Sakuna Radio සකුණ රේඩියෝව

රිසානා නාෆික් මරාදැමු හැටි - Rsanas shock over

 පසුගිය 9 වැනිදා සෞදී අරාබියේදී ශරියා නීතියට අනුව හිස ගසදමා මරාදැමු රිසානා නාෆික් දැරියගේ ගෙල සිඳින අන්දම දැක්වෙන වීඩියෝ පටයක් දැන් අන්තරජාලය පුරා හුවමාරු වෙමින් තිබේ. එය රිසානාගේ නොව ඉන්දුනීසියානු ගෘහ සේවිකාවකගේ බව you tube හිම අදියුරු යොදා තිබේ. පහත පෙනෙන්නේ එම වීඩියෝවයි  



අග විනිසුරුවරිය විෂමචාරමත නෙරපීමේ චෝදනාව - impeachment passed against Chief justest Shirani Bandaranayaka

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග විනිසුරුවරිය විෂමචාරමත නෙරපීමේ චෝදනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් ඊයේ සම්මත විය. ඒ අනුව කතානායක වරයා ඊයේ රාත්‍රියේදීම මේ බව ජනාධිපතිතුමාට  දැනුම් දී ඇත. ඇය තනතුරෙන්  ඉවත්කිරීමේ තීරණය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ජනපති අධිකාරි පත්‍රයක් මගින් මේ බව අගවිනිසුරු වරයාට දැනුම් දීම ඊ ළඟ පියවරයි.  1958 උපන්  ශිරානි අන්සුමාලා බණඩාරනායක 1976 උසස්පෙළ ඉහලින් සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීටයට ඇතුලත් විය. 1980 වසරේදී නීතිවේදී ‍ගෞරව උපාධිය ලැබූ ඇය 1981 දීම  කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය වරයෙකුලෙස සේවය ලබාදුන්නාය. 1983 වසරේ නිතිය පිළිබද දර්ශනපති උපාධිය ලබාගත් ඇය එමවසරේම නිතිඥවරියක ලෙස දිව්රුම් දුන්නාය. ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගොස් 1986 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබද ආචාර්ය උපාධිය ලබගත්තාය. 1987  කොළඹ විශ්වවිද්‍යාලයේ  නීති පිඨයේ අංශාධිපති තනතුරට පත්වූ ඇය 1992 එහිම පීඨාධිපති තනතුරටපත්ව කිහිප විටකම වැඩබලන උපකුලපති ලෙස ද සේවය කලාය 1993 නිතිය පිළිබද සහාය මහාචාර්යවරියක්  ලෙස ද පත්වුවාය. 1996 වසරේදී ඇය මෙරට ප්‍රථම  අගවිනිසුරුවරිය ලෙස තේරී පත්වුවාය. ඒ වනවිටත්  එකොලොස්වතාවක් ඇය එම තනතුරේ වැඩබලා තිබීම සුවිශේෂත්වයකි.... 

   After two days of debating,the controversial impeachment motion against chief justice Shirani banadaranayake was passed in parliament yesterday with two - thirds majority with 155 MPs voting for the motion and 49 against.twenty members were absent at the time of voting.... 




රිසානා සමුගනී - Risana Nafeek

 2005 වසරේ ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගතවී සෞදි අරාබියේ සේවයකළ 17 හැවිරිදි රිසානා නෆීක් නම් මුස්ලිම් ජාතික දැරිය දරුවකු ඝාතනය කළේය යන චෝදනාව මත එරට අධිකරණය මගින් ෂරිය නීතිය යටතේ මරණ දඬුවම නියම කරනු ලැබිණි. එරට වේලාවෙන් ඊයේ 11.15 පමණ හිස කපා දැමීමෙන් මරණය සිදුවූ බව AFP  පුවත්සේවය වාර්තා කරන ලදී. තමන් විසු කුඩා පැල්පත  නිවාසක් කරගැනීමේ සිහිනයද බොඳව ගියේය..ජාතිය කුමක් වුවත් ලක්මවගේ දරුවෙකුට මෙවැනි ඉරණමක් අත්වීම ඛේදනීයය. අපි ඔබට සමු දෙමු  


රිසානා විසූ නිවස

වසර 2600 ක ඉතිහාසයක සිහි කැඳවීම ....Sri Sidhartha Buddha






වසර 2600 ක  ඉතිහාසයක සිහි කැඳවීම ....
සත්‍ය සොයා ගිය ගමනක විජයග්‍රහණය.......
 උතුම්  මාර්ගයේ දොරගුළු විවරකර සිධාර්ථ ගෞතම කතා පුවත රිදී තිරයට පිවිසීම ..
අති දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස ශ්‍රී සිධාර්ථ බුද්ධ මේ මස 24 වනදා ලොව වටා ප්‍රදර්ශනය වීමට නියමිතයි. මෙහි විශේෂත්වය විශාල නිෂ්පාදක කණඩායමක ප්‍රයත්නයක් වීමයි. මෙහි තිර රචනය සඳහා සිව් දෙනෙක් ම දායක වී තිබෙනවා චරිතාංග නළු නිලියෝ 23 දෙනෙකුගෙන් සමන්විත මෙම සිනමාපටය සංගීත අධ්‍යක්ෂවරු  දෙදෙනෙක් සංගීතය සපයා තිබෙනවා. මෙහි සිධාර්ථ ලෙස ගගන් මලික් ද යශෝධරා ලෙස අන්වර් සින් ද සුධෝදන රජ ලෙස රන්ජන් රාමනායකත් නන්ද කුමරු ලෙස රොෂාන් රණවකත් ප්‍රජාපති ගෝතමී ලෙස අන්ජානි  පෙරේරාත් රැගුමෙන් දායක වෙනවා එසේම මෙම සිනමා පටය තුලින් දැවැන්ත කැමරා කෝණ සහ දැවැන්ත පසුතල වල අත්දැකීම ලබා ගැනීමටත් පුළුවනි 










හපුතලේ මහා කුණාටුවක්

 අද උදේ 10ට පමණ නුවරඑළිය ප්‍රදේශයේ සිට හපුතලේ   හරහා සුලිකුණාටුවක් හමා ගොස් තිබේ. මහා හඩක් නංවමින් හමාගිය මෙම සුළි කුණාටුව ඊයේ රාත්‍රියේ සිට කඩින් කඩින් කඩ හමා   යමින් තිබිණ. එහෙත් අද උදැසන ඇතිවූ තන්වය අනුව මාර්ගයක හිටගෙන සිටීමටත් පවා අපහසු අන්දමට මෙම කුණාටුව ප්‍රචණ්ඩ වී තිබිණ. සමහර නිවාසවල වහල ගැලවීගොස් තිබිණ. ඊයේ සිට ඇතිවූ මෙම තත්වය මත වාහන ධාවනය මන්දගාමීව සිදුවන බවත් විටින් විට විදුලිය ඇනහිට ඇති බවත් වාර්තාවේ  

වෙබ් අඩවි 5ක ට සයිබර් ප්‍රහාරයක්



බ්‍රසීලියානු සහ සිංගප්පුරු කණ්ඩායමක් විසින් ලංකාවේ වෙබ් අඩවි 5ක ට සයිබර් ප්‍රහාරයක් එල්ලකොට තිබේ. මේ වෙබ් අඩවි අතර උතුරු මැද පළාත් සභාවේ වෙබ් අඩවියද තිබීම විශේෂයකි. අනෙකුත් වෙබ් අඩවි   අතර glitz .com  excel world යන වෙබ් අඩවිද වෙයි. දැනට   උතුරු මැද පළාත් සභාවේ වෙබ් අඩවිය සහ  glitz .com වෙබ් අඩවිය යථා .තත්වයට පත්වී ඇති අතර excel world  වෙබ් අඩවිය ප්‍රහාරයට ලක්වී ඇති අයුරු පහතින් බලාගත හැකිය..