Sakuna Radio සකුණ රේඩියෝව

ලෝක විනාසය 2012 දී

ලෝක විනාසය ගැන විවිධ ආගම් දර්ශන වාදීන් විසින් විවිධ අවස්ථා කාල වලදී විවිධ මත ඉදිරිපත් කර තිබේ.ආගම් වලට අනුව පැවැත්මක් ඇති සෑම දෙයකම නිමාවක් තිබිය  බව දේශනාවකි .මෙ දිනවල ප්‍රචලිතම ප්‍රවාදය වන්නේ 2012 දෙසම්බෙර් 21 වෙනිදායින් පසුව ලෝකයේ පැවැත්මක් නැති බවත්, එදින හෝ එදිනට දින කීපයකට පෙර ලෝකය ස්වභාවික උපද්‍රවයක් මගින් විනාශයට පත් වේය යන්නයි. මෙයට පාදක වී ඇති කරුණවන්නේ මායා වරුන්ගේ දින දර්ශනයේ 2012 12 21   පසුව දිනයන් නොමැති වීම බව ප්‍රචලිත වීමත්,මායා වරුන් මේ දක්වා පලකල මත නිවැරදි වීමත්ය.ලෝකය සම්බන්ධ විවිධ පර්යේෂණ පවත්වන ආයතන තිබුනද ඇමරිකාවේ නසා ආයතනය ඉතා ප්‍රචලිත එසේම ලෝකය පිලිබදව, විශ්වය පිලිබඳව විවිධ  පර්යේෂණ වල නිරන්තරයෙන් නියැලෙමින් සිටින ආයතනයකි. ඔවුන් පවසන්නේ එවැනි දෙයක් සිදුනොවන බවයි.the world will not end in 2012.our planet has been getting along just fine for more than 4 billion years,and credible sicentists world wide know of no threat associated with 2012 ... NASA official web site.
.ඔවුන් එසේ කියුවද ඇමරිකාව තුලම මෙම ලෝක විනාශ කතාව විශ්වාස කරන 22% සිටීම පුදුමයට කරුණකි. හරි අඩක්ම මෙම දිනයටම ලෝක විනාසය සිදුවෙති  විශ්වාස කරති.එංගලන්තය ගත කල ඔවුන්ගෙන් 8% පමණ මෙම මතය පිළිගනී



 බෙල් ජියම  එම අගය 7% කි තුර්කි ජනයා 20% විශ්වාස කරති  මෙය  පදනම් කරගෙන ලෝකයේ විවිධ මන්තරකරුවන්, සාස්තරකරුවන් පේනකියන්නන් ට තම ව්‍යාපාර හොඳ හැටි කරමින් තම මඩිය තරකර ගනී..මේ පිලිබඳව අඩුම විශ්වාසයක් ඇත්තේ ආසියාතික රටවල ජනතාවගේය.කෙසේවුත්  සුනාමි චන්ඩ රළ පිලිබඳ අත්දැකීම් නොමැති අප එම අත්දැකීම ලබා ගත්තේ එම විනාශයෙන් පසුවය..ලෝකය යම්  දවසක විනාශ  වුවත්  2012 සිදුවන බවට ඇති සාධක ඉතා අල්පය..අපි දිරියෙන් මුහුනදෙමු .. 


43 වන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙ‍ලේ හොඳම නිළියට හිමි සම්මානය

43 වන ඉන්දියානු අන්ත්‍තර්ජාතික සිනමා උ‍ළෙල......අංජලි පටෙල්......ප්‍රසන්න විතානගේ.......වෙන්ත රටක නිලියක් සම්මාන ලැබීම..... මේ සියල්ල කියවන විට ඔබට තේරුම් ගනීමට අපහසු වේවි මේ කුමක්ද? කියා.මේ සටහන සම්මානනීය චිත්‍රපට අධ්‍යයක්ෂවරයකු වන ප්‍රසන්න විතන්ගේ නිර්මාණය කල නවතම සිනමා ප‍ටය ගැනයි."ඔබ නතුව ඔබ එක්ක"....ඉන්දීය නිලි අංජලි පටෙල් රංගනයෙන් දායක වු මෙම සිනමාපටය අගොස්තු මස 23 වන දින මොන්ට්‍රියල් සිනමා උළෙලෙහි පළමු වරට තිරගත උනා.එතැන් පටන් සිනමා උළෙලවල් ගනණාවකට ඉදිරිපත් වූ මෙම චිත්‍රපටය 43 වන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශයෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා.මෙම චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහසයේ මුල් වරට ලාංකීය චිත්‍රපටයක් වෙනුවෙන් වෙනත් රටක නිලියක් සම්මානයට ලක්වීම සිදුවු පළමු අවස්ථාව මෙයයි. එසේම මෙය ඇය විසින් දිනා ගත් පලමු සම්මානයද වේ...



සිනාසෙන බුදුරුව

ලාෆින් පිළිමය ඇතුලේ තවත් පිළිමයක් - පුවතක් ...පසුගිය දිනක බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙලඳසලකින් මිලටගත් ලාෆින් ගොඩ් ප්‍රතිමාව තුල සිරස කඩා දැමු බුද්ධ ප්‍රතිමාවක තිබී හමු වී තිබේ. කාර්මිකයෙකු ලෙස සේවය කරන  නමැති මහතෙකු මිලට ගත ප්‍රතිමාව ඇතුලේ තවත් සිරස කඩා දැමු ප්‍රතිමාවක් තැබීම බුදුදහමට කරන නිගරුවක්  බවත් නාහිමි වරුන්ගේ මතයි. කෙසේ වුවත් මෙවැනි ක්‍රියා තරයේම හෙළා දැකිය යුතුය. ලාෆින් බුද්ධ පිළිම තුල කිසිදු ගුණ කදම්භයක් හෝ නොමැති බවත් ...ලාෆින්  බුද්ධ  යනු බුදු පිළිමයක්  නොවන බවත් මහනාහිමි වරුන් පෙන්වා දෙති. එයට මුදල් තබා වැඳුම් පිදුම් කිරීම  විවිධ ව්‍යාපාර අයිතිකරුවන්  මේ රටට   බෝ කරන ලද සංස්කෘතියක කරුමයක් බැවි මෙයින් පැහැදිලිවේ. අන්තවාදී විවිධ පිරිස් විසින් මෙවැනි දේ කරගෙනයාම බුදුදහමට කරන නිගරුවක් ලෙසත් මෝඩ ජනයාව මුල්කර හෝ මුදල් ගසා කෑම සහ කීයක් හෝ කඩ ගැනීමේ කුට ව්‍යාපාර  රටාවටම පවතින බවත්     නොරහසකි. කිසිදු ආගමකට හෝ ඇදහීමකට නිගරු කල යුතුනොවේ. එහෙත් බුදු දහ‍මත් ජන සිතිවිලිත්  මුලා  කරමින් මුදල්  කොල්ලකෑමේ ව්‍යාපාර නැවැත්විය යුතුය මේ ගැන බලධාරින් ගේ අවධානය යොමු විය යුතුය.




රුක්මනී දේවී

1978 ඔක්තෝබර් 28 දා රුක්මනී දේවී නම් කලාකාරියගේ නික්ම යාම ඉතිහාසයේ සටහන් වෙනව. සිංහල සිනමාවේ ප්‍රථම නිලිය....සිනමාවේ ගීත කෝකියාවිය ලෙස විරුදාවලිය ලත් ඇය  සිය පළමු ගීතය තැටිගත කිරීම1938  ඔක්තෝබර් 29 සිදුවෙනව. සිරි බුද්ධගයා විහාරේ ගීතයෙන් ලාංකේය ගීත කලාවට පිවිසි ඇය ගේ වයස එවිට අවුරුදු 15 යි.1947 දී තිරගතවූ මෙරට පළමු සිංහල චිත්‍රපටය වූ කඩවුනු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ද ඇයයි..ඉන් ඇරඹුන ඇයගේ සිනමා දිවියෙහි චිත්‍රපට 99 ක විවිධ චරිතවලට පණ දුන්නා.




එකරැයින් ජයගත් ගැන්ගම් නැටුම




ගැන්ග්නම් යනු දකුණු කොරියාවේ  සෝල් නගරයේ කුඩා පරිපාලන දිස්ති‍්‍රක්කයකි. ඒ ගැන දැන සිටියේ එරට වැසියන් සහ ජාත්‍යන්තරයේ ඉතාමත් සුඑ පිරිසක් පමණි. පසුගිය ජූලි 15 දා ‘‘ ගැන්ග්නම් ’’ නගරය එක් රැයකින් ලෝක ප‍්‍රසිද්ධියට පත්වූයේය.
එහෙත් එය කටවහරට පැමිණියේ ‘‘ ගැන්ග්නම් ’’ නමින් නොව ‘ ගැන්ගම් ’ යනුවෙනි. 
Gangnam (강남; 江南 Gangnam, literally "South of the River"), officially the Gangnam-gu (강남구; 江南區) is one of the 25 gu (local government districts) which make up the city of SeoulSouth Korea. As of the 2010 census, Gangnam had a population of 527,641,[1] making it the 4th most populated district in Seoul. Gangnam is the third largest district in Seoul with an area of 39.5 km2
කොරියාවේ රැප් ගායකයකු වන ප්සායි සිය නවතම නර්තන වින්‍යාසයක් ඉදිරිපත් කරමින් ගැන්ගම් නමැති නැටුමක වීඩියෝ දර්ශන එළිදැක්වීමත් සමග මේ ප‍්‍රසිද්ධිය ලැබී තිබේ.  ඔහුගේ මේ නර්තන වින්‍යාසය දැන් ගැන්ගම් සම්ප‍්‍රදාය ලෙස ලෝකය පුරා ජනපි‍්‍රය වෙමින් තිබෙන්නේ ජාති ආගම් බේදයකින් තොරව සියඑ ජන කොට්ඨාස ඒ වෙත ආකර්ශනය කරගනිමිනි.
සෝල් නගරයේ ගැන්ග්නම් නමැති වර්ග කිලෝ මීටර 39.5 ක් වූ පරිපාලන දිස්ති‍්‍රක්කයේ 527,641 ක් වන ජනතාවකගේ ජන ජීවිතයට යම් සමාන බවක් පෙන්වමින් කොරියාවේ නූතන ශබ්ද මෙම ගීතයට යොදාගෙන ඇත. අශ්වයකු පිට යන අශ්වාරෝහකයකු අනුකරණය කරමින් නර්තනය ඉදිරිපත් කරන ප්සායි එහි දර්ශන තල සඳහා යොදාගෙන ඇත්තේ ගැන්ගම් නගරයේ පසුතල පමණක් වීම විශේෂත්වයකි.
අනපේක්ෂිත ලෙස එළිදැක්වූ මේ නර්තනය නරඹන  ඕනෑම අයකු ඒ කෙරෙහි ආකර්ශනය කැර ගැනීමට ප්සායි සමත්ව ඇත.
2012 ජූලි මස 15 වැනි දින ”යූ ටියුබ්” නමැති සමාජ වීඩියෝ ජාලයට එක්කරන ලද මේ නර්තනය මේ වනවිටත් ලොව පුරා කෝටි 42 ක් ඉක්මවූ ජනතාවක් විසින් නරඹා ඇති අතර අන්තර්ජාලය ඔස්සේ තමන් කැමතිම ගීතය මේ නර්තනය අඩංගු ගීතය බව ප‍්‍රකාශ කළ සංඛ්‍යාව ද ලක්ෂ 21 ක් ඉක්මවා තිබේ. එය යූ ටියුබ් ඉතිහාසයේ නව වාර්තාවකි.
යූ ටියුබ් වීඩියෝ ජාලයට මේ නර්තනය එක් කිරීමත් සමගම එය සතියක් ඇතුළත වඩාත් ජනපි‍්‍රයත ම ගීත 100 අතරට පත්වූයේ බොහෝ දෙනකු විශ්මයට පත්කරමිනි. අන්තර්ජාල තොරතුරු අනුව පෙනී යන්නේ නර්තනය අන්තර්ජාලයට එකතුකිරීමෙන් පසු ගතවූ කාලයේදී සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ 15 ක් පමණ අ`ලූතෙන් මෙම ගීතය නරඹන බවයි. ඇතැම් දිනවලදී එය ලක්ෂ 90 ඉක්මවා ඇත්තේ විස්මිත අයුරිනි.


ෆේස්බුක්, ට්විටර් යන සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නන් පමණක් සැළකූ විට ඇමෙරිකාවේ සියයට හතක්, කැනඩාවේ සියයට 6.8 ක්, කොරියාවේ සියයට හතරක් පසුගිය සැප්තැම්බර් 11 දිනත් 18 දිනත් අතර ගතවූ සතියේදී මෙම ගීතය තම යහඑ යෙහෙළියන් අතර හුවමාරු කැර තිබේ.
යුරෝපයේ ජනපි‍්‍රයතම කලාකරුවන් වන ටී.පේන්, කැටී පෙරී, බි‍්‍රට්නි ස්පියර්ස්, ටොම් කෲෂ් නෙලී යන අය ද මේ නර්තනය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡා වලදී කතා කරන තරමටම එය ජනපි‍්‍රය වී තිබේ.
ගැන්ගම් නර්තනයට ලැබුණු ජනපි‍්‍රයත්වය හේතුවෙන් ඇමෙරිකාවේ රජය ගැන්ගම් නර්තනය තම නාවල් ඇකඩමියේ ඉගැන්වීම සඳහා කොරියා රජය සමග සාකච්ඡා කරමින් සිටියි. ප්සායි හදිසියේම ලබාගත් මේ ජනපි‍්‍රයත්වය හේතුවෙන් ලොව පුරා පැවැත්වෙන ප‍්‍රසංග සඳහා ඔහුට ආරාධනා ගලා එමින් තිබේ.
2012 අවසානයේ ජර්මනියේ පැවැත්වීමට නියමිත යුරෝපීය ගීත සම්මානය සඳහා මේ නර්තනය යෝජනා වී තිබේ.
කොරියා රජය පවසන්නේ ප්සායිගේ මේ නර්තනය හේතුවෙන් ගැන්ගම් නගරයේ කුඩා ළමුන්ගේ ජන ජීවිතය පවා දැන් වෙනස්ව ඇති බවයි. ඇමෙරිකාව පවසන්නේ දැන් ගැන්ගම් රැුල්ලක් නිර්මාණය වෙමින් පවතින බවයි. මෙතෙක් ලොව පුරා ජනපි‍්‍රය වී සිටි සියඑම රැප් ගායකයන් පරදමින් ”ප්සායි” ඉදිරියට එද්දී ගැන්ගම් නර්තනය කී‍්‍රඩා පිටිය ද ආක‍්‍රමණය කරමින් තිබෙන බව පසුගියදා නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය අවසානයේ දැක්වූ රංගනයෙන් පෙනී යයි.
ඇමෙරිකාවේ කැලිෆෝනියාව, බෙවර්ලිහිල්ස් වැනි නගරවල ගැන්ග්නම් පුහුණු සැසි පැවැත්වීමට ද ප්සායි හට ආරාධනා ලැබී තිබේ. දීර්ඝ කාලයක් කොරියාවේ රැප් ගායකයකු ලෙස සංගීත ක්ෂේත‍්‍රයේ රැඳී සිටි ප්සායි පවසන්නේ කොරියානු ජන ජීවිතයේ හැඩතල සරලව නර්තනයක් ලෙස ඉදිරිපත් කිරීමට හැකිවූ බැවින් එය වඩාත් ඉක්මණින් ජනපි‍්‍රය වූ බවයි. එමෙන්ම ඔහු පවසන්නේ මෙය ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි නර්තන වින්‍යාසයක් වීම ද ජනපි‍්‍රයත්වයට හේතුවක් වනු ඇති බවයි.
කොරියාවේ ප්සායි කෙටිම කාලයකින් සංගීත ක්ෂේත‍්‍රයේ වඩාත්ම ජනපි‍්‍රය වූ පුද්ගලයා බවට පත්ව සිටියි.

adapted from