Sakuna Radio සකුණ රේඩියෝව

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත කෙරේ - Mthtala International Air port








ගුවන් සේවා ඉතිහාසයේ රන් සලකුණක් සනිටුහන් කරමින් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සුබ මොහොතින් අද විවෘත කෙරේ.

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත වීමෙන් අනතුරුව අවස්ථා හතරකදී ගුවන් යානා 4 ක් නව ගුවන් තොටුපළ කරා පිවිසීමට ද නියමිත ය. මුලින් ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැමිණෙන අතර එම යානයෙන් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ද උත්සවයට සහභාගි වීමට පැමිණීමට නියමිතව ඇත. වොෂිංටන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඩුබායි හරහා මත්තලට පැමිණීමට නියමිත ය. ඉන් අනතුරුව මත්තලට ‘එයාර් ඇරබියා’ ගුවන් යානයක් පැමිණෙන්නේ 150 කට අධික මගී පිරිසක් ද රැගෙන ය.

මේ හා සමඟම ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානයක් ද මත්තල දක්වා පැමිණෙන අතර එහි එමිරේට්ස් ගුවන් සේවා ආයතනයේ ඉහළ නිලධාරීන් රැසක් ද පැමිණීමට නියමිතය.

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මාර්තු 18 දා පළමු අදියර විවෘත කිරීමත් සමඟ මිලියනයක මගී ධාරිතාවක් හැසිරවිය හැකි බව පවසන ඇමැතිවරයා, මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් මගීන් මිලියන 7.2 ක් හැසිරවීම් සිදුකරන බව ද පවසයි

ටිබැටයේ උපන් සිංහල මහින්ද හිමි ස්මරණය කරමු




ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ


ටිබෙට් දේශයේ සිකිම් නුවර උපන් තෂිනෙම්ග්‍යල් කුමරුවා වයස 12 දී පමණ පැවිදි යතුවරයාණන් නමක් වූ තම සොහොයුරු සිකීම් පුන්නජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමඟ මෙරටට සැපත් වූහ. දොඩම්දූවේ පොල්ගස්දූවේ ආරාමයේ වෙසෙමින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් සිංහල පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ තෂිනෙම්ගදල්මහා බෝධි විද්‍යාලයට ඇතුළත් වී ඉංග්‍රීසි භාෂාව ද හැදෑරුවේ ය. පළමු ලෝක සංග්‍රාමය පැවති සමයේ පුන්නජි හා ඤාණතිලෝක හිමිවරුන්ගේ ඇවෑමෙන් මොහු පැවිදි බිමට පත් වූබව සඳහන් ය. මෙතුමන් පැවිදි බව ලැබුයේ දොඩම්දූවේ ශෛල බිම්බාරාමයේදී සිකීම් මහින්ද නමිනි. පැවිදි උපාධ්‍යයන් වහන්සේ වූයේ රත්ගම, සිරි චූල සුමන හිමියන්ය. මුලසිටම කවියට ඇලුම් කළ මහින්ද හිමියන්ට දොඩම්දූවේ දී හමු වූ සිරි ජිනරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ තම කවිකම පුබුදුවා ගන්නට අවස්ථාව උදාවිය.
මුලදී අමරපුර නිකායේ පැවිදි බව ලත් මේ හිමියන් 1930 පමණ එවක විද්‍යාලංකාර පරිවේණාධිපතිලුණු පොකුනේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ළඟ යළි පැවිදි බව ලැබූහ. 1931 උපසම්පදාව ලද මුන්වහන්සේ රත්මලානේ වැඩ වෙසෙමින්, සිංහල, පාලි, සංස්කෘත යන තෙබසින්ම ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, විභාග සමත්ව ආනන්ද මහ විදුහලේ ගුරුපත්වීමක්ද ලැබූහ. 1936 සිට පානදුරේ මහ බෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ වාසය කළ මහින්ද හිමියෝ අපවත්වනතුරු එහි වැඩ විසූ බව සඳහන් ය. එහිදී ශාසනික මෙන්ම මහා ජාතික මෙහෙවරක් ඉටු කළහ. එස්‌. මහින්ද හිමි 1934 සිට 1936 දක්වා නාලන්දා විද්‍යාලය, කොළඹහි ගුරුවරයෙක් වශයෙන් සේවය කලහ.

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

මහින්ද හිමි ජාතිය පුබුදුවන්නට කී කවි එදා මෙදාතුර සිංහල ජාතිකයන්ගේ සිත්තුළ නොනැසී, සටහන් ව පවතී. උන්වහන්සේ කවියෙන් කළ ජාතික සේවාව කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය, ළමා කවි, දේශාභිමානි කවි හා ජාතිකාභිමානී කවි,දහම් කවි ඒ කොටස් තුනයි. උන්වහන්සේ ගද්‍ය පත පොත ලියා ඇතත් පද්‍ය කාව්‍ය තරම් ඒවා ජනතාව අතරට නොගියේ එවකට සිංහලයාට දේශාභිමානී හා ජාතිකාභිමානී කවි අවශ්‍ය යුගයක් මෙන්ම පද්‍ය තරම් ජාතික හැඟීම් දනවන්නට ගද්‍ය අපෝසත් වීම නිසා විය හැකි ය.
මහින්ද හිමියන්ගේ දේශාභිමානී හා ජාතිකාභිමානී කවි එදා පරාදීනව සිටි සිංහල ජනතාවගේ හදවත්වලට කා වැදුණි. එදා ඉංගී‍්‍රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය. සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය.
ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණ කමත් බණ දහමත් එයයි මට

     නිදහස් දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල උන්වහන්සේ තුළ තිබූ ප්‍රබල දෑහිතකාමයට දෙස් දෙන්නේ ය. එදා අපරටට අවශ්‍යව තිබූ නිදහස ලබා ගන්නට උන්වහන්සේ කවිය අමෝරාගෙන සටන් වැදුණේ ය.මහින්ද හිමියන් කරන ලද ජාතික සේවාවේ ප්‍රබල අංගයක් ලෙස උන්වහන්සේ සිංහල දැයේ දරුවන්ට දෙන ලද ළමා සාහිත්‍ය පත පොත හඳුන්වා දිය හැකි ය. මහින්ද හිමියන් සාහිත්‍යයට කරන ලද මෙහෙවර අද්විතීයහ.

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

ජාතික තොටිල්ලෙන් උන්වහන්සේ දැයේ දරුවන්ට තමා උපන්බිම ගැන තමා උපන් ජාතිය ගැන ජාතික කැක්කුම දනවන්නට උත්සාහ කිරීම නිසා එදා දැයේ දරුවන් උපන්බිමට ආදරය කරන්නට විය.


ළමා සාහිත්‍ය පෝෂණය කරන්නට උන්වහන්සේ ලියූ කවි අතර,
 ‘උදය සවස’ ‘මගේ පොතේ අගේ’ ‘ලේනා’ , ‘බමරා හා මල’, ‘වයසේ වෙනස’, ‘මඟුල් ගෙවල් දෙකක්’, ‘රෝස මල හා ළමයා’, ‘ සමගිය බලයවේ’, ‘ කීකරු ළමයා’, ‘යුතුකමෙහි අගේ’, ‘මව්බිම’, ‘ හොඳ ළමයා’ වැනි කවි වලින් යහපත් ළමා ලෝකයක්, ආදරය අහිංසාව දනවන ළමා මනසක් ගොඩනඟන්නට මහත් වෑයමක යෙදී ඇති බව පෙනේ.

සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී

ගුමු ගුමු ගා මොකද හොරෝ
අහකට පල වන බමරෝ
රෝස මලේ ළඟට වරෝ
අපිය නුඹේ සොහොයුරෝ

සොබා සෞන්දර්යය තුළ ළමා මනස සුන්දරත්වය අවිහිංසාව, ආදරය, කරුණාව ඇතුළු කරන්නට උන්වහන්සේ ගත් වෙහෙස කෙතරම් චමත්කාර ජනකද?

පාට සුවඳ එක වගේ
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ
මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කීකරු වන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්ට

උන්වහන්සේ ‘කීකරු ළමයා’ කවි පෙළෙහි එන මේ කවි අදත් අපේ දරුවන්ගේ මුවඟ රැව් පිළිරැව් දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්ම අවවාද ග්‍රන්ථයන්ගෙන් ඉටු වූ ජාතික සේවාව සමස්ත මානව වර්ගයාටම පොදු වූවකි. පාලි පාඨයන් සිංහල කවි, ගීත බවට පත් කරමින් කරන ලද උදාර මෙහෙවර මෙයින් පැහැදිලි වේ. “නැණමද පුරිස් තෙම වන්නේ මහලු ගොනු සේ ඔහු ඇග මස් වැඩේ නොවැඩේ නුවණ එලෙසින්” මෙමඟින් දැයේ දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්නට උන්වහන්සේ ගත්තේ අපමණ වෙහෙසකි. සිංහලයෙකු නොවූවද සිංහලයන්ටත් වඩා තමා සපැමිණි සිංහල ජාතියට, දේශයට, ආදරය කළ රටට දැයට පණ දුන්, කවියට රසදුන්, ආගමට හිතැති ටිබැටයේ උපන් සිංහල මහින්ද හිමි 1951 මාර්තු 16 දින අපවත් වූහ. උන්වහන්සේ අප රටට, ජාතියට, දැයේ දරුවනට ආගමට දහමට කරන ලද නොනිමි මෙහෙවර වෙනුවෙන් අප උන්වහන්සේ ස්මරණය කරමු සිරස නමා ආචාර කරමු.

කිළිනොච්චියේදී විරෝධතා ව්‍යාපාරයක්




ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් කිළිනොච්චියේදී දසදහසකට වැඩි පිරිසක් සහභාගි වී දැවැන්ත විරෝධතා ව්‍යාපාරක්  ඊයේ (12) පැවැත් වූවා.මේ විරෝධතා ව්‍යාපාරය බෙහෙවින්ම සාර්ථක වී තිබෙන අතර ඒ සඳහා යාපනය, වවුනියාව, කිළිනොච්චි, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජනකොටස් සහභාගි වී තිබේ.


හලාල් ගැටුම අවසන් - Halal Trouble over

දේශීය නිෂ්පාදන සඳහා හලාල් සහතිකය නිකුත් නොකරන බව සමස්ත ලංකා ජමෙඉතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.එසේම විදේශ ගැනුම් කරුවන් ඉල්ලා සිටියහොත් පමණක් එය නොමිලයේම නිකුත් කරන බව එම සංවිධානය මාධ්‍යට දැනුම් දී තිබේ. ඒ අනුව මෙතෙක් පැවතී හලාල් ගැටලුව දැන් විසඳී තිබේ

මාලිංගගේ හැසිරීම - Malinga's Anger

ලංකාව ක්‍රිකට් අතින් ලෝකයේ ඉහලම ශ්‍රේණිය ලබා ඇති රටක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.අප රටට එම වාසනාව උදාවී ඇත්තේ අපේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ලෝලීන් නිසා බව නොරහසකි.ඕනෑම රටක ක්‍රීඩකයන් සඳහා  ක්‍රීඩාවේ විනය පවත්වාගෙනයාම සදහා නීතිරීති සම්පදනට සම්පාදනය කෙරේ.එම නීති ගිවිසුම් වාර්ෂිකව හෝ කාලීනව අලුත් කෙරේ.මෙය සාමාන්‍ය සිද්ධියකි ලංකාවේද එය එසේමය.එහෙත් ජාත්‍යන්තර තලයට ඕනෑම කෙනෙකු ඔසවා තැබෙන්නේ මාධ්‍ය හරහාය මාධ්‍යට ප්‍රතිචාර දැක්වීම හික්මීමකින් කල යුත්තකි.ලසිත් මාලිංග තම කෝපය මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීමෙන් ජනප්‍රිය වන්නේ ඔහුය ගිවිසුමේ අඩුපාඩු වැරදි තිබීමට පුලුවන.එහෙත් ඒ සදහා ප්‍රතිචාර දැක්විය යුත්තේ මෙසේද යන්න කලපනා කොට බැලීම වටි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකු-ට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.
වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය දා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතු වී තිබේ.



ලසිත් මාලිංග ජාතික රුපවාහිනී කැමරාවට අදහස් දැක්වූ අයුරු



මේ පිළිබඳව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ අදහස්

විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි -Dr. DVJ Harischandra passed away





ජනප්‍රිය විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා 01දා එනම් ඊයේ කලුබෝවිල රජයේ  රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 1938 මාර්තු 11 වැනි දින ගාල්ල මිහිරි පැන්න දී උපත ලද හරිස්චන්ද්‍ර මහතා මියයන විට හැත්තෑපස් වැනි වියෙහි පසුවිය.

ලංකාවේ ප්‍රථම හෘද, උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරිය වන ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය ඇතුළු දූවරුන් තිදෙනකුගේ පියකු වන විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතාට බුදු දහම, සාහිත්‍ය ආදිය පිළිබඳ මනා දැනුමක් විය.

2000 වසරේදී රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී හොඳම ඉංගී‍්‍රසි ගද්‍ය ග්‍රන්ථයට රාජ්‍ය සම්මානය හිමිකරගත් හරිස්චන්ද්‍ර මහතා බුදුදහම හා මානසික සුවය ජාතක කථා පිළිබඳ මනෝ විද්‍යාත්මක කරුණු, “ජාතක ගීත සංග්‍රහය, විභාග රහස්, ආදිය ඇතුළු ග්‍රන්ථ රැසක කතුවරයෙක්ද වේ



Consultant Psychiatrist Dr. DVJ Harischandra passed away  at the Kalubowila Teaching Hospital when he was admitted following a heart attack.

According to a hospital spokesperson Dr. Harischandra who had been 75 years of age had passed away prior to his admission.

A father of 3 and a former alumnus of the Saint Aloysius College in Galle Dr. Harischandra became a synonymous personality subsequent to appearing besides late Venerable Gangodawila Soma Thero during televised religious programmes.