ලාංකේය ක්‍රිකට් ලෝලියා ලොවෙන් සමුගනී - Tony Greigs departing
Monday, December 31, 2012
No comments
ඔහු ටෝනි ග්‍රෙග්. ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේම ගෞරවයට ආදරයට පාත්‍ර වූ මේ සොඳුරු මිනිසා දකුණු අප්‍රිකාවේ 1946 ඔච්ටෝබෙර් 6 වනදා ක්වීන්ස් ටවුන් හි උපතලැබූවේය. ඔහු1975 -1977 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේය. එහෙත් ලොවේ වටා ඔහු ජනප්‍රිය, ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසයි. ටෝනි අපට වැදගත් වන්නේ 1996 ලෝක කුසලාන ටරන්ගවලියෙන් පසු ලංකාව පසුපස ඇවිත් සැම තරගයකදීම සිය අප්‍රමාණ සෙනෙහස පෑවේය.
ලංකාව සිය මව්බිම සේ අප්‍රමාණ සෙනෙහසකින් අප වෙත පෑ හිතවත්කම අමතක නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ලොවට හඬ ගා කියන්නට සිය විස්තර විචාරය මෙහෙයවූ ඔහු 1996 සිට 2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරගය දක්වාම අපේරට වෙනුවෙන් සිය මෝටර් රථය තමන්ම පදවාගෙන සුරිය වැව සහ පලේකැලේ ක්‍රීඩාංගන දක්වා වෙහෙස නොබලා ගමනේ යෙදුනේසැබෑ ලාංකිකයෙකු සේය.විචාරකයනට කීමට අපහසු සිංහලනම් ලොවවටා ප්‍රචලිත කිරීමට සුද්දන්ගේ කනට හුරුකරවීමට ඔහු දැරු උත්සාහය අනර්ඝය.පසුගිය 29 වනදා සිය පදිංචි රට වන ඕස්ට්‍රේලියාවේ දී සදහටම දෙනෙත් පියා ගත්තේය. ඔහුට අපේ ආචාරය
Anthony William "Tony" Greig (6 October 1946 – 29 December 2012) was an England Test cricket captain turned commentator. Born in South Africa, Greig qualified to play for the English national team by virtue of his Scottish parentage. He was a tall (6 feet 6 inches or 1.98 metres)batting all-rounder who bowled both medium pace and off spin. Greig was captain of England from 1975 to 1977, and also captained Sussex.His younger brother, Ian Greig, also played Test cricket, while several other members of his extended family played at first-class level.[3]
A leading player in English county cricket, Greig is thought by some former players and pundits to have been one of England's leading international all-rounders He was also, however, a sometimes controversial figure. He helped Kerry Packer start World Series Cricket by signing up many of his English colleagues as well as West Indian and Pakistani cricketers, a move which cost him the England captaincy. He is also noted for a controversial run-out of Alvin Kallicharran in a Test Match against the West Indies in 1974, and often clashed with Australian fast bowlerDennis Lillee on the 1974–75 Ashes Tour in Australia.[2] His infamous "grovel" statement in the lead-up to the 1976 tour of England by the West Indies was met with severe criticism.
Greig became a commentator following the end of his playing career, later emigrating to Australia. A long-term sufferer of epilepsy, he was diagnosed with lung cancer in October 2012.[7] Greig died in Sydney, New South Wales, on 29 December 2012 after suffering a cardiac arrest caused by a suspected heart attack.\
from
ලෝක විනාශයෙන් වැනසුන බුගරාච් ගම - End of the world - End of Bugarach
Sunday, December 30, 2012
No comments
ලෝක විනාස කතාව දැන් අවසන්වී ඇත. ලෝකය විනාශ වූයේ නැත එහෙත් විනාශ වූ එක දෙයක් තිබේ. ඒ ප්‍රංශයේ පිහිටි සුන්දරගමකි. ඒ බුගරාච් bugarach. ලෝක විනාසයෙන් බේරීමට හැකියයි කියන සුන්දර කඳුගැටය පිහිටි ගමයි. එම ගමේ ජනගහනය ඉතා අඩු උවත් ලෝකවිනාශ කතාවෙන් ඒ ගම ජනයාගෙන් පිරි ඉතිරි ගියේය. ගම අවට ආපන ශාලා ආදිය ද ඇතිවිය. ගමේ තිබුන නිස්කලංක බව නැති විය. දැන් ඔවුන්ට විනාසය උදා වීඇත.
ජබ් තක් හේ ජාන් - යාෂ් චොප්රා ගේ අවසන් නිමයුම පාකිස්ථානයේ තහනම් .Jab Tak Hai jann Band..
Friday, December 28, 2012
No comments
ජබ් තක් හේ ජාන් - Jab Tak Hai Jann
යාෂ් චොප්රා ගේ අතිශය ප්‍රේමාන්විත සිනමා පටයක් බව විචාරකයන්ගේ මතයි. දැනට විශාල ආදායමක් ලැබූ මෙම චිත්‍රපටය ජනප්‍රිය නළු නිලි යුවලක් වන ශාරුක් ඛාන් සහ කත්රිනා කයිෆ් ගේ දායකත්වයෙන් සහ සම්මානනීය සංගීත වේදියෙකු වන ඒ ආර් රහුමාන් ගේ මියුරු සංගීතයෙන් ඔප් නැංවී රිදිතිරයට පිවිස ඇත.මෙහි රඟන අනෙත් නිලිය අනුෂ්කා ශර්මාය 2008 දී ඇය බොලිවුඩ් සිනමාවට පැමිණියාය.චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දින 11 කින් ඉන්දියානු රුපියල් කෝටි 100 කඩ ඉම පසු කිරීම ඉන්දියාවේ වාර්තාවක් බවද ඉන්දීය පුවත්පත් වාර්තා කරයි හේතුව යාෂ් චොප්රාගේ නිකමයාම බවත් සමහර විචාරකයෝ පෙන්වාදෙති.
තුන් කොන් ප්‍රේම වෘත්තාන්තයක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය කත්රිනා සහ ශාරුක් එකට රගපාන පළමු චිත්‍රපටයද වේ.හමුදාවේ මේජර් වරයකු ලෙසත් සංගීතඥයෙකු ලෙසත් ශාරුක් චරිත නිරුපනය කරයි.මෙහි තිර පිටපත සහ නිශ්පාදනය ආධිත්‍යා චොප්රා වන අතර ගීත රචනා ගුල්ෂර් ගෙනි.
මෙම චිත්‍රපටය පකිස්ථානයේ තහනම් කර ඇත. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙහි කතා නායකයා කාශ්මීර යුද්ධදයකට පැටලීම යයි ප්‍රේක්ෂකයෝ කියත්. පාකිස්ථානයේ රුපවාහිනී නාලිකා වල මෙහි ප්රචාරක පටය පවා තහනම් කොට ඇත ..
මෙහි ඇත්තේ sann නම් ගීතය ඔබට ගෙන එන්නට නිෂ්පාදක කණ්ඩායම දැක්වූ වෙහෙසයි එහි අධ්යක්ෂ යාෂ් චෝප්රාද මෙහිවෙයි
Promised Land චිත්‍රපටය
Wednesday, December 26, 2012
No comments
මේ වසරේ ලොව වටා ප්‍රදර්ශනය වන අන්තිම චිත්‍රපට අතරේ ඇති ඔස්කාර් සම්මාන උළෙල සඳහා ප්‍රදර්ශණයට නිර්මිත මෙම චිත්‍රපටය රඟහල පිටුවෙන් බලන්න. රඟහල
නත්තල් කැරොල් ගයමින් යට ඇඳුම් විකිණීම -
Sunday, December 23, 2012
No comments
කිතුනුවන්ගේ වැදගත්ම ආගමික මෙන්ම සමාජයීය උළෙල වන නත්තලට සැමරීම ලොව වටා ජනතාව දසත බලාසිටී. මෙය ජෙසුබිලිඳුන්ගේ උපන්දිනය සැමරීම පමණක්ම නොව නව ආගමක දර්ශනයක බිහිවීම ක්‍රිස්තියානි ආගමේ ප්‍රකාර මිනිසාට විමුක්තිය ලැබීම ආදී ලෝවැසියන් මහා ඉහලින් සමරති නත්තලේ සැබෑ අරුත ගැන ලොවට කියති. සාමයේ ගායනා ඉදිරිපත් කරමින් ලොවට සාමය ලබා දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිහි පත් කරති.ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!!! ......ඒ සමඟම සංවේදී පුවතක් කියන්නට සිදු වී තිබීම කනගාටුදායකය. 1977 ඇරඹු වික්ටෝරිය සීක්රට් ආයතනය මෙවර නත්තලට අපුරු තෑග්ගක් දී තිබේ ඒ අලංකාර කැරොල් ගායනයකි. ඔවුන්ගේ නිරුපිකාවන් සිව් දෙනෙකු එක්ව අඩ නිරුවතින් ඉදිරිපත් කරන මෙම කැරොල් ගායනය වරද්ද වරදදා ගයමින් මේ විකුනන්නේ නත්තල ද?(එ ම සමාගමේ වෙබ් අඩවිය ) කුමන ආගමක වුවද ඉගැන්වීම මිනිසාගේ යහපතයි. මෙම ආයතනය විකුනන්නේ කනතා යට ඇදුම් ය. මේ වෙළද දැන් වීම දෙස බලා සැබැව ඔබම තීරණය කරන්න.
මෙතනින් එය නරඹන්න
මෙතනින් එය නරඹන්න
මායා වරුන්ගේ නියම අනාවැකි...Real Talks about Maya Civilization
Friday, December 21, 2012
No comments
ෆැරැන්සිස්කෝ පිසාරෝ
මායා ශිෂ්ටාචාරයේ ජීවත් වුයේ ඉන්කා වරු බව නොරහසකි. අද විශාල ප්‍රචාරයක් ලැබී ඇති ලෝක විනාසයට පෙර ඉන්කාවන්ගේ විනාශය පිලිබඳව ඔවුනට කියා ගැනීමට බැරි වුයේ ඇයිද යන්නට, ඉතිහාසයේ කිසිදු සාක්ෂියක් නොමැත 1471 උපන් ෆැරැන්සිස්කෝ පිසාරෝ සිය ස්පාඤ්ඤ හමුදාවද සමඟ මායා දේශයට1532 දී පමණ පිවිසියේය. ඔවුන්ගේ ප්‍රධාන ඉතිරිකිරීම වූ රත්තරන් සියල්ල රැගෙන ඉන්කා ශිෂ්ටාචාරය සම්මුල ඝාතනය කොට විනාශ කළේය. සියල්ල ගිනිබත් කළේය. රත්තරන් තොග පිටින් රැගෙන ගියේය.
ඉසබෙලා රැජිනගේ කාලයේ ස්පාඤ්ඤයේ සිදුවූ මේ පිබිදීමට හේතුව මායා දේශයේ රත්තරන් බව මූලාශ්‍ර සටහන් වල ඇත. ස්පාඤ්ඤයේ අදටත් විශාල පල්ලි ආදිය නිම කර තිබෙන්නේ මෙම රත්තරන් වලින් ලබා ගත් මුදල්වලින් බව ඉතිහාසයේ සටහන් ව තිබේ.ලෝක විනාශය ගැන අනාවැකි කී මායා වරුන්ට මේ අකර තැබ්බ ගැන පියවරක් ගැනීමට නොහැකි වුයේ ඇයි?තමන්ගේ විනාශය වලක්වාගැනීමට බැරි වූ ඒ ගැන අනාවැකියක් වත් කීයා ගැනීමට බැරි වූ මායා ශිෂ්ටාචාරයේ ඉන්කාවරු ලෝක විනාශය ගැන කියන්නේ කවර කතාද?
මායා ශිෂ්ටාචාරයේ ජීවත් වුයේ ඉන්කා වරු බව නොරහසකි. අද විශාල ප්‍රචාරයක් ලැබී ඇති ලෝක විනාසයට පෙර ඉන්කාවන්ගේ විනාශය පිලිබඳව ඔවුනට කියා ගැනීමට බැරි වුයේ ඇයිද යන්නට, ඉතිහාසයේ කිසිදු සාක්ෂියක් නොමැත 1471 උපන් ෆැරැන්සිස්කෝ පිසාරෝ සිය ස්පාඤ්ඤ හමුදාවද සමඟ මායා දේශයට1532 දී පමණ පිවිසියේය. ඔවුන්ගේ ප්‍රධාන ඉතිරිකිරීම වූ රත්තරන් සියල්ල රැගෙන ඉන්කා ශිෂ්ටාචාරය සම්මුල ඝාතනය කොට විනාශ කළේය. සියල්ල ගිනිබත් කළේය. රත්තරන් තොග පිටින් රැගෙන ගියේය.
ඉසබෙලා රැජින
ඉසබෙලා රැජිනගේ කාලයේ ස්පාඤ්ඤයේ සිදුවූ මේ පිබිදීමට හේතුව මායා දේශයේ රත්තරන් බව මූලාශ්‍ර සටහන් වල ඇත. ස්පාඤ්ඤයේ අදටත් විශාල පල්ලි ආදිය නිම කර තිබෙන්නේ මෙම රත්තරන් වලින් ලබා ගත් මුදල්වලින් බව ඉතිහාසයේ සටහන් ව තිබේ.ලෝක විනාශය ගැන අනාවැකි කී මායා වරුන්ට මේ අකර තැබ්බ ගැන පියවරක් ගැනීමට නොහැකි වුයේ ඇයි?තමන්ගේ විනාශය වලක්වාගැනීමට බැරි වූ ඒ ගැන අනාවැකියක් වත් කීයා ගැනීමට බැරි වූ මායා ශිෂ්ටාචාරයේ ඉන්කාවරු ලෝක විනාශය ගැන කියන්නේ කවර කතාද?
ෆැරැන්සිස්කෝ පිසාරෝ මායා දේශයේ රජුන් හමුවී
ලෝක විනාසය නිර්මාණය උන හැටි end of the word as a thought
Friday, December 21, 2012
No comments
7 වන ශතවර්ෂයේ ඉතාම දියුණු නගරයක් ලෙස පලන්කේ නගරය හඳුන්වන්න පුළුවන් පහත් බිම් ප්‍රදේශයක පිහිටි මේ නගරයේ පාලනය සිදු කලේ අභිරහස් රජෙක් ලෙස මායාවරුන්ගේ ඉතිහාසය සක්ෂිදරනවා ඔහු අඩි 8ක් උස යෝධයෙක්. ඔහු පැකාල් රජු ...මහා පැකල් රජු...
ඔහු මිය ගිහින් තියෙන්නේ මේ පැලන්කේ වලදී ඔහුව මිහිදන් කරලා තියෙන්නේ මේ බිමේදීමයි ඔහුගේ සොහොන් ගැබ වට කරලා මහා පිරමීඩයක් නිර්මාණය කරලා තියනවා.
පැලන්කේ
මායා වරු ඔහු කිසියම් දෙවි කෙනෙක් හැටියට සලකල වැදුම් පිදුම් කළා.ඔහුගේ සොහොන් ගැබේ ඇති චිත්‍ර වලින් පෙන්වන්නේ ඔහු පොලොව යට ඇති මළවුන්ගේ ලෝකයට යන බවයි ..එහෙත් තවත් අය ගේ මතය වන්නේ ඔහු මායා රජෙක් බැවින් කිසියම් යානයක නැගී පිටසක්වලට පිටත් වී යන බවයි. චිත්‍රයට අනුව රජු යානාවේ ලිවර එහා මෙහා කරමින් එක අතකින් එය පදවන ගමන් අනෙක් අතින් යතුරු පුවරුව ක්‍රියා කරනවා. ඔහුගේ පාද යම් පැඩලයකට සම්බනදව තිබෙනවා
ඔවුන්ට අනුව මායා ශිෂ්ටචාරය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පුර්ව 3372 දී එය පැකල් රජුගේ සොහොනේ තිබු සාක්ෂි අනුව 2012 12 21 අවසන් බව ලිය තබා තිබෙනවා.එසේම පැකාල් රජු ගණිතයේ සහ අනාවැකි කීමේ අති දක්ෂයෙක් .. ඔවුන්ගේ අනෙක් මතය නම් 12 21 වනදා තම ශිෂ්ටාචාරය අලුතෙන් පටන් ගන්නා බවයි
පැකාල් රජුගේ සොහොන
කෙසේ උවද 12 21 වනදා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රාශි 12 එක්වෙන බවත් සොයාගෙන තිබෙනවා ...චීනය ද අයිවෙන් නම්දාර්ශනිකයාගේ මතය අනුවත් ගණිත ක්‍රම වලට අනුව 2012 12 21 ග්‍රහචාරය කුම්භ රාශියෙන් අවසන් වී මීන රාශියෙන් නව යුගයක් ඇරඹෙන බව කියා තිබෙනවා ..මේ සියලු කතා අතරේ සිදුවන නිහඬ සිදුවීමක්ද තිබෙනවා ඒ මායාවරු අතිශය ලෙස ජනප්‍රිය වීමි සහ ජනප්‍රිය කරවීම.
කෙසේ වෙතත් මායා වරුන්ට අනුව අද ලෝකය විනාශය සිදුවන දවසයි..ඒවැනි සිදුවීමක් අභ්‍යාවකාශයෙන් හෝ වෙනත් ස්වාභවික උපද්‍රවයකින් හෝ වාර්තා වී හෝ සිදුවෙන බව සාධකහෝ නැති බව නාසා ආයතනය පවසයි. කෙසේවුවද මේ මිත්‍යාවට හසුවී තම වෙළදාම නම් සරුකරගත් පිරිසක් අද සිටි.
කෙසේ වෙතත් මායා වරුන්ට අනුව අද ලෝකය විනාශය සිදුවන දවසයි..ඒවැනි සිදුවීමක් අභ්‍යාවකාශයෙන් හෝ වෙනත් ස්වාභවික උපද්‍රවයකින් හෝ වාර්තා වී හෝ සිදුවෙන බව සාධකහෝ නැති බව නාසා ආයතනය පවසයි. කෙසේවුවද මේ මිත්‍යාවට හසුවී තම වෙළදාම නම් සරුකරගත් පිරිසක් අද සිටි.
හිපොක්‍රටීස් දියුරුම - hippocratic oath
Wednesday, December 19, 2012
No comments
ඒ ශල්‍ය කර්මය කරල තියෙන්නේ ඒ ගැන දන්නා වෛද්‍යවරයෙක් නෙවේලු.ඒ වෛද්‍යවරයට මුදල් දෙන්න තියන ලෝබකමට ඒ ශල්‍යකර්මය කරලා තියෙන්නේ උදරය ගැන දන්නා වෛද්‍යවරු නෙවේ කියල පුද්ගලික රෝහලෙන් ආරංචියි.ඊට වඩා පුදුම සිදුවීම රු.847,000 බිලක් ගෙවන්නත් වෙලා තියනවා..මේ සැත්කමට භාජනය උන ලෙඩා මේ දක්වා රජයේ රෝහලේ ප්‍රතිකාර ලබල ගිය සතියේ මිය ගියා...ගුණතිලක මහත්මයාගේ වයස අවුරුදු 13 දුව , රෝහලේ බිල ගෙවනකම් ප්‍රාණ ඇපයට තියාගෙන තියනවා
දිවා ගුහාව - Diva Caves
Wednesday, December 19, 2012
No comments
ජාතික ගුවන් විදුලියට වසර 87යි..S L B C 87th Anniversary
Tuesday, December 18, 2012
No comments
රේඩියෝ සිලෝන් නමින් ඇරඹි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලංකාවේ මෙන්ම දකුණු අසියාවේද ගුවන් විදුලි මහ ගෙදරයි. 1925 දෙසැම්බර් 16 දී ඇරඹුන ගුවන් විදුලි සේවය මුලින්ම භාවිත කලේ රජයේ පණිවිඩ දැනුම් දීමටයි.
පර්යේෂණ මට්ටමෙන් පටන් ගත් මෙය Colombo Radio යන නමින්ද Radio SEAC යන නමින්ද අසන්නා අඳුන ගත්තා. එඩ්වර්ඩ් හාර්පර් නමැත්තා මුල් වී පටන් ගත් මෙම ගුවන් විදුලි විකාශයේ මුල්ම හඬ දුන් සිංහලයා වුයේ ඩබ්ලිව් ඒ ධර්මපාල මහතා ය මුල්ම සිංහල නිවේදකයා ලෙස පත් වුයේ ඩී එම් කොලඹගේ මහතා ය
පර්යේෂණ මට්ටමෙන් පටන් ගත් මෙය Colombo Radio යන නමින්ද Radio SEAC යන නමින්ද අසන්නා අඳුන ගත්තා. එඩ්වර්ඩ් හාර්පර් නමැත්තා මුල් වී පටන් ගත් මෙම ගුවන් විදුලි විකාශයේ මුල්ම හඬ දුන් සිංහලයා වුයේ ඩබ්ලිව් ඒ ධර්මපාල මහතා ය මුල්ම සිංහල නිවේදකයා ලෙස පත් වුයේ ඩී එම් කොලඹගේ මහතා ය
ඩී එම් කොලඹගේ මහතා
එදා මේදා තුර විවධ වැඩසටහන් ඉදිරිපත් කරමින් ලංකාවට ගුවන් විදුලිය ගුවන් විදුලි කලාව සහ ගීත කලාවේ තිඹිරිගෙය වූ ගුවන් විදුලිය අද සැටලයිට් තාක්ෂණය ට පිවිස තිබේ.ජාතියේ නාලිය වන ජාතික ගුවන් විදුලිය අද අභිමන් රාත්‍රිය නමින් සේවයට කැපව කටයුතු කල පැරණි ශිල්පීන්ට සහ නිලදරුවන්ට සම්මාන රාත්‍රියක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ ....අපේ ගුවන් විදුලි කලාවේ තිඹිරිගෙය වන ජාතික ගුවන් විදුලියට සුබ පතමු ..මායා වරුන්ගේ යාගහෝම - maya civilization
Friday, December 14, 2012
No comments
මායාවරු පිලිබදව වැඩි පුරම කථා බහට ලක් වුයේ 2012 වසරේ ලෝක විනාශය ගැන ඔවුන් පලකල අනාවැකි නිසාය.මායා වරු පිලිබදව විස්තරාත්මකව ලොවට දායද කලේ ඇමරිකානු ජාතික එඩ්වර්ඩ් හර්බට් තොම්සන්ය. ඔහු පුරා විද්‍යාඥයෙක් සේම ගවේශකයෙක් ද වෙයි. මධ්‍යම ඇමරිකාවේ යුකැටන් හොන්ද්යුරස් කෝපන් යන ප්‍රදේශ වලත් ගුවාටමාලාවේ ටිකල් සහ ඉක්ස්කන් ප්‍රදේශ අතර මායා වරුන්ගේ ශිෂ්ටාචාරය ව්‍යාප්තව තිබිණි. එඩ්වර්ඩ් හර්බට් මායාවරුන්ගේ මෙම ශිෂ්ටචාරය සතු වූ භෞතික,ආර්ථික ,සමාජයීය සහ ආධ්‍යාත්මික වශයෙන් වෙන් වෙන්ව තොරතුරු රැස් කරන ලදී. ඒ තොරතුරු අතර විශේෂිතම තොරතුර වුයේ සිය විමුක්තිය උදෙසා කරනු ලැබූ අමුතුම තාලයේ බිලි පුජාවක් ගැනය. තම වර්ගයාගේ පැවැත්ම සහ විමුක්තිය උදෙසා නොකැළැල් රූමත් නව යොවුන් තරුණියන් දහස් ගණනින් බිලි දීම පිලිබඳව ඉස්මතු විනි.ඔවුන් විශ්වාස කලේ එම පිරිසිදු තරුණිය දෙවියෝ ලබාගෙන ඔවුන්ට ආශීර්වාද දීර්ඝායු ලබා දෙන බව යි.මෙම බිලි පුජාව කල දෙවොල ද දිවා රැ නිදිවරා සොයා ගැනීමට එඩ්වර්ඩ් හර්බට් සමත් විය.
ඔහුට කාන්තා අභරණ සුවඳ විලවුන් විශාල ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි විය මෙම බිලි පුජාව කල විල ද, ඔහු සොයා ගත්තේය. මෙසේ වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක දිවි ගෙවූ වන්ගෙන් අද ද 1500 පමණ ජන කොටසක් ශේෂව තිබීමත් පුදුමයකි. කවරකු හෝ ගෝතමාලවට යයි නම් අද ද මේ ඇටකටු සහිත විලට ගොස් මේ සියල්ල හි ඇත්ත සියසින්ම බල ගැනීමට හැකිය
ඔහුට කාන්තා අභරණ සුවඳ විලවුන් විශාල ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි විය මෙම බිලි පුජාව කල විල ද, ඔහු සොයා ගත්තේය. මෙසේ වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක දිවි ගෙවූ වන්ගෙන් අද ද 1500 පමණ ජන කොටසක් ශේෂව තිබීමත් පුදුමයකි. කවරකු හෝ ගෝතමාලවට යයි නම් අද ද මේ ඇටකටු සහිත විලට ගොස් මේ සියල්ල හි ඇත්ත සියසින්ම බල ගැනීමට හැකිය
ඇටකටු සහිත විල
දෙවොල
රවිශන්කර් නික්මයි ..
Thursday, December 13, 2012
No comments
ලෝ ප්‍රකට සිතාර් වාදකයකු වන පණ්ඩිත් රවිශන්කර්ගේ නික්මයාම 2012 දී සටහන් වෙනවා.එතුමා 1920 අප්‍රේල් 20 වනදා උතුරු ඉන්දියාවේ බරණැස බෙංගාලි බ්‍රාහ්මණ පවුලක ඉපදුනේය. භාරතීය සම්භාව්‍ය සංගීතය ලොවට ප්‍රචලිත කිරීමට අනගි මෙහෙයක් කල ඔහුව වරෙක ඉන්දියානු අගමැතිවරයා "රවිශංකර් ජාතික සම්පතක්" බව ප්‍රකාශ කලා.
සිය තරුණවිය
එතුමාගේ එකතුන් අතර chants of india,flowers of india,three Ragas,The sounds Of India ආදිය ජනප්‍රිය ඒවා වේ.එතුමා 3 වරක් ග්රැමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ඊට අමතරව ඉන්දියානු සහ ජාත්‍යන්තර සම්මාන රාශියකින් ද පිදුම් ලැබුවේය. අවසන් වරට ඔහු ප්‍රසංගයක් පැවැත්වුයේ 2012 නොවම්බෙර් 4 වන දිනය.පසුගිය දෙසැම්බර් 6 වනදා ඇමරිකාවේ සෙන් දියාගෝ හි රෝහලකට ඔහුව ඇතුලත් කරන ලදී. වසර 92 ක් ආයු වැළදු එතුමා පසුගිය 11 වනදා සදහටම දෙනෙත් පිය ගත්තේය
සිය ගුරුතුමාගේ නික්ම යාම දරාගන්නා සිසුවෙක්
12-12-12-12-12 ට මොකද උනේ? - What Happened in 2012 12 12 - 12.12 ???
Wednesday, December 12, 2012
No comments
ජාතික කොඩියට සිංහයෙක් වෙනුවට පැන්ඩෙකු යොදාගෙන
Wednesday, December 12, 2012
No comments
රටක ජාතික කොඩිය එම රටේ සංකේතයකි.කවර රටක වුවද ජාතික කොඩියකට අයිති වර්ණ තිබේ එසේම එම කොඩියේ ලාංඡන ආදියෙන් සංකේතමත් වන්නේ එම රටේ සහ එම ජාතියේ අනන්‍ය තාවයි.සමහරු ජාතික කොඩිය වස්ත්‍ර වෙනුවට පාවිච්චි කරනුයේ ජාතියේ අගය හෝ තම රට ගැන අභිමානයක් නැති නිසාද?එසේත් නැත්නම් තම පහත් බව ලොවට පෙන්වීමටද යන්න ගැටළුවකි.ලංකාවේ ජාතික කොඩියේ සංකේතය සිංහයෙකි. එය අපේ ජාතියේ අනන්‍යතාවයි.සිංහල ජාතියේ බිහිවීම ගැන ලොව විවිධ පුරාවෘර්ත තිබේ.කෙසේ වුවද ජාතික කොඩියේ සිංහයා යනු අපේ ජාතියේ අභිමානවත් බවේ සංකේතයකි.කඩුවක් රැගෙන සිටීමෙන් පැවසෙන්නේ එඩිතර බවකි.මේ සිංහයා වෙනුවට කඩුවක් ගත් පැන්ඩෙකු යෙදුවහොත් ?????
අපේ සිංහ කොඩිය නැත්නම් ජාතික කොඩියට සිංහයෙක් වෙනුවට පැන්ඩෙකු යොදාගෙන ජාතික කොඩියට අවමානය ගෙනදුන ජපන් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. 22 හැවිරිදි සින්සිරෝ කවසිමා නම් වූ ජපන් ජාතිකයා සිංහයා වෙනුවට පැන්ඩෙකු ආදේශ කරන ලද තැපැල් පත් 167 සමග අත් අඩංගුවට පත් මොහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 20 වැන්දා දක්වා බනධනාගර ගත කරන ලෙස උපදෙස් දුන්නා.රටක ජාතික කොඩියක වැදගත්කම ගැන මොන රටක කෙනෙක් උනත් සිතීම මානුෂිකත්වයට කරන ගරු කිරීමක්...මේ තැපැල් පත් තැපෑලෙන් සංසරණය උනානම් සිංහයාට කුමක් සිදුවේද?දැනටමත් එසේ වීද?අපි අපේ ජාතියට ගරු කරමු.අපේ ජාතිය අපේ මව හා සමානයි.අන් රටවල අයටත් එය එසේමය.
එස් එම් එස් කෙලින්ම ඇසට SMS direct to EYE
Tuesday, December 11, 2012
1 comment
sms එහෙම නැත්නම් කෙටි පණිවිඩ කියනදේ අද නොදන්නා කෙනෙක් නැති තරම්. ජංගම දුරකථනය ලොවට දායද කල මාර්ටින් කුපර්වත් මේ කෙටි පණිවිඩ සේවාව මෙතරම් ජනප්‍රිය වෙයි කියල හිතුවද කියල වෙලාවකට හිතෙනවා.දවසකට ලෝකය පුර යවන කෙටි පණිවිඩ ප්‍රමාණය කෝටි ගණනක්. අද මේ කෙටි පණිවිඩ සේවාව ප්‍රබලම ව්‍යාපාරික සන්නිවේදන ක්‍රමයක් වෙලා තියනවා.මේ සටහන කෙටි පණිවිඩ සේවාවේ දියුණුව ගැනයි. ඔබේ කෙටි පණිවිඩය කෙලින්ම ඇසට එවුවොත් කොහොමද???.
බෙල්ජියමේ ගෙහෙන්ට් සරසවිය
බෙල්ජියමේ ගෙහෙන්ට් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් මේ සොයා ගැනීම කරලා තියනවා.ඒ ජංගම දුරකතනයට රැහැන් රහිත තාක්ෂනය මගින් සම්බන්ද වීමෙන් පණිවිඩ කෙලින්ම ඇසට ලබා ගන්නට. මේ කාර්ය ඉටු කරන්නේ කාචයක් මගින්.මේ කාචය අපේ ඇස මත කෙටි පණිවිඩය ප්රක්ෂේපනය කරනවා හරියට චිත්‍රපටයක් පෙන්නවා වගේ. මෙය තවම පර්යේෂණ මට්ටමේ තිබුනත් මුලික පියවර සියල්ලම සාර්ථක වෙලා තියනවා. අනාගතේදී මෙය රුප ප්රක්ෂේපනය කිරීම දක්වා දියුණු කිරීමට පියවර ගන්න බවත් පර්යේෂක කණ්ඩායම පවසනවා