Sakuna Radio සකුණ රේඩියෝව

හලාල් ගැටුම අවසන් - Halal Trouble over

දේශීය නිෂ්පාදන සඳහා හලාල් සහතිකය නිකුත් නොකරන බව සමස්ත ලංකා ජමෙඉතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.එසේම විදේශ ගැනුම් කරුවන් ඉල්ලා සිටියහොත් පමණක් එය නොමිලයේම නිකුත් කරන බව එම සංවිධානය මාධ්‍යට දැනුම් දී තිබේ. ඒ අනුව මෙතෙක් පැවතී හලාල් ගැටලුව දැන් විසඳී තිබේ

මාලිංගගේ හැසිරීම - Malinga's Anger

ලංකාව ක්‍රිකට් අතින් ලෝකයේ ඉහලම ශ්‍රේණිය ලබා ඇති රටක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.අප රටට එම වාසනාව උදාවී ඇත්තේ අපේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ලෝලීන් නිසා බව නොරහසකි.ඕනෑම රටක ක්‍රීඩකයන් සඳහා  ක්‍රීඩාවේ විනය පවත්වාගෙනයාම සදහා නීතිරීති සම්පදනට සම්පාදනය කෙරේ.එම නීති ගිවිසුම් වාර්ෂිකව හෝ කාලීනව අලුත් කෙරේ.මෙය සාමාන්‍ය සිද්ධියකි ලංකාවේද එය එසේමය.එහෙත් ජාත්‍යන්තර තලයට ඕනෑම කෙනෙකු ඔසවා තැබෙන්නේ මාධ්‍ය හරහාය මාධ්‍යට ප්‍රතිචාර දැක්වීම හික්මීමකින් කල යුත්තකි.ලසිත් මාලිංග තම කෝපය මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීමෙන් ජනප්‍රිය වන්නේ ඔහුය ගිවිසුමේ අඩුපාඩු වැරදි තිබීමට පුලුවන.එහෙත් ඒ සදහා ප්‍රතිචාර දැක්විය යුත්තේ මෙසේද යන්න කලපනා කොට බැලීම වටි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකු-ට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.
වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය දා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතු වී තිබේ.



ලසිත් මාලිංග ජාතික රුපවාහිනී කැමරාවට අදහස් දැක්වූ අයුරු



මේ පිළිබඳව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ අදහස්

විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි -Dr. DVJ Harischandra passed away





ජනප්‍රිය විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා 01දා එනම් ඊයේ කලුබෝවිල රජයේ  රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 1938 මාර්තු 11 වැනි දින ගාල්ල මිහිරි පැන්න දී උපත ලද හරිස්චන්ද්‍ර මහතා මියයන විට හැත්තෑපස් වැනි වියෙහි පසුවිය.

ලංකාවේ ප්‍රථම හෘද, උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරිය වන ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය ඇතුළු දූවරුන් තිදෙනකුගේ පියකු වන විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතාට බුදු දහම, සාහිත්‍ය ආදිය පිළිබඳ මනා දැනුමක් විය.

2000 වසරේදී රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී හොඳම ඉංගී‍්‍රසි ගද්‍ය ග්‍රන්ථයට රාජ්‍ය සම්මානය හිමිකරගත් හරිස්චන්ද්‍ර මහතා බුදුදහම හා මානසික සුවය ජාතක කථා පිළිබඳ මනෝ විද්‍යාත්මක කරුණු, “ජාතක ගීත සංග්‍රහය, විභාග රහස්, ආදිය ඇතුළු ග්‍රන්ථ රැසක කතුවරයෙක්ද වේ



Consultant Psychiatrist Dr. DVJ Harischandra passed away  at the Kalubowila Teaching Hospital when he was admitted following a heart attack.

According to a hospital spokesperson Dr. Harischandra who had been 75 years of age had passed away prior to his admission.

A father of 3 and a former alumnus of the Saint Aloysius College in Galle Dr. Harischandra became a synonymous personality subsequent to appearing besides late Venerable Gangodawila Soma Thero during televised religious programmes.

ශ්‍රී ලංකාවට අත නොතබනු! - Keep Hands Off from Sri Lanka



ශ්‍රී ලංකාවට එරෙහි ව නැඟෙන මානව හිමිකම් චෝදනාවලට ආණ්ඩුව ඉතා තර්කානුකූල ව පිළිතුරු සපයමින් සිටී. සත්‍ය කරුණු මත පදනම් වෙමින් මානව හිමිකම් කොමිසමේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් රාජ්‍යයන් විවේචනය කිරීමට ද ආණ්ඩුව නිර්භීත වී සිටී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කිසිවක් සැඟවීමට උත්සාහ කරන්නේ නැති බවත්; ඕනෑම චෝදනාවකට ඍජු පිළිතුරු ලබාදීමට සූදානම් බවත් අපගේ නියෝජිත කණ්ඩායමේ හැසිරීමෙන් මොනවට සනාථ වේ. ආණ්ඩුවේ නියෝජිතවරිය පළමුව කියා සිටියේ අමෙරිකාව ඉදිරිපත් කිරීමට යන වාර්තාව අයුක්ති සහගත වන්නා සේ ම මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්තිවලට ද පටහැනි බව ය.

මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලෙයි මැතිනිය මුල සිටම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ තැනැත්තියකි. ඇය ජාතිවාදී ස්වරූපයකින් හැසිරෙන බවත්; දෙමළ ත්‍රස්තවාදයට වක්‍ර ලෙස සහයෝගය දක්වන බවත් සිහි නුවණ ඇති ඕනෑම කෙනකුට පැහැදිලි වේ. එතුමියගේ වාර්තා, විවේචන හා නිර්දේශ යන සියල්ලෙහි ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාව දැඩි අසීරුවකට පත්කිරීම ය. ඇයගේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට බාධාවක් බවත්; සංහිඳියාවට බාධාවක් බවත් ඇමැති මහින්ද සමරසිංහ මහතා කෙළින් ම කියා සිටියේ ය.

මෙය ඉතා වැදගත් අවස්ථාවක් සේ සැලැකිය හැකි ය. මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන නිලධාරිනිය හා ඇයට සහයෝගය පළ කරන අමෙරිකන් නියෝජිත පිරිස ද ඉදිරියේ මේ චෝදනා එල්ල කිරීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඍජුභාවය ප්‍රකට වේ. මානව හිමිකම් කොමසාරිස්වරිය මේ සැසියට පෙර සිට ශ්‍රී ලංකාව ගැන දැක් වූ අදහස් නිවැරැදි නැත. ඇයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවැරැදි වැටහීමක් හෝ වර්තමාන කටයුතු සම්බන්ධයෙන් අත්දැකීමක් ද නැත. එතුමිය සැසියට පෙරාතුව දැක්වූ විවේචනාත්මක අදහස් වෙනත් රටවල් නොමඟ යවන සුලු ය. මේ තත්ත්වය අනෙකුත් රාජ්‍යයන් නිසි ලෙස අවබෝධ කරගන්නේ නම්; වඩා වැදගත් වනු ඇත.

ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කළ හැකි ය. පළමුවන්න නැවත පදිංචිකිරීම් ය. දෙවන්න යුද්ධය පැවැති පළාත්වල අද පවත්නා සංවර්ධන ක්‍රියාවලිය යි. ‍ෙතවන්න උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය යි. මේ කරුණු එක් අතකින් මානව හිමිකම් කොමිසමේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද නිර්දේශවලට එකඟ ය. මානව හිමිකම් කොමිසම බැලිය යුත්තේ ශ්‍රී ලංකාව ඉහත කී සාධක කොතෙක් සාර්ථකව ඉටු කර තිබේ ද යන්න ය. එහෙත් කොමිසමේ ඇතැම් පාර්ශ්වයන් උත්සාහ කරනුයේ වෙනත් චෝදනා මත ශ්‍රී ලංකාව මත වරද පැටවීමට ය.

ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම අවසන් වූයේ 2009 මැයි මාසයේ ය. අද වන විට ගෙවී ඇත්තේ වසර තුන - හමාරක් වැනි සුළු කාලයෙකි. මානුෂීය මෙහෙයුම අවසන් වන විට සරණාගතයන් ලෙස සිටි පිරිස 2,95,000ක් වූහ. මේ සුළු කාලය තුළ සියලු සරණාගතයන් නැවත පදිංචි කිරීමට හැකියාව ලැබී ඇත. සියලු දෙනාට ම පාහේ තමන්ගේ පරණ වාසස්ථාන හා ගම්බිම් ලැබී ඇත. ඇතැම් පවුල් ඔවුන්ගේ කැමැත්ත මත වෙනත් ප්‍රදේශවල පදිංචි වී සිටිති. 2013 ජනවාරිය අවසන් වන විට අවසන් කණ්ඩායම ද නැවත පදිංචි කර තිබේ. දැන් සරණාගත කඳවුරු නැත.

කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් මත සරණාගත තත්ත්වයට පත් වූ මේ පිරිසට වාසස්ථාන, ආහාර හා වෙනත් පහසුකම් ලබා දුන්නේ රජයේ වියදමෙන් ය. කොටි සංවිධානයේ බලය පැවැති කාලයේ මේ පිරිසගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබිණි. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී තිබිණි. එහෙත් මානව හිමිකම් කොමිසම හෝ අමෙරිකාව වැනි බලවත් රාජ්‍යයන් හෝ කොටි සංවිධානයේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැත. කොටි සංවිධානය සිය අවසන් කාල පරිච්ඡේදය තුළ ද ළමා සොල්දාදුවන් 594 දෙනකු බඳවාගෙන තිබිණි. අද මේ පිරිස පුනරුත්ථාපනය කොට සමාජගත කර තිබේ. මුළුමනින් ම ගත් කළ එල්.ටී.ටී.ඊ. යුද පුහුණුව ලද 12,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපන ක්‍රියාවලියට හසුකොට පසු ව සමාජ ගත කර සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් දැන් රැකියාවල නිරත වෙති.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතට හා නැඟෙනහිර පළාතට ලබා දී ඇති නව සංවර්ධනය එක අතකින් පුදුම සහගතය. යුද්ධයක් පැවැති රාජ්‍යයක යුද කලාපයක් මෙතරම් කෙටි කාලයක් තුළ සංවර්ධනය කර ඇති එක ම රාජ්‍යය ශ්‍රී ලංකාව විය යුතුයි. පලාලි ගුවන් තොටුපොළ හා කන්කසන්තුරේ වරාය මේ වන විට මුළුමනින් ම නිදහස් ය. ධීවර කටයුතු හා කෘෂිකර්මය සාමාන්‍ය පරිදි සිදුවේ. ජන ජීවිතය ද මුළුමනින් ම නිදහස් ය. දහස් ගණන් දේශීය හා විදේශීය සංචාරකයෝ උතුරේ චාරිකා කරති. වාණිජ කටයුතු පුළුල් වෙමින් පවතී. එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පුපුරුවා විනාශ කරන ලද උතුරේ දුම්රිය මාර්ගය යළි ඉදිවෙමින් පවතී. 2015 වන විට එය විවෘත කිරීමට සැලැසුම් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ එක් චෝදනාවක් වන්නේ උතුරේ ආරක්ෂක හමුදාවන් රැඳී සිටීම ය. එහෙත් හමුදාව ක්‍රමයෙන් එම ප්‍රදේශවලින් ඉවත් කරගෙන ඇති බව ඔවුන් හෙළිදරව් කරන්නේ නැත. අද උතුරේ අධි ආරක්ෂිත කලාප නැත. බිම් බෝම්බ පැවැති ප්‍රදේශවලින් 99%ක් පමණ ඒවායින් මුදාගෙන නිදහස් කලාප බවට පත් කර තිබේ. රජයේ හමුදාවෙන් අනුඛණ්ඩ කිහිපයක් පමණක් එහි රැඳී සිටිති. දෙමළ ජනතාවගේ ආරක්ෂාවට හා රටේ ආරක්ෂාවට එබඳු පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබේ. එහි රැඳී සිටින හමුදාව උතුරේ සිවිල් පාලනයට ඇඟිලි ගසන්නේ නැත. සංවර්ධනය සඳහා ඉඩම් ලබා ගැනීමේ දී ද සාමාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබේ.

මේ තත්ත්වයන් නිවැරැදි ලෙස තක්සේරුවට ලක්කළහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු මානව හිමිකම් චෝදනාවක් එල්ල කිරීමේ හැකියාවක් කිසිදු රාජ්‍යයකට හෝ කිසිදු සංවිධානයකට හෝ නැත. එහෙත් ලෝකයේ බලවත් රාජ්‍යයන් මෙන්ම බලවත් සංවිධාන ද කටයුතු කරනුයේ දෙබිඩි ප්‍රතිපත්තියක් මත ය. ඒ අනුව අමෙරිකාවේ මානව හිමිකම් ගැන කිසිවකු කතා කරන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවලට අසත්‍ය කරුණු මත පදනම් වෙමින් චෝදනා එල්ල කිරීමට සමහරුන් සූදානම් ය. මේවා අපගේ ස්වාධීනත්වයට එරෙහිව නැඟෙන අභියෝග බැවින් ඊට නොබියව හා සැලැසුම් සහගත ව මුහුණ දිය යුතු ය.

.

war crimes in Sri Lanka ලංකාවේ යුධ අපරාධ


මානව හිමිකම කෞන්සිලයේ 20 වන සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයේ මහා කොමසාරිස් වන නවනන්දනී පිල්ලේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව තුල දැවැන්ත ලෙස යුධ අපරාධ සිදු වී ඇති බවයි. එහි සත්‍ය තාවයක් ඇත. ලංකවේ සිටි උගතුන් දේශපාලන නායකයන් පවා LTTE නමැති  ත්‍රසතවාදී සංවිධානය ඝාතනය කර තිබේ.

 දැනට ඊනියා දෙමල ඩියස් පෝරාව විවිධ රටවල ක්‍රියාත්මක වෙමින් විවිධ අන්දමේ මඩ ප්‍රචාරක ක්‍රම භාවිත කරමින් ලංකවේ මානව හිමිකම් උල්ලංඝනය වුබවට ඔප්පුකිරීමට වෙර දැරීම පවතින වාතාවරණය නැති කිරීමට අර අදින තවත් මගඩියකි. පහත රුප පෙලින් දැක්වෙන්නේ LTTE නම් කුරිරි ත්‍රස්ත වාදී සංවිධානය විසින් අමු අමුවේ මහමගදී ඝාතනය කල සහ තුවාල සිදුකල අපරටේ දේශපාලන නායකයන් සහ උගතුන් බුද්ධි මතුන්ය...අපරටේ එවකට හමුදා පති වරයද එඅ අතර සිටි ආරක්ෂක ඇමති වරයෙක් හිටපු ජනාධි පතුවරයෙක්  ජනාධිපතිවරිය විදේශ කටයුතු ඇමති වරයෙක් තව බොහෝ පිරිස් පහත රුපපෙලෙහි වෙයි. එවිට මානව හිමිකම් කෞන්සිලය හිටියේ බුදියගෙන හෝ නිදිවැදගෙනය. නැත්නම් මේ මියගිය මිනිසුන් මනවයන්ද නොවේ. නවනන්දනී පිල්ලේ නමැති කොමසාරිස් වරිය එවිට හිටියේ මවගේ කුසේද? නැත ඇයගේ අරමුණ මනවයනට සාධාරණයක් කිරීම නෙවේ රටකට අංචියක් ඇද දෙමල දිය්ස්පොරවෙන් තම මඩිය තරකර ගැනීමයි. ඔබ ලාංකිකයෙක් නම් මෙයට එරෙහි වන්න




ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා


ගාමිණී දිසානායක ජනාධිපති අපේක්ෂක


හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගේ රියට බෝමිබ




ජනපති ප්‍රේමදාස මැතිතුමා


බිරිඳට සැමියා අහිමිව  මානව හිමිකමි කඩ නොවී



ඔසී අබේගුණසේකර



ආරක්ෂක ඇමති රන්ජන් විජයරත්න


විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් 




2013 ඔස්කාර් සම්මාන උළෙල Oscar Awards 2013



| |

2013 ඔස්කාර්  සම්මාන උළෙල මෙවරද ඇති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුවා මෙවරද චිත්‍රපට රාශියක් ඉදිරිපත් වූ තිබු අතර විවිධ අංශ වල සිනමාපට ප්‍රදරශනය වීම මෙවර විශේෂයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙස ඔස්ට්‍රියාවේ Argo  චිත්‍රපටය සම්මාන ලැබුවා. නිර්දේශිත සහ ජයග්‍රාහී සිනමාපට නාමලේඛනය පහතින්....
අපට කවදා ඔස්කාර්  සම්මානයක් ලැබේද?




2013 Oscar Winners
Winners are highlighted in red. 

BEST PICTURE
Amour
Argo - Watch Trailer Click here...
Beasts of the Southern Wild
Django Unchained
Lincoln
Les Miserables
Life of Pi
Silver Linings Playbook
Zero Dark Thirty

BEST DIRECTOR
Ang Lee, Life of Pi
Benh Zeitlin, Beasts of the Southern Wild
David O. Russell, Silver Linings Playbook
Michael Haneke, Amour
Steven Spielberg, Lincoln

BEST ACTOR
Daniel Day-Lewis, Lincoln
Denzel Washington, Flight
Hugh Jackman, Les Miserables
Bradley Cooper, Silver Linings Playbook
Joaquin Phoenix, The Master 

BEST ACTRESS
Naomi Watts, The Impossible
Jessica Chastain, Zero Dark Thirty
Jennifer Lawrence, Silver Linings Playbook
Emmanuelle Riva, Amour
Quvenzhané Wallis, Beasts of the Southern Wild

BEST SUPPORTING ACTOR
Christoph Waltz, Django Unchained
Philip Seymour Hoffman, The Master
Robert De Niro, Silver Linings Playbook
Alan Arkin, Argo
Tommy Lee Jones, Lincoln

BEST SUPPORTING ACTRESS
Sally Field, Lincoln
Anne Hathaway, Les Miserables
Jacki Weaver, Silver Linings Playbook
Helen Hunt, The Sessions 
Amy Adams, The Master

ADAPTED SCREENPLAY
Argo
Beasts of the Southern Wild
Life of Pi
Lincoln
Silver Linings Playbook

ORIGINAL SCREENPLAY
Amour
Django Unchained
Flight
Moonrise Kingdom
Zero Dark Thirty

ANIMATED FEATURE
Brave
Frankenweenie
ParaNorman
The Pirates! Band of Misfits
Wreck-It Ralph

FOREIGN LANGUAGE FILM
Amour
Kon-Tiki
No
A Royal Affair
War Witch

DOCUMENTARY FEATURE
5 Broken Cameras
The Gatekeepers
The Invisible War
How To Survive A Plague
Searching for Sugar Man

CINEMATOGRAPHY
Anna Karenina
Django Unchained
Life of Pi
Lincoln
Skyfall

COSTUME DESIGN
Anna Karenina
Les Miserables
Lincoln
Mirror Mirror
Snow White and the Huntsman

FILM EDITING
Argo
Life of Pi
Lincoln
Silver Linings Playbook
Zero Dark Thirty

MAKEUP AND HAIRSTYLING
Hitchcock
The Hobbit: An Unexpected Journey
Les Miserables

PRODUCTION DESIGN
Anna Karenina
The Hobbit: An Unexpected Journey
Les Miserables
Life of Pi
Lincoln

ORIGINAL SCORE
Anna Karenina
Argo
Life of Pi
Lincoln
Skyfall

ORIGINAL SONG
"Before My Time," Chasing Ice
"Everybody Needs A Best Friend," Ted
"Pi's Lullaby," Life of Pi
"Skyfall," Skyfall
"Suddenly," Les Miserables

SOUND EDITING
Argo
Django Unchained
Life of Pi
Skyfall(Tie)
Zero Dark Thirty(Tie)

SOUND MIXING
Argo
Les Miserables
Life of Pi
Lincoln
Skyfall

VISUAL EFFECTS
The Hobbit: An Unexpected Journey
Life of Pi
The Avengers
Prometheus
Snow White and the Huntsman

ANIMATED SHORT
Adam and Dog
Fresh Guacamole
Head Over Heels
Maggie Simpson in "The Longest Daycare"
Paperman

LIVE ACTION SHORT
Asad
Buzkashi Boys
Curfew
Death of a Shadow
Henry

DOCUMENTARY SHORT
Inocente
Kings Point
Open Heart
Redemption
Mondays at Racine