Sakuna Radio සකුණ රේඩියෝව

ඇමරිකාවේ පදිංචි ලාංකිකයෙකුගෙන් හරිත ගොවිපොළක්

 ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකික වෛද්‍යවරයෙකු වන මෛත්‍රි වීරසිංහ මහතා සිය ගමේ අක්කර 30 ක  භූමියක වස විස නැති කාබනික පොහොර පමණක් යොදාගෙන වගා කරන ගොවිපොළක් පවත්වාගෙන යයි. තරුණ තරුණියන්  25 කට පමණ මෙහි රැකියා ලබා දී සේවයේ නියුතු වේ. ලංකාවට කෙටි නිවාඩුවකට ආ ඔහු පවසන්නේ ඕනෑම අයෙකුට මෙම ගොවිපල දැක බල ගැනීමට හැකි බවත්ය ..විනොදාංශයක් ලෙස මෙම ගොවිපොළ පටන් ගත ඔහු දැන් මෙය  පටන් ගෙන 6 මසක් පමණ වන බවත් තමන් ගැමි ජීවිතයට ඇලුම් කරන බවත් ප්‍රකාශ කලේය. ජීව වායු ඒකකයක්ද ඔහු පවත්වගේනයයි 



 කොළඹ විශ්ව විද්‍යාලේ වෛද්‍ය උපාධිය ලබා සිටින ඔහු කරන  ජාතික මෙහෙවරක් දක්වා ව්‍යාපත් කිරීමට ඉඩ ලැබේවායි පතමු ඔහුට අමතන්න miguelawis@gmail.com

ජාතියේ මියුරු ස්වරයට වසර 85යි

                 ජාතියේ මියුරු ස්වරය අමරදේවයන්ට දෙසැම්බර් 5 දාට   වසර 85යි.  දීර්ඝායුවේවා ඔබට!!!1927 මොරටුව දී උපත ලැබූ අමරදේවයන් ගේ මුල් නම ඇල්බට් පෙරේරා නම් විය. එදිරිවීර සරත්චන්ද්‍රයන් අතින් සිය නම අමරදේව  ලෙස වෙනස් විය .තම මියුරු කටහඩට  ඒ නම මනාව ගැලපුණි... අමරදේවයන් උත්තර භාරතීය සංගීතයෙන් සිංහල සංගීතය පෝෂණය කිරීමට සහයෝගය දුන් අයගෙන් ප්‍රමුඛයෙකි.අශෝක මාලා  චිත්‍රපටයට සංගීතය මෙහෙයවූ රොක්සාමි, අමරදේවයන් මුලින්ම ඒ චිත්‍රපටයේ සංගීතය සඳහා වයලින් වාදකයකු ලෙස යොදා ගත්තේය.



 ලක්නව් හි භාත්කණ්ඩ සංගීත් විද්‍යා පීඨයේ උගත් ඔහු ලංකාවට පැමිණ ගුවන් විදුලිය හා සම්බන්ධ වී කටයුතු කළේය.... ඔහුගේ සංගීත දිවියට ජාතික ගුවන් විදුලිය තෝතැන්නක්  විය.උඩරට පවතින  උක්කුවා කරිගනිතා ගුනමලා සුරඹා වැනි  සමුහ සංගීත විලාස පිලිබඳව පර්යේෂණ කල ඔහු එහි තාල වල ලය බිඳ සිංහල සංගීතයටම අවේනික ශිලියක් නිර්මාණය කිරීමට වෙහෙස දැරීය 2001 දී පිලිපීනයේ මැග්සෙසයි සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මාලදිවයින් ජාතික ගීය නිර්මාණය   වෙනුවෙන්  ලෝකයේම ගෞරවයට පාත්‍ර විය.

චිත්‍රපට 15කට පමණ ඔහු සංගීතයෙන්,ගීත නිර්මාණයෙන් දායක වීතීබේ . ලංකා කලමණ්ඩලය විසින් අමරදේව උපහාර සඳහා අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය නමින් ග්‍රන්ථයක් එලි දැක වීමට කටයුතු යොදා තුබේ ...මෙම ග්‍රන්ථයේ ප්‍රමාණික විද්වතුන් 35 දෙනෙක් පමණ සිය අදහස් ප්‍රකාශ කර තිබෙන බව අපට වාර්තා වී තිබේ....  

ලෝක විනාසය 2012 දී

ලෝක විනාසය ගැන විවිධ ආගම් දර්ශන වාදීන් විසින් විවිධ අවස්ථා කාල වලදී විවිධ මත ඉදිරිපත් කර තිබේ.ආගම් වලට අනුව පැවැත්මක් ඇති සෑම දෙයකම නිමාවක් තිබිය  බව දේශනාවකි .මෙ දිනවල ප්‍රචලිතම ප්‍රවාදය වන්නේ 2012 දෙසම්බෙර් 21 වෙනිදායින් පසුව ලෝකයේ පැවැත්මක් නැති බවත්, එදින හෝ එදිනට දින කීපයකට පෙර ලෝකය ස්වභාවික උපද්‍රවයක් මගින් විනාශයට පත් වේය යන්නයි. මෙයට පාදක වී ඇති කරුණවන්නේ මායා වරුන්ගේ දින දර්ශනයේ 2012 12 21   පසුව දිනයන් නොමැති වීම බව ප්‍රචලිත වීමත්,මායා වරුන් මේ දක්වා පලකල මත නිවැරදි වීමත්ය.ලෝකය සම්බන්ධ විවිධ පර්යේෂණ පවත්වන ආයතන තිබුනද ඇමරිකාවේ නසා ආයතනය ඉතා ප්‍රචලිත එසේම ලෝකය පිලිබදව, විශ්වය පිලිබඳව විවිධ  පර්යේෂණ වල නිරන්තරයෙන් නියැලෙමින් සිටින ආයතනයකි. ඔවුන් පවසන්නේ එවැනි දෙයක් සිදුනොවන බවයි.the world will not end in 2012.our planet has been getting along just fine for more than 4 billion years,and credible sicentists world wide know of no threat associated with 2012 ... NASA official web site.
.ඔවුන් එසේ කියුවද ඇමරිකාව තුලම මෙම ලෝක විනාශ කතාව විශ්වාස කරන 22% සිටීම පුදුමයට කරුණකි. හරි අඩක්ම මෙම දිනයටම ලෝක විනාසය සිදුවෙති  විශ්වාස කරති.එංගලන්තය ගත කල ඔවුන්ගෙන් 8% පමණ මෙම මතය පිළිගනී



 බෙල් ජියම  එම අගය 7% කි තුර්කි ජනයා 20% විශ්වාස කරති  මෙය  පදනම් කරගෙන ලෝකයේ විවිධ මන්තරකරුවන්, සාස්තරකරුවන් පේනකියන්නන් ට තම ව්‍යාපාර හොඳ හැටි කරමින් තම මඩිය තරකර ගනී..මේ පිලිබඳව අඩුම විශ්වාසයක් ඇත්තේ ආසියාතික රටවල ජනතාවගේය.කෙසේවුත්  සුනාමි චන්ඩ රළ පිලිබඳ අත්දැකීම් නොමැති අප එම අත්දැකීම ලබා ගත්තේ එම විනාශයෙන් පසුවය..ලෝකය යම්  දවසක විනාශ  වුවත්  2012 සිදුවන බවට ඇති සාධක ඉතා අල්පය..අපි දිරියෙන් මුහුනදෙමු .. 


43 වන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙ‍ලේ හොඳම නිළියට හිමි සම්මානය

43 වන ඉන්දියානු අන්ත්‍තර්ජාතික සිනමා උ‍ළෙල......අංජලි පටෙල්......ප්‍රසන්න විතානගේ.......වෙන්ත රටක නිලියක් සම්මාන ලැබීම..... මේ සියල්ල කියවන විට ඔබට තේරුම් ගනීමට අපහසු වේවි මේ කුමක්ද? කියා.මේ සටහන සම්මානනීය චිත්‍රපට අධ්‍යයක්ෂවරයකු වන ප්‍රසන්න විතන්ගේ නිර්මාණය කල නවතම සිනමා ප‍ටය ගැනයි."ඔබ නතුව ඔබ එක්ක"....ඉන්දීය නිලි අංජලි පටෙල් රංගනයෙන් දායක වු මෙම සිනමාපටය අගොස්තු මස 23 වන දින මොන්ට්‍රියල් සිනමා උළෙලෙහි පළමු වරට තිරගත උනා.එතැන් පටන් සිනමා උළෙලවල් ගනණාවකට ඉදිරිපත් වූ මෙම චිත්‍රපටය 43 වන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශයෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා.මෙම චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහසයේ මුල් වරට ලාංකීය චිත්‍රපටයක් වෙනුවෙන් වෙනත් රටක නිලියක් සම්මානයට ලක්වීම සිදුවු පළමු අවස්ථාව මෙයයි. එසේම මෙය ඇය විසින් දිනා ගත් පලමු සම්මානයද වේ...



සිනාසෙන බුදුරුව

ලාෆින් පිළිමය ඇතුලේ තවත් පිළිමයක් - පුවතක් ...පසුගිය දිනක බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙලඳසලකින් මිලටගත් ලාෆින් ගොඩ් ප්‍රතිමාව තුල සිරස කඩා දැමු බුද්ධ ප්‍රතිමාවක තිබී හමු වී තිබේ. කාර්මිකයෙකු ලෙස සේවය කරන  නමැති මහතෙකු මිලට ගත ප්‍රතිමාව ඇතුලේ තවත් සිරස කඩා දැමු ප්‍රතිමාවක් තැබීම බුදුදහමට කරන නිගරුවක්  බවත් නාහිමි වරුන්ගේ මතයි. කෙසේ වුවත් මෙවැනි ක්‍රියා තරයේම හෙළා දැකිය යුතුය. ලාෆින් බුද්ධ පිළිම තුල කිසිදු ගුණ කදම්භයක් හෝ නොමැති බවත් ...ලාෆින්  බුද්ධ  යනු බුදු පිළිමයක්  නොවන බවත් මහනාහිමි වරුන් පෙන්වා දෙති. එයට මුදල් තබා වැඳුම් පිදුම් කිරීම  විවිධ ව්‍යාපාර අයිතිකරුවන්  මේ රටට   බෝ කරන ලද සංස්කෘතියක කරුමයක් බැවි මෙයින් පැහැදිලිවේ. අන්තවාදී විවිධ පිරිස් විසින් මෙවැනි දේ කරගෙනයාම බුදුදහමට කරන නිගරුවක් ලෙසත් මෝඩ ජනයාව මුල්කර හෝ මුදල් ගසා කෑම සහ කීයක් හෝ කඩ ගැනීමේ කුට ව්‍යාපාර  රටාවටම පවතින බවත්     නොරහසකි. කිසිදු ආගමකට හෝ ඇදහීමකට නිගරු කල යුතුනොවේ. එහෙත් බුදු දහ‍මත් ජන සිතිවිලිත්  මුලා  කරමින් මුදල්  කොල්ලකෑමේ ව්‍යාපාර නැවැත්විය යුතුය මේ ගැන බලධාරින් ගේ අවධානය යොමු විය යුතුය.