Sakuna Radio සකුණ රේඩියෝව

මුත්තයියා මුරලිදරන් පිළිතුරු දෙයි Murali give answers to NDTV

ශ්‍රී ලංකා කණඩායමට ක්‍රීඩා කරමින් කීර්තියක් ගෙනදුන් මුත්තයියා මුරලිදරන් තමිල්නාඩු සිංහල එරෙහි අරගලයට කදිම පිළිතුරක් දී තිබේ. ඔහු මේ ගැන අදහස් දක්වා ඇත්තේ ඉන්දියාවේ NDTV  නාලිකාව ඔහු සමග පැවතී සාකච්ඡාවකදී මුල අමතක නොකළ මුරලිගෙන් හැකිතාක් හරස් ප්‍රශ්න අසමින් නිවේදකයා උත්සාහ කලේ ගැටුම ඇවිලීමටය. නමුත් බුද්ධිමත්ව පිළිතුරු දුන් මුරලිගේ ප්‍රකාශය අපේ රටේ නියම පුත්‍රයෙකුගේ ප්‍රකාශයකි. අද මට ඉතාම ශෝක ජනක දවසක්.මගේ බිරිද උපන්නෙත් චෙන්නායි වල. අපේ ක්‍රීඩකයනට චෙන්නායි ක්‍රීඩා කිරීමට නොදීම පටු දේශපාලන වාසී මත මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමක්. මම ලංකාවේ කණඩායමට අවුරුදු 20 සෙල්ලම් කල මට කිසිම ගැටළුවක් ආවේ නෑ. අපි කණ්ඩායමක් හැටියට සෙල්ලම් කලා මට කිසිම වෙනස්කම කලේ නෑ .අපේ රටේ යුද්ධයක් තිබුනා. දැන් ඒක ඉවරයි. අපි හැමෝම සතුටෙන් ජීවත් වෙනවා. මේක ඔවුන්ගේ දේශපාලන ගැටළුවක් '' මුරලි අපිට ඔබ ගැන ආඩම්බරයි


ජිනීවා මානවහිමිකම් -Jiniwa Human rights against Sri Lanaka

ලොව බලවත් රටවල දැඩි පීඩනය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සලයේදී 21 දී සම්මත විය. මුස්ලිම් රටවල් බහුතරයක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාව වැඩි ඡන්ද 12 කින් සම්මත වූ අතර ඊට පක්ෂව රටවල් 25 ක් ඡන්දය ලබාදුන් බවද ඊට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය අගයමින් ලොව රටවල් 13 ක් අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ බව ද ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.
මේ අතර ජපානය ඇතුළුව රටවල් 8 ක් මේ යෝජනාව සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, ප්‍රතිසංධානය මෙන්ම පුනරුත්ථාපනය ආදී කරුණු රැසක් ඇතුළත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවට ඉදිරිපත් කළයෝජනාව සඳහා ශ්‍රී ලංකාවට හිතවත් රටවල් රැසක් විරෝධය පළකළ අතර කොටි හිතවාදී ඉන්දියාව ඇතුළු රටවල් 25 ක් එම යෝජනාව සම්මත කරමින් කොටි ක්‍රියාකාරකම් සඳහා යළිත් වරක් සහයෝගය ලබාදී තිබේ.

දිනමිණ

කොට්ටාව ධර්මපාල විද්යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට විරෝධය ....

කොට්ටාව ධර්මපාල විද්යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට විරුද්ධව දෙමාපියන් පෙළගැසී සිටි. දක්වන විරුද්ධතාවයක් වශයෙන් විදුහල අසල තිබෙන මාර ගසකට නැගී ගෙල වැලලාගෙන මිය යාමට ඉන්ද්‍රජිත් මහතා සුදානමෙන් සිටි. ඔහු මේ පිලිබදව තීරණයක් ගැනීමට ඇමතිවරයාට ඉඩ දී තිබෙන්නේ අද (21)දහවල් 1.30 දක්වා පමණක් බව ඔහු ප්‍රකාශ කර සිටි. මේ අතර අධ්‍යාපන ඇමතිවරයා කියන්නේ ඔහු ඊයේ ගසෙන් බැස්ස බවයි. නමුත් ඔහු තවම ගස උඩ සිට අද 1.30 පෙර විසදුමක් නොදුනහොත් තමන් මාර ගසේ දැන් බැඳගෙන සිටින කඹ පිටින්ම ගෙල වැලලාගෙන මැරෙන බව කියයි 

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත කෙරේ - Mthtala International Air port








ගුවන් සේවා ඉතිහාසයේ රන් සලකුණක් සනිටුහන් කරමින් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සුබ මොහොතින් අද විවෘත කෙරේ.

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත වීමෙන් අනතුරුව අවස්ථා හතරකදී ගුවන් යානා 4 ක් නව ගුවන් තොටුපළ කරා පිවිසීමට ද නියමිත ය. මුලින් ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැමිණෙන අතර එම යානයෙන් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ද උත්සවයට සහභාගි වීමට පැමිණීමට නියමිතව ඇත. වොෂිංටන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඩුබායි හරහා මත්තලට පැමිණීමට නියමිත ය. ඉන් අනතුරුව මත්තලට ‘එයාර් ඇරබියා’ ගුවන් යානයක් පැමිණෙන්නේ 150 කට අධික මගී පිරිසක් ද රැගෙන ය.

මේ හා සමඟම ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානයක් ද මත්තල දක්වා පැමිණෙන අතර එහි එමිරේට්ස් ගුවන් සේවා ආයතනයේ ඉහළ නිලධාරීන් රැසක් ද පැමිණීමට නියමිතය.

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මාර්තු 18 දා පළමු අදියර විවෘත කිරීමත් සමඟ මිලියනයක මගී ධාරිතාවක් හැසිරවිය හැකි බව පවසන ඇමැතිවරයා, මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් මගීන් මිලියන 7.2 ක් හැසිරවීම් සිදුකරන බව ද පවසයි

ටිබැටයේ උපන් සිංහල මහින්ද හිමි ස්මරණය කරමු




ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ


ටිබෙට් දේශයේ සිකිම් නුවර උපන් තෂිනෙම්ග්‍යල් කුමරුවා වයස 12 දී පමණ පැවිදි යතුවරයාණන් නමක් වූ තම සොහොයුරු සිකීම් පුන්නජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමඟ මෙරටට සැපත් වූහ. දොඩම්දූවේ පොල්ගස්දූවේ ආරාමයේ වෙසෙමින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් සිංහල පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ තෂිනෙම්ගදල්මහා බෝධි විද්‍යාලයට ඇතුළත් වී ඉංග්‍රීසි භාෂාව ද හැදෑරුවේ ය. පළමු ලෝක සංග්‍රාමය පැවති සමයේ පුන්නජි හා ඤාණතිලෝක හිමිවරුන්ගේ ඇවෑමෙන් මොහු පැවිදි බිමට පත් වූබව සඳහන් ය. මෙතුමන් පැවිදි බව ලැබුයේ දොඩම්දූවේ ශෛල බිම්බාරාමයේදී සිකීම් මහින්ද නමිනි. පැවිදි උපාධ්‍යයන් වහන්සේ වූයේ රත්ගම, සිරි චූල සුමන හිමියන්ය. මුලසිටම කවියට ඇලුම් කළ මහින්ද හිමියන්ට දොඩම්දූවේ දී හමු වූ සිරි ජිනරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ තම කවිකම පුබුදුවා ගන්නට අවස්ථාව උදාවිය.
මුලදී අමරපුර නිකායේ පැවිදි බව ලත් මේ හිමියන් 1930 පමණ එවක විද්‍යාලංකාර පරිවේණාධිපතිලුණු පොකුනේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ළඟ යළි පැවිදි බව ලැබූහ. 1931 උපසම්පදාව ලද මුන්වහන්සේ රත්මලානේ වැඩ වෙසෙමින්, සිංහල, පාලි, සංස්කෘත යන තෙබසින්ම ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, විභාග සමත්ව ආනන්ද මහ විදුහලේ ගුරුපත්වීමක්ද ලැබූහ. 1936 සිට පානදුරේ මහ බෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ වාසය කළ මහින්ද හිමියෝ අපවත්වනතුරු එහි වැඩ විසූ බව සඳහන් ය. එහිදී ශාසනික මෙන්ම මහා ජාතික මෙහෙවරක් ඉටු කළහ. එස්‌. මහින්ද හිමි 1934 සිට 1936 දක්වා නාලන්දා විද්‍යාලය, කොළඹහි ගුරුවරයෙක් වශයෙන් සේවය කලහ.

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

මහින්ද හිමි ජාතිය පුබුදුවන්නට කී කවි එදා මෙදාතුර සිංහල ජාතිකයන්ගේ සිත්තුළ නොනැසී, සටහන් ව පවතී. උන්වහන්සේ කවියෙන් කළ ජාතික සේවාව කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය, ළමා කවි, දේශාභිමානි කවි හා ජාතිකාභිමානී කවි,දහම් කවි ඒ කොටස් තුනයි. උන්වහන්සේ ගද්‍ය පත පොත ලියා ඇතත් පද්‍ය කාව්‍ය තරම් ඒවා ජනතාව අතරට නොගියේ එවකට සිංහලයාට දේශාභිමානී හා ජාතිකාභිමානී කවි අවශ්‍ය යුගයක් මෙන්ම පද්‍ය තරම් ජාතික හැඟීම් දනවන්නට ගද්‍ය අපෝසත් වීම නිසා විය හැකි ය.
මහින්ද හිමියන්ගේ දේශාභිමානී හා ජාතිකාභිමානී කවි එදා පරාදීනව සිටි සිංහල ජනතාවගේ හදවත්වලට කා වැදුණි. එදා ඉංගී‍්‍රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය. සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය.
ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණ කමත් බණ දහමත් එයයි මට

     නිදහස් දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල උන්වහන්සේ තුළ තිබූ ප්‍රබල දෑහිතකාමයට දෙස් දෙන්නේ ය. එදා අපරටට අවශ්‍යව තිබූ නිදහස ලබා ගන්නට උන්වහන්සේ කවිය අමෝරාගෙන සටන් වැදුණේ ය.මහින්ද හිමියන් කරන ලද ජාතික සේවාවේ ප්‍රබල අංගයක් ලෙස උන්වහන්සේ සිංහල දැයේ දරුවන්ට දෙන ලද ළමා සාහිත්‍ය පත පොත හඳුන්වා දිය හැකි ය. මහින්ද හිමියන් සාහිත්‍යයට කරන ලද මෙහෙවර අද්විතීයහ.

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

ජාතික තොටිල්ලෙන් උන්වහන්සේ දැයේ දරුවන්ට තමා උපන්බිම ගැන තමා උපන් ජාතිය ගැන ජාතික කැක්කුම දනවන්නට උත්සාහ කිරීම නිසා එදා දැයේ දරුවන් උපන්බිමට ආදරය කරන්නට විය.


ළමා සාහිත්‍ය පෝෂණය කරන්නට උන්වහන්සේ ලියූ කවි අතර,
 ‘උදය සවස’ ‘මගේ පොතේ අගේ’ ‘ලේනා’ , ‘බමරා හා මල’, ‘වයසේ වෙනස’, ‘මඟුල් ගෙවල් දෙකක්’, ‘රෝස මල හා ළමයා’, ‘ සමගිය බලයවේ’, ‘ කීකරු ළමයා’, ‘යුතුකමෙහි අගේ’, ‘මව්බිම’, ‘ හොඳ ළමයා’ වැනි කවි වලින් යහපත් ළමා ලෝකයක්, ආදරය අහිංසාව දනවන ළමා මනසක් ගොඩනඟන්නට මහත් වෑයමක යෙදී ඇති බව පෙනේ.

සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී

ගුමු ගුමු ගා මොකද හොරෝ
අහකට පල වන බමරෝ
රෝස මලේ ළඟට වරෝ
අපිය නුඹේ සොහොයුරෝ

සොබා සෞන්දර්යය තුළ ළමා මනස සුන්දරත්වය අවිහිංසාව, ආදරය, කරුණාව ඇතුළු කරන්නට උන්වහන්සේ ගත් වෙහෙස කෙතරම් චමත්කාර ජනකද?

පාට සුවඳ එක වගේ
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ
මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කීකරු වන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්ට

උන්වහන්සේ ‘කීකරු ළමයා’ කවි පෙළෙහි එන මේ කවි අදත් අපේ දරුවන්ගේ මුවඟ රැව් පිළිරැව් දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්ම අවවාද ග්‍රන්ථයන්ගෙන් ඉටු වූ ජාතික සේවාව සමස්ත මානව වර්ගයාටම පොදු වූවකි. පාලි පාඨයන් සිංහල කවි, ගීත බවට පත් කරමින් කරන ලද උදාර මෙහෙවර මෙයින් පැහැදිලි වේ. “නැණමද පුරිස් තෙම වන්නේ මහලු ගොනු සේ ඔහු ඇග මස් වැඩේ නොවැඩේ නුවණ එලෙසින්” මෙමඟින් දැයේ දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්නට උන්වහන්සේ ගත්තේ අපමණ වෙහෙසකි. සිංහලයෙකු නොවූවද සිංහලයන්ටත් වඩා තමා සපැමිණි සිංහල ජාතියට, දේශයට, ආදරය කළ රටට දැයට පණ දුන්, කවියට රසදුන්, ආගමට හිතැති ටිබැටයේ උපන් සිංහල මහින්ද හිමි 1951 මාර්තු 16 දින අපවත් වූහ. උන්වහන්සේ අප රටට, ජාතියට, දැයේ දරුවනට ආගමට දහමට කරන ලද නොනිමි මෙහෙවර වෙනුවෙන් අප උන්වහන්සේ ස්මරණය කරමු සිරස නමා ආචාර කරමු.

කිළිනොච්චියේදී විරෝධතා ව්‍යාපාරයක්




ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් කිළිනොච්චියේදී දසදහසකට වැඩි පිරිසක් සහභාගි වී දැවැන්ත විරෝධතා ව්‍යාපාරක්  ඊයේ (12) පැවැත් වූවා.මේ විරෝධතා ව්‍යාපාරය බෙහෙවින්ම සාර්ථක වී තිබෙන අතර ඒ සඳහා යාපනය, වවුනියාව, කිළිනොච්චි, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජනකොටස් සහභාගි වී තිබේ.