ලක් සිත්තරා පැරිසිය වර්ණවත් කරයි. - sri lanken painter coloured paris
Friday, September 06, 2013
No comments
ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන් - Owagiriya ruins in King Dutugamunus satage
Tuesday, September 03, 2013
No comments
ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි. දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බාරව කටයුතු කරයි.
අගෝස්තු 1 දා සිට උපකාරාක පංති තහනම්
Monday, July 29, 2013
No comments
අපොස උසස් පෙළ විභාගය ලබන අගෝස්තු මස 05 වැනිදා සිට 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2164 දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එසේම 2013 ජූනි මස 21 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට දින 5 ට ප්‍රථමයෙන් සියලුම උපකාරක පංති, පුනරීක්ෂණ, අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම තහනම් කර ඇති බව කොමසාරිස්වරයා සිහිපත් කළේය.
මෙවර අ.පො.ස (උ/පෙ) විභාගයට නව නිර්දේශය යටතේ සිසුන් 2,80,560 ක් පෙනී සිටින බවත් , පැරණි විෂය නිර්දේශය යටතේ 12, 146 ක් පෙනී සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටියි.
විභාග කටයුතු සඳහා කාර්ය මණ්ඩලය ලෙස 16,268 ක් සේවය කරනු ඇති බවත්, පිළිතුරු පත්‍ර බැලීම සඳහා 18,200 ක් කටයුතු කරනු ඇති බවත් ඔහු පැවසුවේය.
එසේම 2013 ජූනි මස 21 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට දින 5 ට ප්‍රථමයෙන් සියලුම උපකාරක පංති, පුනරීක්ෂණ, අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම තහනම් කර ඇති බව කොමසාරිස්වරයා සිහිපත් කළේය.
මෙවර අ.පො.ස (උ/පෙ) විභාගයට නව නිර්දේශය යටතේ සිසුන් 2,80,560 ක් පෙනී සිටින බවත් , පැරණි විෂය නිර්දේශය යටතේ 12, 146 ක් පෙනී සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටියි.
විභාග කටයුතු සඳහා කාර්ය මණ්ඩලය ලෙස 16,268 ක් සේවය කරනු ඇති බවත්, පිළිතුරු පත්‍ර බැලීම සඳහා 18,200 ක් කටයුතු කරනු ඇති බවත් ඔහු පැවසුවේය.
කර්නල් පුහුණුව ලබමින් සිටිය දී විදුහල්පති හදිසියේ මියයයි - School Principal died in occurred while participating in the military training programme
Sunday, June 30, 2013
No comments
රන්ටැඹේ කඳවුරේ කර්නල් පුහුණුව ලබමින් සිටි රද්දොළුගම පඤ්ඤානන්ද ජාතික පාසලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.එස්. වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන හදිසියේ මියගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බව අනාවරණය වී ඇතත් පාසල් පද්ධතියට කිසිදු ඵලදායිතාවක් නැති මෙම කර්නල් පුහුණුව වහා නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
The Raddolugama Pangnananda National School Principal died this morning due to an accident occurred while participating in the military training programme for Principals at the Rantambe Cadet Training Camp.
According to Ceylon Teachers Union (CTU) General Secretary Joseph Stalin, the deceased Principal – W. A. Wickramasinghe (52) had passed away at the Mahiyangana hospital upon being hospitalised due a fall he suffered this morning during a physical training session.
හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බව අනාවරණය වී ඇතත් පාසල් පද්ධතියට කිසිදු ඵලදායිතාවක් නැති මෙම කර්නල් පුහුණුව වහා නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
The Raddolugama Pangnananda National School Principal died this morning due to an accident occurred while participating in the military training programme for Principals at the Rantambe Cadet Training Camp.
According to Ceylon Teachers Union (CTU) General Secretary Joseph Stalin, the deceased Principal – W. A. Wickramasinghe (52) had passed away at the Mahiyangana hospital upon being hospitalised due a fall he suffered this morning during a physical training session.
ආසියාවේ හොඳම නළුවා තිසත් මොරගොඩ - BEST ACTOR IN SAARC FILM FESTIVAL 2013 THISATH MORAGODA
Monday, June 17, 2013
No comments
පසුගිය දිනක කොළඹ පැවතී සාර්ක් කලාපිය රටවල් සිනමා උළෙල දී හොදම නළුවා ලෙස මවුස් සිනමාපටයේ රගපැ තිසත් මොරගොඩට හිමිවිය සිනමා උළලේදී ජයග්‍රහණ ලබාගත් අනිකුත් සිනමාපට සහ විස්තර පහත වේ
Final Results: SAARC Film Festival 2013
Best Actor - Thisal Moragoda – (Mouse) from Sri Lanka
Best Actress – Aamina Sheikh (Seedlings) from Pakistan
Trophy for Best Director – Tigmanshu Dhulia (Paan Singh Tomar) from India
Best Documentary Film – “Cost of Climate Change” – Tshering Penjor from Bhutan
Best Feature Film Bronze Medal – “Mouse” Directed by Wasantha Moragoda from Sri Lanka
Best Feature Film Silver Medal – “Seedlings” Directed by Mansoor Munjahid from Pakistan
Best Feature Film Trophy – Paan Singh Tomar – Directed by Tigmanshu Dhulia from India
අනතුරට ලක් වූ ධීවරයින් බේරා ගැනේ - rescue missing fishermen By Sri Lanka Air Force
Sunday, June 09, 2013
No comments
ඊයේ පැවති සැඩ සුළඟ නිසා මුහුදේ දී අනතුරට ලක් වූ ධීවරයින් බේරා ගැනීමේ කටයුතු ගුවන් හමුදාව විසින් අරඹන ලදී. ඒ අනුව කොල්ලුපිටිය මුහුදු ප්‍රදේශයේදී හා බේරුවලදී එසේ විපතට පත්ව සිටි ධීවරයින් බේරා ගැනීමේ කටයුතු ගුවන් හමුදාවේ බෙල් 412 යානය යොදා ගනිමින් සිදුවිය.
ඡායා රූ - ගුවන් හමුදා මාධ්‍ය ඒකකය
Sri Lanka Air Force deployed a Beechcraft surveillance aircraft to search the coastal area from Kollupitiya to Galle, as part of its joint mission to search and rescue missing fishermen, the Air Force said.
ඡායා රූ - ගුවන් හමුදා මාධ්‍ය ඒකකය
Sri Lanka Air Force deployed a Beechcraft surveillance aircraft to search the coastal area from Kollupitiya to Galle, as part of its joint mission to search and rescue missing fishermen, the Air Force said.
ජියා ඛාන්ගේ මිය යාම - Bollywood Actress Jiah Khan Dies
Wednesday, June 05, 2013
No comments
බොලිවූඩ් නිලි ජියා ඛාන් ගෙල වැලලාගෙන මිය යාමේ පුවත ඉන්දියා මාධ්‍ය වාර්තා සටහන් කරනවා ඇමරිකාවේ ඉපිද බොලිවූඩ් සිනමාවේ චිත්‍රපට කිහිපයක රඟපාන ලද ඇයගේ මරණය තවම අභිරහසක්ව පවතිනවා මේ සම්බනදව ඇයගේ පෙම්වතාගෙන් ද ප්‍රශ්න කර තිබෙනවා ඇය රඟපාන ලද ජනප්‍රිය චිත්‍රපට කීපය අතරට අමිතාබච්චන් සමග රඟපාන ලද Nishabd සිනමා පටය විශේෂයි
ඩෙංගු මාරාන්තිකයි..Dengue fever
Friday, May 31, 2013
No comments
ඩෙංගු රෝගය නිතර නිතර මාරාන්තික ලෙස හිස ඔසවමින් තිබේ මෙයට තවම් හරි හැටි නිසි ප්‍රතිකාර නොමැති වුවත් මෙය වලක්වා ගත හැකි ක්‍රම ඕනෑ තරම් තිබේ
ඩෙංගු රෝගය, රෝග ලක්ෂණ,වැලැක්වීම ගැන විස්තර මෙතනින් මෙතනින් පිවිසෙන්න
හෝමගම දිසා විනිසුරු තුන් වැනිදා දක්වා රිමාන්ඩ් - judge arrested
Thursday, May 30, 2013
No comments
දැන් දැන් අපේ රටේ යුක්තිය පසිදලීමට සිටින විනිසුරුවරුන් පවා අල්ලසට යට වී තිබේ දැයි සැක මතුවේ. ඉඩම් ආරවුලක් බේරා දීමට හෝටල හිමිකාරියකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ රැකවලා වූ පොලිස් කොස්තාපල්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන තුන් වැනිදා දක්වා රිමාන්ඩ් කැරිණි.
Homagama District court judge Sunil Abeysinghe who is alleged to have solicited a bribe of Rs 300,000, was remanded till June 3rd by Colombo Chief Magistrate Gihan Pilapitiya this evening
The judge was arrested when he was about to accept the bribe from a businessman in order to induce him to deliver a judgment in his favour in a land dispute case.
Homagama District court judge Sunil Abeysinghe who is alleged to have solicited a bribe of Rs 300,000, was remanded till June 3rd by Colombo Chief Magistrate Gihan Pilapitiya this evening
The judge was arrested when he was about to accept the bribe from a businessman in order to induce him to deliver a judgment in his favour in a land dispute case.
ජා ඇල මංසන්දියේදී රුපියල් ලක්ෂ 70 මංකොල්ලය - Rs 7 mn robbery in Ja Ela junction
Tuesday, May 28, 2013
No comments
Unforgiven goes canns film festival - සංජීව පුෂ්පකුමාර Unforgiven කැන්ස් චිත්‍රපට උළලේ කෙටිචිත්රපට අංශයට
Monday, May 27, 2013
No comments
සංජීව පුෂ්පකුමාර මේ නම අපට හුරු පුරුදු එකක් නොවේ එත් ඔහු රට වෙනුවෙන් කලදෙයක් තිබේ ඔහු 2011 වසරේ දී අධ්‍යක්ෂණය කල කෙටි චිත්‍රපටයට සම්මාන රාශියක් හිමිඋනා.සංජීව ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ උපාධිදරයෙකි. ඔහු කෙටි චිත්‍රපට ගනාවක් නිපදව ඇත.
Unforgiven (2012) ( Writer / Director)/
An Encounter in the Woods (2009) (Production designer)
Wings to Fly (2008) (Director/Writer/Producer)
Touch (2007) (Director/Writer/Producer)
) ( Writer / Director)/
An Encounter in the Woods (2009) (Production designer)
Wings to Fly (2008) (Director/Writer/Producer)
Touch (2007) (Director/Writer/Producer)
ඔහුගේ අලුත්ම කෙටි චිත්‍රපටය Unforgiven (2012) චිත්‍රපටය මෙවර කැන්ස් චිත්‍රපට උළලේ කෙටිතිටරපට අංශයට තෝරාගෙන ඇත අපි ඔහුට සුබ පතමු
Best Director Award, New Territories Competition / St.Pertersburg International Film Festival- KINOFORUM 2011
Best Asian Film, NETPAC award, 4th Bengaluru International Film Festival
Blue Chameleon Award, 5th CinDi IFF aka Cinema Digital International Film Festival, Soul, South Korea
Best Asian Cinematographer ( Nominated), Asian Film Awards, 2012, Hong Kong
Special Jury Mention for Red Chameleon Award, 5th CinDi IFF aka Cinema Digital International Film Festival, Soul, South Korea
Critic’s Choice Award, 5th New Jersey South Asian Film Festival, USA,
Tiger Award (Nominated) / 40th International Film Festival Rotterdam
New Directors Award (Nominated) / 37th Seattle International Film Festiva
Lino Micciche Award (Nominated) / 47th Pesaro International Film Festival (Mostra Internazionale de Nuova Cinema)
Silesian Film Award (Nominated) / Ars Independent International Film Festival 2011 Katowice[13]
Tokyo FILMeX IFF (Nominated) Best Film
Golden Montgolfier Award (Nominated),34th 3 continents IFF
Fipresci Prize (Nominated) 36th Hong Kong IFF
Signis Award (Nominated) 36th Hong Kong IFF
Asia Pacific Screen Awards (In Competition)
ගව ඝාතනයට එරෙහිව හිමිනමක් ගිනිතබා ගනී - Monk sets himself on fire against the slaughter of cattle
Friday, May 24, 2013
No comments
ශ්‍රී දළදා මාලිගාව අබියස පිහිටි කිංග්ස් හෝටලය ඉදිරිපිට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් අද පෙර වරුවේ පැට්රල් දමා තම සිරුර ගිනිතබාගෙන තිබේ. උන් වහන්ගේ මෙලෙස විරෝධය ප්‍රකාශ කර තිබෙන්නේ ගවඝතනයට විරුධතාවය දක්වමිනි.මෙලෙස ගිනිතබාගෙන විරෝධය ප්‍රකාශ කර ඇත්තේ බෝපිටියේ ඉන්ද්‍රසාර තෙරුන් වහන්සේය.පොලිස් විශේෂ කාර්ය බලකාය උන් වහන්සේ මහනුවර රෝහලට ඇතුලත් කරනු ලදුව අද දහවල් එකට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.උන් වහන්සේගේ සිරුර 90% පමණ පිළිස්සුම් තුවාල සහිත බවත් තත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.ජාත්‍යන්තර වෙසක් උත්සවය දිනදී මෙවැන්නක් සිදු වීම ඉමහත් කණගාටුවට කරුණක් වන අතර බලවතුන්ගේද වහ අවධානයට යොමු විය යුත්තකි
A Buddhist monk sets himself on fire outside the temple of the Sacred Tooth Relic in Kandy, protesting against the slaughter of cattle, police said.
The monk was admitted to the Kandy Hospital with 90 per cent critical burn injuries.
Eye witnesses said the monk poured petrol over his body and then lit himself. He was rushed by police.
The monk had been calling for a stop to cattle slaughter in Kandy, the city home to one of the holiest shrines for Buddhists, the
Temple of Tooth, which contains relic of the tooth of Buddha.
Wesak is a public holiday throughout the country. Meat stalls remain closed for two days during this time which signifies the birth, enlightenment and the death of Lord Buddha.
A Buddhist monk sets himself on fire outside the temple of the Sacred Tooth Relic in Kandy, protesting against the slaughter of cattle, police said.
The monk was admitted to the Kandy Hospital with 90 per cent critical burn injuries.
Eye witnesses said the monk poured petrol over his body and then lit himself. He was rushed by police.
The monk had been calling for a stop to cattle slaughter in Kandy, the city home to one of the holiest shrines for Buddhists, the
Temple of Tooth, which contains relic of the tooth of Buddha.
Wesak is a public holiday throughout the country. Meat stalls remain closed for two days during this time which signifies the birth, enlightenment and the death of Lord Buddha.
ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා - Worlds best actor nominee Jagath Chamila
Friday, May 17, 2013
No comments
samys story
ජගත් චමිල ලෝකයේ හොඳම නළුවාට නිර්දේශවේ
කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද "සැමීගේ කතාව"(sam's story) ගේ‍්‍රෂන් සම්මානය දිනාගත් නවකතාවකි. මෙම නවකතාවට පාදක වූ 'සැමී' නැමැති සැබෑ චරිතය ජීවත්වූයේද එල්මෝ ජයවර්ධන ගේ නිවසේමය. මෙම නවකතාව ඇසුරින් ප්‍රියංකර විතානාච්චි 'සැමීගේ කතාව' නමින් සිනමා පටයක් නිර්මාණය කළේ එහි 'සැමීගේ' චරිතය සඳහා ජගත් චමිලව තෝරා ගනිමිණි.
ජෝ අබේවික්රමයන් 'පුරහඳ කළුවර' සඳහා ආසියාවේ හොඳම නළුවා ගේ සම්මානය ලබාගැනීමෙන් අනතුරුව මෙරට රංගන ශිල්පියෙකු ජාත්‍යන්තර යේ හොඳම නළුවන් අතරට පැමිණ තිබෙන්නේ ජගත් චමිලය.එය අතිශය වැදගත්, ඵෙතිහාසික කාරණයක් වන්නේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල"නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ" හොඳම නළුවා තරගය සඳහා නිර්දේශ වීමය. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප'සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ඇත.
මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනිමස 13දින සිට 20දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පවත්වනු ලබන අතර 20දා සම්මාන ප්‍රධානය පැවැත්වීමට නියමිතය.
Category Debut Views
Year 2012
Runtime 94 minutes SpecsColor
Language Singha SubtitlesEnglish
Countries Canada, Sri Lanka
Director Priyankara Vittanachchi
Prod. Company Mahil Films
Producer Priyankara Vittanachchi
Screenplay Priyankara Vittanachchi, Pushpa Kumara Ellawala
Exec. Producer Roshan Fonseka
Cinematography Ruwan Costha
Editor Shyaman/Premasundara
Cast Jagath Chamila (SAM), Menik Kurukulasooriya, Victor Ramanayake, Wathika Ravinath
සුළිකුණාටුවෙන් පීඩා - cyclone in Sri Lanka
Tuesday, May 14, 2013
No comments
මේ දින වල පවතින අධික වර්ෂාව සහ තදින් හමන සුළං නිසා පොදු ජන ජීවිතය අඩාල වී තිබේ.ලංකාවේ ජාතික අපදා කළමනාකරණ මද්‍යස්ථානය සඳහන් කරන අන්දමට අද වන විට දිස්ත්‍රික්ක 12ක ජනතාව අධික වර්ෂාව සහ සුළිකුනටුවෙන් පීඩා ලබා ඇති බවයි වාර්තා වන්නේ. සිදුවූ ජලගැලීම් වලින් සහ කුණාටුවෙන් පුද්ගල මරණ 5ක්ද අතුරුදහන් 2වීම් ක්ද 8 දෙනෙකු තුවාල ලබා ඇති බවත් නිවාස 8ක් සම්පුර්ණයෙනම විනාශ වී ඇති අතර නිවාස 262කට අර්ධ වශයෙන් හානි වී ඇති බව දන්වා ඇත. ගස් කඩා වැටීම් පස්කඳු කඩ වැටීම් ජල පිපිරීම් නිසා මෙම දිස්ත්‍රික්ක වල ගමනාගමනයටත් දැඩි බාධා ඇති වී ඇති බවත් වාර්තා වේ.
කරන්ටිවදින විදුලි බිල - Electricity bill updates
Wednesday, May 08, 2013
No comments
අද ලංකවේ ප්‍රධානම මාතෘකාවලින් එකක් වන්නේ විදුලිබිලයි. ඒ විදුලිබලමනඩලය ලබන පාඩුව මගහැර ගැනීම වෙනුවෙන් බව එහි සභාපති වරයා වන ගනේගල මහතා කිහිපවිටක් අවධානය කළේය කෙසේවෙතත් පසුගිය මැයි පළවෙනිදා ජනාධිපති වරයා ලබාදුන් සහනය පිළිබඳවද ගැටළු මතු වී තිබේ.එතුමා කියූ පරිදි එකක 60 දක්වා සහනය දෙනබව කියුවද පැරණි ගාස්තු ක්‍රමය අනුව රු 317ක් වන විදුලි ගාස්තුව රු 412 දක්වා ඉබේම ඉහල ගොස් තිබේ එකක 60 දක්වා අපරටේ විදුලිපරිභෝගිකයෝ ලක්ෂ 13ක් සිටිති එහෙත් ඉන් එහාට එකක 61 සිට 90 දක්වා ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් විදුලිය පරිහරණය කරයි එහෙත් ඒ ගාස්තු ක්‍රමය පිලිබදව පැහැදිලි ප්‍රකාශයක් නොමැති වීම කණගාටුවට කරුණකි.කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ නව සංශෝධන සඳහා අනුමැතිය ලබාදීමට අවසන් සාකච්ඡාව අද (08) පවත්වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
අද පස්වරුවේ කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා මෙම සාකච්ඡාව පවත්වන බවත්
ඉහළ දැමූ ගාස්තු යළි සංශෝධනය කිරීම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල මහා භාණ්ඩාගාරයෙන් සපයන්නේ ද යන්න වග මුදල් අමාත්‍යංශයෙන් විමසීමට නියමිත බව ද ජයතිස්ස ද කොස්තා මහතා සඳහන් කළේය.
අදාළ මුදල මහා භාණ්ඩාගාරයෙන් පියවන බවට දැනුම් දුන් පසුව නව සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පවසයි.
පයාගල බස් දුම්රිය ගැටුම - Bus Train Accident in Payagala -
Saturday, April 20, 2013
No comments
කොළඹ සිට ගාල්ල බලා අද පස්වරු 5.30 කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රියක පයාගල ප්‍රදේශයේදී බස්රථයක් සමග ගැටීමෙන් කිහිප දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
බොස්ටන් නුවර ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් හානි නැත - NO sri lanakan injuries in Boston Attack
Thursday, April 18, 2013
No comments
බොස්ටන්හි වාර්ෂික මැරතන් ධාවන තරඟය ඉලක්කකර ගනිමින් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙන අතර එයින් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් අනතුරක් සිදුවූ බවට මේ දක්වා වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්රකාශිකාවක් පැවසුවාය.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් සිදුවීද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වොෂිංටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවය කරන, පදිංචිවී සිටින සහ විවිධ අවශ්‍යතා හේතුවෙන් සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.
ටෙක්සාස් හි පිපිරීමක් explosion at Texas fertilizer plant
Wednesday, April 17, 2013
No comments
ටෙක්සාස් හි පොහොර කම්හලක් තුල විශාල පිපිරීමක් අද 17 වාර්තා උනා එහි වීඩියෝ පටය පහත වේ
The large fertilizer plant explosion that rocked a Texas city Wednesday night was the “most devastating thing that’s happened to this community,” West Mayor Tommy Muska said at an impromptu news conference.
"We need your prayers," Muska said. "There’s a lot of people that are hurt. And there’s a lot of people that I’m sure are not going to be here tomorrow."
Scores of people were injured and numerous buildings were damaged in the large explosion at a fertilizer plant near Waco, Texas, according to local authorities.
තත්පර 30 කින් පිපිරීම සිදුවේ.....
තත්පර 30 කින් පිපිරීම සිදුවේ.....
2013 අලුත් අවුරුදු නැකත් සීට්ටුව - New Year Nakath Seettuwa..2013
Tuesday, April 09, 2013
No comments
සිංහල අලුත් අවුරුද්ද බෞද්ධ හින්දු ජාතිකයන්ගේ ජාතික මංගල්ලයක්.අවුරුද්දේ වැදගත්ම තැනක් ලැබෙන්නේ නැකත් වලට.ග්‍රහචාරයට අනුව රාශි චක්‍රයේ නැකත් නැති වෙලාවක් එනවා.ඒ නොනගතය වෙලාව ඇතුලෙම තමයි නැකත් තියෙන්නේ මුලුරටක්ම එකතුවෙලා එඅකම වෙලාවක ලිප ගිනිමොලවල එකම නැකතකට ආහාර අනුභව කරන එකතමයි තියන වඩා වධගත්කම මේ නැකත් තියන කොලයට කියන්නේ නැකත් සීට්ටුව කියල 2013 අවුරුද්දේ නැකත් සීට්ටුව තමයි පහලින් තියෙන්නේ දැන් ලෝකය දියුණු වෙලා නිසා නැකත් සීට්ටුවත් ඩිගිටල් ක්‍රමයට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ
පරණ අවුරුද්ද සදහා ස්නානයකිරීම.
අළුත් අවුරුදු උදාව.
2013 අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 1.29 ට සිංහල අළුත් අවුරැදු අදා වෙයි.
පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 07.05
සිට 14 වෙනි ඉරිදා පූර්වභාග 07.53 දක්වා පුණ්‍ය කාලය පවතී.
ආහාර පිසීම.
අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 04.06 ට නීල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද,ගිනි මොලවා,ගිතෙල් සහ හකුරු මිශ්රකිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිලියල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම,ගණු දෙනු කිරීම සහ ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්වභාග 07.05 ට තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කර ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 15 වන සඳුදා පූර්වභාග 06.41 ට නැගෙනහිර බලා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද,පයට දිඹුල් පත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකිරක්ෂා සදහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 17 වෙනි බදාදා පූර්වභාග 07.42 ට පලා පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම මැනවි.
පරණ අවුරුද්ද සදහා ස්නානයකිරීම.
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා නුග පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතානුස්මරනය කොට වාසය මැනවි.
2013 අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 1.29 ට සිංහල අළුත් අවුරැදු අදා වෙයි.
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 07.05
සිට 14 වෙනි ඉරිදා පූර්වභාග 07.53 දක්වා පුණ්‍ය කාලය පවතී.
අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 04.06 ට නීල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද,ගිනි මොලවා,ගිතෙල් සහ හකුරු මිශ්රකිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිලියල කරගැනීම මැනවි.
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්වභාග 07.05 ට තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කර ආහාර අනුභවය මැනවි.
අප්‍රේල් මස 15 වන සඳුදා පූර්වභාග 06.41 ට නැගෙනහිර බලා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද,පයට දිඹුල් පත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
අප්‍රේල් මස 17 වෙනි බදාදා පූර්වභාග 07.42 ට පලා පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම මැනවි.
මුත්තයියා මුරලිදරන් පිළිතුරු දෙයි Murali give answers to NDTV
Friday, March 29, 2013
No comments
ශ්‍රී ලංකා කණඩායමට ක්‍රීඩා කරමින් කීර්තියක් ගෙනදුන් මුත්තයියා මුරලිදරන් තමිල්නාඩු සිංහල එරෙහි අරගලයට කදිම පිළිතුරක් දී තිබේ. ඔහු මේ ගැන අදහස් දක්වා ඇත්තේ ඉන්දියාවේ NDTV නාලිකාව ඔහු සමග පැවතී සාකච්ඡාවකදී මුල අමතක නොකළ මුරලිගෙන් හැකිතාක් හරස් ප්‍රශ්න අසමින් නිවේදකයා උත්සාහ කලේ ගැටුම ඇවිලීමටය. නමුත් බුද්ධිමත්ව පිළිතුරු දුන් මුරලිගේ ප්‍රකාශය අපේ රටේ නියම පුත්‍රයෙකුගේ ප්‍රකාශයකි. අද මට ඉතාම ශෝක ජනක දවසක්.මගේ බිරිද උපන්නෙත් චෙන්නායි වල. අපේ ක්‍රීඩකයනට චෙන්නායි ක්‍රීඩා කිරීමට නොදීම පටු දේශපාලන වාසී මත මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමක්. මම ලංකාවේ කණඩායමට අවුරුදු 20 සෙල්ලම් කල මට කිසිම ගැටළුවක් ආවේ නෑ. අපි කණ්ඩායමක් හැටියට සෙල්ලම් කලා මට කිසිම වෙනස්කම කලේ නෑ .අපේ රටේ යුද්ධයක් තිබුනා. දැන් ඒක ඉවරයි. අපි හැමෝම සතුටෙන් ජීවත් වෙනවා. මේක ඔවුන්ගේ දේශපාලන ගැටළුවක් '' මුරලි අපිට ඔබ ගැන ආඩම්බරයි
ජිනීවා මානවහිමිකම් -Jiniwa Human rights against Sri Lanaka
Saturday, March 23, 2013
No comments
ලොව බලවත් රටවල දැඩි පීඩනය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සලයේදී 21 දී සම්මත විය. මුස්ලිම් රටවල් බහුතරයක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාව වැඩි ඡන්ද 12 කින් සම්මත වූ අතර ඊට පක්ෂව රටවල් 25 ක් ඡන්දය ලබාදුන් බවද ඊට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය සහ ප්රතිසංධාන ක්‍රියාවලිය අගයමින් ලොව රටවල් 13 ක් අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ බව ද ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.
මේ අතර ජපානය ඇතුළුව රටවල් 8 ක් මේ යෝජනාව සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, ප්‍රතිසංධානය මෙන්ම පුනරුත්ථාපනය ආදී කරුණු රැසක් ඇතුළත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවට ඉදිරිපත් කළයෝජනාව සඳහා ශ්‍රී ලංකාවට හිතවත් රටවල් රැසක් විරෝධය පළකළ අතර කොටි හිතවාදී ඉන්දියාව ඇතුළු රටවල් 25 ක් එම යෝජනාව සම්මත කරමින් කොටි ක්‍රියාකාරකම් සඳහා යළිත් වරක් සහයෝගය ලබාදී තිබේ.
දිනමිණ
දිනමිණ
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට විරෝධය ....
Thursday, March 21, 2013
No comments
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට විරුද්ධව දෙමාපියන් පෙළගැසී සිටි. දක්වන විරුද්ධතාවයක් වශයෙන් විදුහල අසල තිබෙන මාර ගසකට නැගී ගෙල වැලලාගෙන මිය යාමට ඉන්ද්‍රජිත් මහතා සුදානමෙන් සිටි. ඔහු මේ පිලිබදව තීරණයක් ගැනීමට ඇමතිවරයාට ඉඩ දී තිබෙන්නේ අද (21)දහවල් 1.30 දක්වා පමණක් බව ඔහු ප්‍රකාශ කර සිටි. මේ අතර අධ්‍යාපන ඇමතිවරයා කියන්නේ ඔහු ඊයේ ගසෙන් බැස්ස බවයි. නමුත් ඔහු තවම ගස උඩ සිට අද 1.30 පෙර විසදුමක් නොදුනහොත් තමන් මාර ගසේ දැන් බැඳගෙන සිටින කඹ පිටින්ම ගෙල වැලලාගෙන මැරෙන බව කියයි
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත කෙරේ - Mthtala International Air port
Sunday, March 17, 2013
No comments
ගුවන් සේවා ඉතිහාසයේ රන් සලකුණක් සනිටුහන් කරමින් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සුබ මොහොතින් අද විවෘත කෙරේ.
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත වීමෙන් අනතුරුව අවස්ථා හතරකදී ගුවන් යානා 4 ක් නව ගුවන් තොටුපළ කරා පිවිසීමට ද නියමිත ය. මුලින් ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැමිණෙන අතර එම යානයෙන් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ද උත්සවයට සහභාගි වීමට පැමිණීමට නියමිතව ඇත. වොෂිංටන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඩුබායි හරහා මත්තලට පැමිණීමට නියමිත ය. ඉන් අනතුරුව මත්තලට ‘එයාර් ඇරබියා’ ගුවන් යානයක් පැමිණෙන්නේ 150 කට අධික මගී පිරිසක් ද රැගෙන ය.
මේ හා සමඟම ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානයක් ද මත්තල දක්වා පැමිණෙන අතර එහි එමිරේට්ස් ගුවන් සේවා ආයතනයේ ඉහළ නිලධාරීන් රැසක් ද පැමිණීමට නියමිතය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මාර්තු 18 දා පළමු අදියර විවෘත කිරීමත් සමඟ මිලියනයක මගී ධාරිතාවක් හැසිරවිය හැකි බව පවසන ඇමැතිවරයා, මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් මගීන් මිලියන 7.2 ක් හැසිරවීම් සිදුකරන බව ද පවසයි
ටිබැටයේ උපන් සිංහල මහින්ද හිමි ස්මරණය කරමු
Sunday, March 17, 2013
No comments
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
ටිබෙට් දේශයේ සිකිම් නුවර උපන් තෂිනෙම්ග්‍යල් කුමරුවා වයස 12 දී පමණ පැවිදි යතුවරයාණන් නමක් වූ තම සොහොයුරු සිකීම් පුන්නජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමඟ මෙරටට සැපත් වූහ. දොඩම්දූවේ පොල්ගස්දූවේ ආරාමයේ වෙසෙමින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් සිංහල පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ තෂිනෙම්ගදල්මහා බෝධි විද්‍යාලයට ඇතුළත් වී ඉංග්‍රීසි භාෂාව ද හැදෑරුවේ ය. පළමු ලෝක සංග්‍රාමය පැවති සමයේ පුන්නජි හා ඤාණතිලෝක හිමිවරුන්ගේ ඇවෑමෙන් මොහු පැවිදි බිමට පත් වූබව සඳහන් ය. මෙතුමන් පැවිදි බව ලැබුයේ දොඩම්දූවේ ශෛල බිම්බාරාමයේදී සිකීම් මහින්ද නමිනි. පැවිදි උපාධ්‍යයන් වහන්සේ වූයේ රත්ගම, සිරි චූල සුමන හිමියන්ය. මුලසිටම කවියට ඇලුම් කළ මහින්ද හිමියන්ට දොඩම්දූවේ දී හමු වූ සිරි ජිනරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ තම කවිකම පුබුදුවා ගන්නට අවස්ථාව උදාවිය.
මුලදී අමරපුර නිකායේ පැවිදි බව ලත් මේ හිමියන් 1930 පමණ එවක විද්‍යාලංකාර පරිවේණාධිපතිලුණු පොකුනේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ළඟ යළි පැවිදි බව ලැබූහ. 1931 උපසම්පදාව ලද මුන්වහන්සේ රත්මලානේ වැඩ වෙසෙමින්, සිංහල, පාලි, සංස්කෘත යන තෙබසින්ම ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, විභාග සමත්ව ආනන්ද මහ විදුහලේ ගුරුපත්වීමක්ද ලැබූහ. 1936 සිට පානදුරේ මහ බෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ වාසය කළ මහින්ද හිමියෝ අපවත්වනතුරු එහි වැඩ විසූ බව සඳහන් ය. එහිදී ශාසනික මෙන්ම මහා ජාතික මෙහෙවරක් ඉටු කළහ. එස්. මහින්ද හිමි 1934 සිට 1936 දක්වා නාලන්දා විද්‍යාලය, කොළඹහි ගුරුවරයෙක් වශයෙන් සේවය කලහ.
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ
මහින්ද හිමියන්ගේ දේශාභිමානී හා ජාතිකාභිමානී කවි එදා පරාදීනව සිටි සිංහල ජනතාවගේ හදවත්වලට කා වැදුණි. එදා ඉංගී්රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය. සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය.
ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
දිය දද දියත නංවනු බැරි මොකද බොලව්
සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණ කමත් බණ දහමත් එයයි මට
නිදහස් දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල උන්වහන්සේ තුළ තිබූ ප්‍රබල දෑහිතකාමයට දෙස් දෙන්නේ ය. එදා අපරටට අවශ්‍යව තිබූ නිදහස ලබා ගන්නට උන්වහන්සේ කවිය අමෝරාගෙන සටන් වැදුණේ ය.මහින්ද හිමියන් කරන ලද ජාතික සේවාවේ ප්‍රබල අංගයක් ලෙස උන්වහන්සේ සිංහල දැයේ දරුවන්ට දෙන ලද ළමා සාහිත්‍ය පත පොත හඳුන්වා දිය හැකි ය. මහින්ද හිමියන් සාහිත්‍යයට කරන ලද මෙහෙවර අද්විතීයහ.
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
ජාතික තොටිල්ලෙන් උන්වහන්සේ දැයේ දරුවන්ට තමා උපන්බිම ගැන තමා උපන් ජාතිය ගැන ජාතික කැක්කුම දනවන්නට උත්සාහ කිරීම නිසා එදා දැයේ දරුවන් උපන්බිමට ආදරය කරන්නට විය.
ළමා සාහිත්‍ය පෝෂණය කරන්නට උන්වහන්සේ ලියූ කවි අතර,
‘උදය සවස’ ‘මගේ පොතේ අගේ’ ‘ලේනා’ , ‘බමරා හා මල’, ‘වයසේ වෙනස’, ‘මඟුල් ගෙවල් දෙකක්’, ‘රෝස මල හා ළමයා’, ‘ සමගිය බලයවේ’, ‘ කීකරු ළමයා’, ‘යුතුකමෙහි අගේ’, ‘මව්බිම’, ‘ හොඳ ළමයා’ වැනි කවි වලින් යහපත් ළමා ලෝකයක්, ආදරය අහිංසාව දනවන ළමා මනසක් ගොඩනඟන්නට මහත් වෑයමක යෙදී ඇති බව පෙනේ.
සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී
ගුමු ගුමු ගා මොකද හොරෝ
අහකට පල වන බමරෝ
රෝස මලේ ළඟට වරෝ
අපිය නුඹේ සොහොයුරෝ
පාට සුවඳ එක වගේ
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ
මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කීකරු වන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්ට
කිළිනොච්චියේදී විරෝධතා ව්‍යාපාරයක්
Wednesday, March 13, 2013
No comments
ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් කිළිනොච්චියේදී දසදහසකට වැඩි පිරිසක් සහභාගි වී දැවැන්ත විරෝධතා ව්‍යාපාරක් ඊයේ (12) පැවැත් වූවා.මේ විරෝධතා ව්‍යාපාරය බෙහෙවින්ම සාර්ථක වී තිබෙන අතර ඒ සඳහා යාපනය, වවුනියාව, කිළිනොච්චි, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජනකොටස් සහභාගි වී තිබේ.
මාලිංගගේ හැසිරීම - Malinga's Anger
Thursday, March 07, 2013
No comments
ලංකාව ක්‍රිකට් අතින් ලෝකයේ ඉහලම ශ්‍රේණිය ලබා ඇති රටක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.අප රටට එම වාසනාව උදාවී ඇත්තේ අපේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ලෝලීන් නිසා බව නොරහසකි.ඕනෑම රටක ක්‍රීඩකයන් සඳහා ක්‍රීඩාවේ විනය පවත්වාගෙනයාම සදහා නීතිරීති සම්පදනට සම්පාදනය කෙරේ.එම නීති ගිවිසුම් වාර්ෂිකව හෝ කාලීනව අලුත් කෙරේ.මෙය සාමාන්‍ය සිද්ධියකි ලංකාවේද එය එසේමය.එහෙත් ජාත්‍යන්තර තලයට ඕනෑම කෙනෙකු ඔසවා තැබෙන්නේ මාධ්‍ය හරහාය මාධ්‍යට ප්‍රතිචාර දැක්වීම හික්මීමකින් කල යුත්තකි.ලසිත් මාලිංග තම කෝපය මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීමෙන් ජනප්‍රිය වන්නේ ඔහුය ගිවිසුමේ අඩුපාඩු වැරදි තිබීමට පුලුවන.එහෙත් ඒ සදහා ප්‍රතිචාර දැක්විය යුත්තේ මෙසේද යන්න කලපනා කොට බැලීම වටි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයකු-ට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.
වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගිය දා රාත්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතු වී තිබේ.
ලසිත් මාලිංග ජාතික රුපවාහිනී කැමරාවට අදහස් දැක්වූ අයුරු
මේ පිළිබඳව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ අදහස්
විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි -Dr. DVJ Harischandra passed away
Saturday, March 02, 2013
No comments
ජනප්‍රිය විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා 01දා එනම් ඊයේ කලුබෝවිල රජයේ රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 1938 මාර්තු 11 වැනි දින ගාල්ල මිහිරි පැන්න දී උපත ලද හරිස්චන්ද්‍ර මහතා මියයන විට හැත්තෑපස් වැනි වියෙහි පසුවිය.
ලංකාවේ ප්‍රථම හෘද, උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරිය වන ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය ඇතුළු දූවරුන් තිදෙනකුගේ පියකු වන විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතාට බුදු දහම, සාහිත්‍ය ආදිය පිළිබඳ මනා දැනුමක් විය.
2000 වසරේදී රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී හොඳම ඉංගී්රසි ගද්‍ය ග්රන්ථයට රාජ්‍ය සම්මානය හිමිකරගත් හරිස්චන්ද්‍ර මහතා බුදුදහම හා මානසික සුවය ජාතක කථා පිළිබඳ මනෝ විද්‍යාත්මක කරුණු, “ජාතක ගීත සංග්‍රහය, විභාග රහස්, ආදිය ඇතුළු ග්රන්ථ රැසක කතුවරයෙක්ද වේ
Consultant Psychiatrist Dr. DVJ Harischandra passed away at the Kalubowila Teaching Hospital when he was admitted following a heart attack.
According to a hospital spokesperson Dr. Harischandra who had been 75 years of age had passed away prior to his admission.
A father of 3 and a former alumnus of the Saint Aloysius College in Galle Dr. Harischandra became a synonymous personality subsequent to appearing besides late Venerable Gangodawila Soma Thero during televised religious programmes.
ශ්‍රී ලංකාවට අත නොතබනු! - Keep Hands Off from Sri Lanka
Friday, March 01, 2013
No comments
ශ්‍රී ලංකාවට එරෙහි ව නැඟෙන මානව හිමිකම් චෝදනාවලට ආණ්ඩුව ඉතා තර්කානුකූල ව පිළිතුරු සපයමින් සිටී. සත්‍ය කරුණු මත පදනම් වෙමින් මානව හිමිකම් කොමිසමේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් රාජ්‍යයන් විවේචනය කිරීමට ද ආණ්ඩුව නිර්භීත වී සිටී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කිසිවක් සැඟවීමට උත්සාහ කරන්නේ නැති බවත්; ඕනෑම චෝදනාවකට ඍජු පිළිතුරු ලබාදීමට සූදානම් බවත් අපගේ නියෝජිත කණ්ඩායමේ හැසිරීමෙන් මොනවට සනාථ වේ. ආණ්ඩුවේ නියෝජිතවරිය පළමුව කියා සිටියේ අමෙරිකාව ඉදිරිපත් කිරීමට යන වාර්තාව අයුක්ති සහගත වන්නා සේ ම මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්තිවලට ද පටහැනි බව ය.
මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලෙයි මැතිනිය මුල සිටම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ තැනැත්තියකි. ඇය ජාතිවාදී ස්වරූපයකින් හැසිරෙන බවත්; දෙමළ ත්රස්තවාදයට වක්‍ර ලෙස සහයෝගය දක්වන බවත් සිහි නුවණ ඇති ඕනෑම කෙනකුට පැහැදිලි වේ. එතුමියගේ වාර්තා, විවේචන හා නිර්දේශ යන සියල්ලෙහි ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාව දැඩි අසීරුවකට පත්කිරීම ය. ඇයගේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට බාධාවක් බවත්; සංහිඳියාවට බාධාවක් බවත් ඇමැති මහින්ද සමරසිංහ මහතා කෙළින් ම කියා සිටියේ ය.
මෙය ඉතා වැදගත් අවස්ථාවක් සේ සැලැකිය හැකි ය. මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන නිලධාරිනිය හා ඇයට සහයෝගය පළ කරන අමෙරිකන් නියෝජිත පිරිස ද ඉදිරියේ මේ චෝදනා එල්ල කිරීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඍජුභාවය ප්‍රකට වේ. මානව හිමිකම් කොමසාරිස්වරිය මේ සැසියට පෙර සිට ශ්‍රී ලංකාව ගැන දැක් වූ අදහස් නිවැරැදි නැත. ඇයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවැරැදි වැටහීමක් හෝ වර්තමාන කටයුතු සම්බන්ධයෙන් අත්දැකීමක් ද නැත. එතුමිය සැසියට පෙරාතුව දැක්වූ විවේචනාත්මක අදහස් වෙනත් රටවල් නොමඟ යවන සුලු ය. මේ තත්ත්වය අනෙකුත් රාජ්‍යයන් නිසි ලෙස අවබෝධ කරගන්නේ නම්; වඩා වැදගත් වනු ඇත.
ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කළ හැකි ය. පළමුවන්න නැවත පදිංචිකිරීම් ය. දෙවන්න යුද්ධය පැවැති පළාත්වල අද පවත්නා සංවර්ධන ක්‍රියාවලිය යි. ෙතවන්න උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය යි. මේ කරුණු එක් අතකින් මානව හිමිකම් කොමිසමේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද නිර්දේශවලට එකඟ ය. මානව හිමිකම් කොමිසම බැලිය යුත්තේ ශ්‍රී ලංකාව ඉහත කී සාධක කොතෙක් සාර්ථකව ඉටු කර තිබේ ද යන්න ය. එහෙත් කොමිසමේ ඇතැම් පාර්ශ්වයන් උත්සාහ කරනුයේ වෙනත් චෝදනා මත ශ්‍රී ලංකාව මත වරද පැටවීමට ය.
ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම අවසන් වූයේ 2009 මැයි මාසයේ ය. අද වන විට ගෙවී ඇත්තේ වසර තුන - හමාරක් වැනි සුළු කාලයෙකි. මානුෂීය මෙහෙයුම අවසන් වන විට සරණාගතයන් ලෙස සිටි පිරිස 2,95,000ක් වූහ. මේ සුළු කාලය තුළ සියලු සරණාගතයන් නැවත පදිංචි කිරීමට හැකියාව ලැබී ඇත. සියලු දෙනාට ම පාහේ තමන්ගේ පරණ වාසස්ථාන හා ගම්බිම් ලැබී ඇත. ඇතැම් පවුල් ඔවුන්ගේ කැමැත්ත මත වෙනත් ප්‍රදේශවල පදිංචි වී සිටිති. 2013 ජනවාරිය අවසන් වන විට අවසන් කණ්ඩායම ද නැවත පදිංචි කර තිබේ. දැන් සරණාගත කඳවුරු නැත.
කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් මත සරණාගත තත්ත්වයට පත් වූ මේ පිරිසට වාසස්ථාන, ආහාර හා වෙනත් පහසුකම් ලබා දුන්නේ රජයේ වියදමෙන් ය. කොටි සංවිධානයේ බලය පැවැති කාලයේ මේ පිරිසගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබිණි. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී තිබිණි. එහෙත් මානව හිමිකම් කොමිසම හෝ අමෙරිකාව වැනි බලවත් රාජ්‍යයන් හෝ කොටි සංවිධානයේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැත. කොටි සංවිධානය සිය අවසන් කාල පරිච්ඡේදය තුළ ද ළමා සොල්දාදුවන් 594 දෙනකු බඳවාගෙන තිබිණි. අද මේ පිරිස පුනරුත්ථාපනය කොට සමාජගත කර තිබේ. මුළුමනින් ම ගත් කළ එල්.ටී.ටී.ඊ. යුද පුහුණුව ලද 12,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපන ක්‍රියාවලියට හසුකොට පසු ව සමාජ ගත කර සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් දැන් රැකියාවල නිරත වෙති.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතට හා නැඟෙනහිර පළාතට ලබා දී ඇති නව සංවර්ධනය එක අතකින් පුදුම සහගතය. යුද්ධයක් පැවැති රාජ්‍යයක යුද කලාපයක් මෙතරම් කෙටි කාලයක් තුළ සංවර්ධනය කර ඇති එක ම රාජ්‍යය ශ්‍රී ලංකාව විය යුතුයි. පලාලි ගුවන් තොටුපොළ හා කන්කසන්තුරේ වරාය මේ වන විට මුළුමනින් ම නිදහස් ය. ධීවර කටයුතු හා කෘෂිකර්මය සාමාන්‍ය පරිදි සිදුවේ. ජන ජීවිතය ද මුළුමනින් ම නිදහස් ය. දහස් ගණන් දේශීය හා විදේශීය සංචාරකයෝ උතුරේ චාරිකා කරති. වාණිජ කටයුතු පුළුල් වෙමින් පවතී. එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පුපුරුවා විනාශ කරන ලද උතුරේ දුම්රිය මාර්ගය යළි ඉදිවෙමින් පවතී. 2015 වන විට එය විවෘත කිරීමට සැලැසුම් කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ එක් චෝදනාවක් වන්නේ උතුරේ ආරක්ෂක හමුදාවන් රැඳී සිටීම ය. එහෙත් හමුදාව ක්‍රමයෙන් එම ප්‍රදේශවලින් ඉවත් කරගෙන ඇති බව ඔවුන් හෙළිදරව් කරන්නේ නැත. අද උතුරේ අධි ආරක්ෂිත කලාප නැත. බිම් බෝම්බ පැවැති ප්‍රදේශවලින් 99%ක් පමණ ඒවායින් මුදාගෙන නිදහස් කලාප බවට පත් කර තිබේ. රජයේ හමුදාවෙන් අනුඛණ්ඩ කිහිපයක් පමණක් එහි රැඳී සිටිති. දෙමළ ජනතාවගේ ආරක්ෂාවට හා රටේ ආරක්ෂාවට එබඳු පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබේ. එහි රැඳී සිටින හමුදාව උතුරේ සිවිල් පාලනයට ඇඟිලි ගසන්නේ නැත. සංවර්ධනය සඳහා ඉඩම් ලබා ගැනීමේ දී ද සාමාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබේ.
මේ තත්ත්වයන් නිවැරැදි ලෙස තක්සේරුවට ලක්කළහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු මානව හිමිකම් චෝදනාවක් එල්ල කිරීමේ හැකියාවක් කිසිදු රාජ්‍යයකට හෝ කිසිදු සංවිධානයකට හෝ නැත. එහෙත් ලෝකයේ බලවත් රාජ්‍යයන් මෙන්ම බලවත් සංවිධාන ද කටයුතු කරනුයේ දෙබිඩි ප්‍රතිපත්තියක් මත ය. ඒ අනුව අමෙරිකාවේ මානව හිමිකම් ගැන කිසිවකු කතා කරන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවලට අසත්‍ය කරුණු මත පදනම් වෙමින් චෝදනා එල්ල කිරීමට සමහරුන් සූදානම් ය. මේවා අපගේ ස්වාධීනත්වයට එරෙහිව නැඟෙන අභියෝග බැවින් ඊට නොබියව හා සැලැසුම් සහගත ව මුහුණ දිය යුතු ය.
.
war crimes in Sri Lanka ලංකාවේ යුධ අපරාධ
Wednesday, February 27, 2013
No comments
මානව හිමිකම කෞන්සිලයේ 20 වන සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයේ මහා කොමසාරිස් වන නවනන්දනී පිල්ලේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව තුල දැවැන්ත ලෙස යුධ අපරාධ සිදු වී ඇති බවයි. එහි සත්‍ය තාවයක් ඇත. ලංකවේ සිටි උගතුන් දේශපාලන නායකයන් පවා LTTE නමැති ත්රසතවාදී සංවිධානය ඝාතනය කර තිබේ.
දැනට ඊනියා දෙමල ඩියස් පෝරාව විවිධ රටවල ක්‍රියාත්මක වෙමින් විවිධ අන්දමේ මඩ ප්රචාරක ක්‍රම භාවිත කරමින් ලංකවේ මානව හිමිකම් උල්ලංඝනය වුබවට ඔප්පුකිරීමට වෙර දැරීම පවතින වාතාවරණය නැති කිරීමට අර අදින තවත් මගඩියකි. පහත රුප පෙලින් දැක්වෙන්නේ LTTE නම් කුරිරි ත්‍රස්ත වාදී සංවිධානය විසින් අමු අමුවේ මහමගදී ඝාතනය කල සහ තුවාල සිදුකල අපරටේ දේශපාලන නායකයන් සහ උගතුන් බුද්ධි මතුන්ය...අපරටේ එවකට හමුදා පති වරයද එඅ අතර සිටි ආරක්ෂක ඇමති වරයෙක් හිටපු ජනාධි පතුවරයෙක් ජනාධිපතිවරිය විදේශ කටයුතු ඇමති වරයෙක් තව බොහෝ පිරිස් පහත රුපපෙලෙහි වෙයි. එවිට මානව හිමිකම් කෞන්සිලය හිටියේ බුදියගෙන හෝ නිදිවැදගෙනය. නැත්නම් මේ මියගිය මිනිසුන් මනවයන්ද නොවේ. නවනන්දනී පිල්ලේ නමැති කොමසාරිස් වරිය එවිට හිටියේ මවගේ කුසේද? නැත ඇයගේ අරමුණ මනවයනට සාධාරණයක් කිරීම නෙවේ රටකට අංචියක් ඇද දෙමල දිය්ස්පොරවෙන් තම මඩිය තරකර ගැනීමයි. ඔබ ලාංකිකයෙක් නම් මෙයට එරෙහි වන්න
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා
ගාමිණී දිසානායක ජනාධිපති අපේක්ෂක
හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගේ රියට බෝමිබ
ජනපති ප්‍රේමදාස මැතිතුමා
බිරිඳට සැමියා අහිමිව මානව හිමිකමි කඩ නොවී
ඔසී අබේගුණසේකර
ආරක්ෂක ඇමති රන්ජන් විජයරත්න
විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්
2013 ඔස්කාර් සම්මාන උළෙල Oscar Awards 2013
Tuesday, February 26, 2013
No comments
2013 ඔස්කාර් සම්මාන උළෙල මෙවරද ඇති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුවා මෙවරද චිත්‍රපට රාශියක් ඉදිරිපත් වූ තිබු අතර විවිධ අංශ වල සිනමාපට ප්රදරශනය වීම මෙවර විශේෂයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙස ඔස්ට්‍රියාවේ Argo චිත්‍රපටය සම්මාන ලැබුවා. නිර්දේශිත සහ ජයග්‍රාහී සිනමාපට නාමලේඛනය පහතින්....
අපට කවදා ඔස්කාර් සම්මානයක් ලැබේද?
2013 Oscar Winners
Winners are highlighted in red.
BEST PICTURE
Amour
Argo - Watch Trailer Click here...
Beasts of the Southern Wild
Django Unchained
Lincoln
Les Miserables
Life of Pi
Silver Linings Playbook
Zero Dark Thirty
BEST DIRECTOR
Ang Lee, Life of Pi
Benh Zeitlin, Beasts of the Southern Wild
David O. Russell, Silver Linings Playbook
Michael Haneke, Amour
Steven Spielberg, Lincoln
BEST ACTOR
Daniel Day-Lewis, Lincoln
Denzel Washington, Flight
Hugh Jackman, Les Miserables
Bradley Cooper, Silver Linings Playbook
Joaquin Phoenix, The Master
BEST ACTRESS
Naomi Watts, The Impossible
Jessica Chastain, Zero Dark Thirty
Jennifer Lawrence, Silver Linings Playbook
Emmanuelle Riva, Amour
Quvenzhané Wallis, Beasts of the Southern Wild
BEST SUPPORTING ACTOR
Christoph Waltz, Django Unchained
Philip Seymour Hoffman, The Master
Robert De Niro, Silver Linings Playbook
Alan Arkin, Argo
Tommy Lee Jones, Lincoln
BEST SUPPORTING ACTRESS
Sally Field, Lincoln
Anne Hathaway, Les Miserables
Jacki Weaver, Silver Linings Playbook
Helen Hunt, The Sessions
Amy Adams, The Master
ADAPTED SCREENPLAY
Argo
Beasts of the Southern Wild
Life of Pi
Lincoln
Silver Linings Playbook
ORIGINAL SCREENPLAY
Amour
Django Unchained
Flight
Moonrise Kingdom
Zero Dark Thirty
ANIMATED FEATURE
Brave
Frankenweenie
ParaNorman
The Pirates! Band of Misfits
Wreck-It Ralph
FOREIGN LANGUAGE FILM
Amour
Kon-Tiki
No
A Royal Affair
War Witch
DOCUMENTARY FEATURE
5 Broken Cameras
The Gatekeepers
The Invisible War
How To Survive A Plague
Searching for Sugar Man
CINEMATOGRAPHY
Anna Karenina
Django Unchained
Life of Pi
Lincoln
Skyfall
COSTUME DESIGN
Anna Karenina
Les Miserables
Lincoln
Mirror Mirror
Snow White and the Huntsman
FILM EDITING
Argo
Life of Pi
Lincoln
Silver Linings Playbook
Zero Dark Thirty
MAKEUP AND HAIRSTYLING
Hitchcock
The Hobbit: An Unexpected Journey
Les Miserables
PRODUCTION DESIGN
Anna Karenina
The Hobbit: An Unexpected Journey
Les Miserables
Life of Pi
Lincoln
ORIGINAL SCORE
Anna Karenina
Argo
Life of Pi
Lincoln
Skyfall
ORIGINAL SONG
"Before My Time," Chasing Ice
"Everybody Needs A Best Friend," Ted
"Pi's Lullaby," Life of Pi
"Skyfall," Skyfall
"Suddenly," Les Miserables
SOUND EDITING
Argo
Django Unchained
Life of Pi
Skyfall(Tie)
Zero Dark Thirty(Tie)
SOUND MIXING
Argo
Les Miserables
Life of Pi
Lincoln
Skyfall
VISUAL EFFECTS
The Hobbit: An Unexpected Journey
Life of Pi
The Avengers
Prometheus
Snow White and the Huntsman
ANIMATED SHORT
Adam and Dog
Fresh Guacamole
Head Over Heels
Maggie Simpson in "The Longest Daycare"
Paperman
LIVE ACTION SHORT
Asad
Buzkashi Boys
Curfew
Death of a Shadow
Henry
DOCUMENTARY SHORT
Inocente
Kings Point
Open Heart
Redemption
Mondays at Racine
කවුද මෙයා අමරදේව කියන්නේ - Who is Amaradewa?
Thursday, February 21, 2013
No comments
පොත - සුමන මතක
කර්තෘ - සුමන ආලෝක බණ්ඩාර
දවසක් සුගත් (සුගතපාල ද සිල්වා) හම්බවෙන්ඩ ගුවන්විදුලියට ගිහිල්ලා ඉන්න කොට මාස්ටර් (පේ‍්‍රමසිරි කේමදාස) ආවා. කටපුරා හිනාවක් දාලා විමසීම් කවුන්ටරේට ගියා. ඒකේ ලස්සන කෙළි පොඩිත්තියක් හිනා කටක් වපුරාගෙන ඉන්නවා. ඊට එහායින් මට මතක හැටියට හිටියේ ඇග්නස් සිරිසේන. සමහරවිට වෙන කෙනෙක් වෙන්ඩත් පුළුවන්. මාස්ටර් කෙළි පොඩිත්තියට මොනවාදෝ හෙමින් කීවා. කෙළි පොඩිත්තියත් “හිහික්” කියල සද්ද ඇති හිනාවක් දාල ළඟ හිටපු කෙනාගෙන් අහනවා “කවුද මෙයා අමරදේව කියන්නේ?” කියල. මාස්ටර් අහල තියෙන්නේ අමරදේව මහත්තය හම්බවෙන්ඩ පුළුවන්ද කියල. අර වචන ඇහුණ විතරයි මාස්ටර් වෙව්ලන්ඩ ගත්තා. කෙහෙ රැළි නළලට කඩා වැටිල. ..... වචනෙන් පටන් අරගෙන කුණුහරුප ඉවරයි. එතන ඉඳල තියෙන්නේ අර ‘ලන්සි පැපොල්’ ඇමැතිතුමාගෙ නෑදෑවෙන කෙළිත්තියක්. පස්සේ එතන හිටපු අනිත් නිලධාරිනියයි තවත් කීප දෙනෙකුයි එකතු වෙලා තමයි මාස්ටර් යාන්තමට අස්වසා ගත්තේ.