Saturday, December 08, 2012
transparency-international (2012) නම් ආයතනය විසින් ලෝකයේ දුෂිතම රටවල් අල්ලලා ඊයේ නිකුත් වූ වාර්තාවේ ශ්රී ලංකාව 79 ස්ථානයේ පසුවේ. එම වාර්තාවට රටවල් 176 ඇතුලත් කර තිබු අතර දුෂණය අවම රට ලෙස හදුන්වා දී ඇත්තේ ඩෙන්මාර්කය සහ නවසීලන්ත්යයි.මෙම වාර්තාවට අනුව දුෂණය අඩුම රට අංක 1 ටත් දුෂිතම රට 176 ලෙසත් ලයිස්තු ගත කර තිබේ.දකුණු ආසියවේ දුෂණය අඩුම රට ලෙස භුතානයත් එහි දෙවන ස්ථානය ශ්රී ලංකාවටත් හිමිවී තිබේ..ගිය වසරේ මෙම ලයිස්තු ගත කිරීමට අනුව ශ්රී ලංකාවට හිමිව තිබුනේ 86 වන ස්ථානයි ..ඊට සාපේක්ෂව මේ වසරේ අංක 7ක් ඉහලට පැමිණ තිබේ.
මෙම ලයිස්තුවේ ඉන්දියාව 94 වන ස්ථානයේ ද පකිස්ථානය සහ නේපාලය 139 වන තැනටත් බංගලාදේශය 144 ස්ථානයේත් පසුවේ. චීනය සිටින්නේද ලංකාවට පිටුපසිනි ඒ 80 වන ස්ථානයේය ලෝකයේ දුෂිතම රට ලෙස සෝමාලියාව ලැයිස්තු ගතකර තිබේ. උතුරු කොරියාව සහ ඇfපගනිස්තානය ද සෝමාලියාවට සම තත්වයේ පවතී..වාර්තාවේ සම්පුර්ණ විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න
0 comments:
Post a Comment