මෙහෙයක් ඉටුකළ ඊබට් විජේසිංහ කලාකරුවා සදහටම ඊයේ දෙනෙත් පිය ගත්තේය ඔහු චිත්‍රපට 200 වඩා සිය අනගි සහය ලබා දුනේය.  ඔහු සුරබිදෙන බද්දේගම සහ පරිත්‍යාගය යන චිත්‍රපට සදහා ජනාධිපති සම්මාන ද හිමිකරගෙන ඇත.


 He worked in more than 20 number of films,projects including Akasa Kusum,Anantharathriya,Chaya,Bakmahadeegaya,Sarungale, and many more..in a career spanning several decade.1974 සැණකෙළියේ චිත්‍රපටයෙන් වේශ නිරුපන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු චිත්‍රපට 6ක පමණ රංගනයෙන්ද දායක වී ඇත. ඔහු ප්‍රවීණ ශිල්පීන් සේම නවක ශිල්පීන් සමගද සහයෝගයෙන් කටයුතු කිරීම කැපී පෙනෙන්නකි. මිය යන විට ඔහු 71 වන වියේ පසුවිය. 

රිසානා බේරාගැනීමට හැකිවීද?can we rescue Risana Nafeek?

සෞදි අරාබියේදී සිව්මස් හැවිරිදි බිලින්දියෙකු හිතා මතාම මරණයට පත් කළේය යන චෝදනාවෙන් ද්වාද්මි හි පිහිටි  බනධනාගාරයේදී හිස් ගැසුම් කෑ රිසානා නෆීක් නමැති ශ්‍රී ලාංකික දැරිය බේරා ගැනීමට ඉඩ තිබිණිද?මෙය අප විමසා බැලිය යුත්තක්.. සත්‍ය වශයෙන්ම ඇය උපන්නේ 1988 පෙබරවාරි 4 වනදා.  ඇය සේවයට පිටත් වන්නේ 2005 මැයි 4  වැනිදා.  ඒ වන විට ඇගේ වයස අවුරුදු  17යි. ඇය 1988 උපන්නද ඇයගේ ගමන් බලපත්‍රයේ සටහන් වෙන්නේ ඇය උපන්නේ 1982 බවයි. එය අපේ රටේ රැකියා නියෝජිතයෙකුගේ වංචනික ක්‍රියාවක්. ඇය ද්වාද්මි හි පිහිටි නායිෆ් ජිසියාන් ඛලාෆ් අල් ඔටාබි ගේ නිවසේ සේවයට යවනු ලබනවා.ගෘහ සේවයට පුහුණුවක් ලැබුනද මේතරම් කුඩා දරුවකු බලාගැනීමට ඇයට තේරුමක් නෑ.මන්ද ඇය පුහුණුව ලබා තිබුනේ ගෘහ සේවයට මිසක් ආයා කමට නොවන නිසා. ගෘහ සේවයට අමතරව  ආයා වැඩේ කිරීමට සිදුවීම අරාබි නීතියට අනුව නිවැරදිද ?මේ ගැන කතා කරන්නේ කව්රුන්ද?ඇය කුඩා බිළිඳාට කිරි පොවමින් සිටියදී කිරි ස්වසන මාර්ග ගතවීමෙන් බිලිඳා මිය යනවා ඒ 2005 මැයි 22 වනදා. රිසානාට මරණ දඬුවම හිමිවන බව කිසිවෙක් දැන සිටියේ නැති බව යි වාර්තාවෙන්නේ. ඉන් හැඟෙන්නේ රිසානා නිකන්ම නිදහස් වනබව හැමෝම හිතගෙන හිටියා යන්නද? මෙසේ මරණ දඬුවමට ලක් වූ එකම කෙනා රිසානා විතරක් නෙවේ.ඒ කියන්නේ අපිට අපේ රටේ උගතුන්ට බලධාරීන්ට අනුමාන කරන්න තිබුනා ඇයට මේ ඉරණම අත් වෙන බව..2005 සිට 2013 දක්වා කාලය වසර කීයක්ද? ඒ වෙනතෙක් අප කලේ කුමක්ද? නායිෆ් ජිසියාන් ඛලාෆ් අල් ඔටාබි හමු වී සාකච්චා කලාද ?බිලිඳාගේ අම්මා හමුවීද?රිසානාට සිදුවූ දේ කියන්නට හැකිවීද ?ඇයගේ භාෂව සම්බන්ද ගැටලුව විසදීද ?ඒ පිලිබනද අප කලේ කුමක්ද?මස 4 බිලිදෙකුට මව් කිරි හැර බෝතල් වලින් කිරිපෙවීම ෂරිය නීතිය අනුව වලංගුද?මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කවුද? රිසානා මියගොස අහවරය. ඊළඟට හිස ගැසුම් කන්නේ කවුද? ඔබේ අම්මා, සහෝදරි!එතකන් අපි උඩ බලාගෙන සිටිමු.

                                 රිසානා ගේ පියා යැවු ලිපිය 



වීඩියෝව සඳහා ස්තුතිය 
සහෘද නෙත්FM නාලිකාවට