ජනවාරි පළවෙනිදා වැදගත්කම - Importance of January 1st ~ Sakuna Radio සකුණ රේඩියෝව

ජනවාරි පළවෙනිදා වැදගත්කම - Importance of January 1st

2013 වාසනාවන්ත නව වසරක් වේවා!!!
ජනවාරි මාසය නව වසරක් පටන්ගන්න මාසයයි.වර්තමානයේ භාවිතාවන ග්‍රිගොරියන් දිනදර්ශනය අනුව වසරේ පළමු මාසය ජනවාරිය. ඒ නම ලැබුනේ රෝම දේව ඉතිහාසයේ එන සෑම ආරම්භයකටම අධිපති දෙවියන් වන ජානුස් දෙවියන් සිහිවීම සඳහාය

  අද පළවෙනිදා දවසේ වැදගත් සිදුවීම් රාශියක් තිබෙනවා.රථවාහන සම්බනධව ලංකාවේ පලවෙනි ගැසට් නිවේදනය නිකුත්කලේ 1806 ජනවාරි පළමුවෙනිදා  --- ලංකාවේ නිකුත්කළ සියලුම තඹ කාසි අවලංගු කලේ 1831 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ මහාමාර්ග නිර්මාණයේ පුරෝගාමී මෙහෙවරක් කල කැප්ටන් දොව්සෝන් කුළුණ නිර්මාණය කරලා අවසන් කලේ 1832 ජනවාරි පළමුවෙනිදා

 ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල සටනක් ගෙනගිය ගොන්ගාලේගොඩ බන්ඩා ජීවිතන්තයදක්වා සිරදඬුවමකට යටත් කොට මලක්කාවට පිටත්කලේ 1848 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ පළමු විදුලි පණිවිඩය කම්බි මාර්ගය මාර්ගය  කොළඹ සහ ගාල්ල අතර විවෘත කලේ 1858 ජනවාරි පළමුවෙනිදා 

 ලංකාවේ බන්ධනාගාර සේවාව පටන් ගැනුනේ 1869 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ රුපියල සහ සත මුදල් එකක ආරම්භ උනේ 1872 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ ජාතික කෞතුකාගාරය විවෘත උනේ 1877 ජනවාරි පළමුවෙනිදා.  නීතිපති දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුනේ 1884 ජනවාරි පළමුවෙනිදා. පෞද්ගලික අංශය සතුව තිබු මෙරට දුරකථන සේවය 1896 ජනවාරි පළමුවෙනිදා  මහා තැපැල් කාර්යාලය මිලට ගත්තා. ලංකා ගුවන් විදුලිසේවයේ පළමු ස්ථිර නිවේදක පත්වීම ලැබුනේ 1938 ජනවාරි පළමුවෙනිදා  ඩී  එම කොළඹගේ මහතාට.



සළුසල ආයතනය ආරම්භ කලේ 1972 ජනවාරි පළමුවෙනිදා.  ලංකා සිමෙන්ති සංස්ථාව අරම්භකලේ 1959 ජනවාරි පළමුවෙනිදා. සිංහල භාෂාව ලංකාවේ පාලන භාෂාව ලෙස නම් කලේ 1962 ජනවාරි පළමුවෙනිදා.  


    

1 comments:

මේ වගේ ලිපියක් දැම්මට ස්තුතියි