පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් ලෝකයේ මුල්වරට නිශ්චිත සාධක -
Monday, January 21, 2013
No comments
පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් ලෝකයේ මුල්වරට නිශ්චිත සාධක සොයා ගැනීමට ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය ඒකාබද්ධ විද්‍යාඥ කණ්ඩායමක් සමත් වෙති.
පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයෙන් ලැබුණු උල්කාපාත කැබැලිවල පාෂානීභූත ඇල්ගී විශේෂයක් පවතින බවට බකිංහැම් සරසවියේ තාරකා ජීව විද්‍යාව පිළිබද මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත.
පිටසක්වල ජීවයක පැවැත්ම සම්බන්ධ න්‍යාය තහවුරු කිරීමට නිශ්චිත සාධක ශ්‍රී ලංකාවෙන් හමුවූ බවට එමඟින් විද්‍යාඥයෝ සනාථ කර තිබෙන අතර විශ්වයේ ජීවයක් බිහිවීමට පාදක වී ඇත්තේ උල්කාපාත හා ග්‍රාහක කොටස් බවද එම පර්යේෂණයේදී තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව මෙම නවතම සොයා ගැනීම්වලට අනුව විශ්වයේ වෙනත් ග්‍රහලොවක පැවැති ජීවයක් පෘථිවියට පැමිණ ඇති බවට තහවුරු වී ඇත. පසුගිය දෙසැම්බර් 29 දා අරලගන්විල ප්‍රදේශයට කඩා වැටුණු උල්කාපාත පාෂාණ කැබලි සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව විද්‍යාඥයන් මෙම නිගමනයට එළඹ ඇති අතර මෙය ලෝකයේ මෙතෙක් සිදුකළ පිටසක්වල ජීවයට අදාළ වැදගත්ම සොයා ගැනීම බවද විට්ස් සරසවියේ මානව පරිණාම ආයතනයේ විද්‍යාඥ මහචාර්ය ප්‍රැන්සිස් තැකරේ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණයන් සිදුකර තිබෙන අතර මේ නව සොයා ගැනීම තාරකා විද්‍යාඥයන් පිරිසක් අතර දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ. උල්කාපාතයන් වැනි කැබැලි සොයා ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශකර තිබෙන බවට ඔවුන්ගේ මතය වී තිබේ. මේ අතර තාරකා විද්‍යාඥ සහ දේශක ෆිල් ප්ලේට් මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ අනුව සැකයකින් තොරව උල්කාපාත කැබැල්ලක් බවට හඳුනාගෙන ඇති බවය. මේ පිළිබද 'ෆොසිල් ඩයටම්ස් ඉන් අ නිව් කාබනේෂස් මිටියෝරයිට්' යනුවෙන් ජර්නල් ඔප් කොස්මෝලොජි සඟරාවේද මෑතකදී ලිපියක් පළවි
adapted by
ලක් මවගේ දියණියකට රාජකීය සම්මාන - Anjalikas design is fit for the Queen
Thursday, January 17, 2013
No comments
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් තේ කෝප්පයක් සහ පිරිසියක් නිර්මාණය කල ලංකාවේ 12 හැවිරිදි අංජලිකා විමලසූරිය දැරිය මහ රැජින ට එය පිළිගැන්වීමට බකින්ග්හැම් මාලිගයට යාමට නියමිතයි. මහා බ්‍රිතාන්‍යයේ සිසුන් අතර පැවතී මෙම තරඟයෙන් අංජලිකා ද මැග්රාත් නම් 9 හැවිදිරි දැරියත් ජය ගත්තාය. ඔවුන්ගේ සැලසුම් අනුව බෙර්ස්ලම් හි මුවර් ක්‍රාෆට් පිගන් භාණ්ඩ කම්හල එම පිරිසි කෝප්ප කට්ටලය නිෂ්පාදනය කළේ. ඇන්ජලිනා ශ්‍රීමත් ස්ටන්ල්යි මැතිව්ස් විද්‍යාලයේ ශිෂ්‍යාවකි. ඇය සමග එම පාසලෙන් ශිෂ්‍යාවන් 20 දෙනෙක් තෝරා ගැනිනි.ඒ අතරින් අයගේ නිර්මාණය ජය ගත්තාය ඇයට පොත් පත් ගැනීම සඳහා පවුම් 2500 (රුපියල් 515 000) ත්‍යාගයක් ලැබිනි.ඇයගේ මව පැවසුවේ ඇය චිත්‍ර ඇඳීමට ආසා කරන බවත්ය..ඔබට අපි සුබ පතමු
ඇයගේ වීඩියෝව
ඇයගේ වීඩියෝව
TALENTED schoolgirl Angelika Wimalasooriya is off to Buckingham Palace – after designing a cup and saucer fit for the Queen.
The 12-year-old was chosen as the winner of a contest to create crockery to mark the Diamond Jubilee. Angelika – who was competing against children from all over the country – will now visit the royal household to present the finished ware, which has been produced by Burslem-based Moorcroft Pottery.
Angelika, who attends Ormiston Sir Stanley Matthews Academy in Blurton, said: "A lot of thought went into the design.
අග විනිසුරු වරිය ඉවත්කිරීම පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රතිපත්ති වලට එරෙහි ?
Wednesday, January 16, 2013
No comments
තෛයිපොන්ගල් උළෙල - Thipongale Festival
Monday, January 14, 2013
No comments
සුරිය පොංගල් මකර සංක්‍රාන්තිය නමින් හදුන්වන තෛයිපොන්ගල් උළෙල ලොව පුරා හින්දු බැතිමතුන් අද (14) සමරති මෙහි පරමාර්ථය සුරිය දිව්‍ය රාජයාට තම වගාවට උදවු කල ගවයින්ට ආදිය කළගුණ සැලකීමයි. තම ගොවි බිම් වල සිට ගෙන ආ අලුත් සහල් හිරු උදාවීමට පෙර සුර්ය දිවය රාජයාට පුජා කිරීමෙන් මෙම උළෙල ඇරඹේ.තම නිවසේ වරණ ගැන්වූ කුඩුවලින් බැතිමත්හු තෛයිපොන්ගල් උළෙල වර්ණවත් කරති
From derana
From derana