January 2013 ~ Sakuna Radio සකුණ රේඩියෝව

ලෝකයේ හොඳම වෛද්‍ය සේවාව ඇති රට ලංකාව බවට පත්වේද?best medical service country in the world?

රටේ ජනතාවට තදින්ම බලපාන අයුරින් වගකීමෙන් තොර වෛද්‍ය සේවය රටපුරාම ව්‍යාප්තවී තිබේ. මේ සම්බනධව පියවර ගන්නේ කවුද ?ජනතවගෙන් බොහොමයකටම මේ සම්බනදව නිසි අවබෝධයක් හෝ දැනුමක් නැතිවීම සහ දැනුවත් කිරීමක් නැති වීම මෙම අශිලාචාර දොස්තර සේවයට ඉනිමන් තනා දී තිබේ. මෙවැනි දේ සම්බන්ධයෙන් රජයෙන් ශක්තිමත් වැඩ පිළිවෙලක වහා අවශ්‍යතාවය දැන් පැන නැගී තිබේ.දිනකට පැය 4ක් වත් නිදිනොලබා ලක්ෂ ගණනින් හම්බ කරන දොස්තරලා එසේ කිරීම් කම් නැතිද?තමන්ගේ නොසැලකිල්ල වෙනුවෙන් අසරණ රෝගීන් බිල්ලට ගියාට කම් නැත්ද?මේ සම්බන්ධව බලධාරින් කරන්නේ කුමක්ද?හිසරදයට බෙහෙත් ගැනීමට ගම්පහ රෝහලට ගිය පාසල් ශිෂ්‍යාවක් මියගියේ වෛද්‍යවරුන්ගේ සැලකීමෙන්ද? මහමෝදර රෝහලේ ගැබිනි මවක් මියගියේ වෛද්‍යවරුන්ගේ සැලකීම නිසාද?පොලොන්නරුව රෝහලේ සිසේරියන් සැත්කමෙන් පසුව මියගිය කාන්තාවගේ ගර්භාෂය මසා නැති බව කීවේ මල්සාලාවේ එම්බාම්කරුවන්ය.බලපිටිය රෝහලේ ගැබිනි මවක් මිය ගියේ සිය දරුවාද සමගය. අද බිලි උනේ මාතර උරුබෝක්කේ අචලා ප්‍රියදර්ශනි නමැති නීති පීඨ ශිෂ්‍යාවයි හෙට මේ අසාධාරණය වෙන්නේ ඔබටයි. එතකම් ඔබ උඩ බලාගෙන සිටිනුද?
 

ඊබට් විජේසිංහ Ebert Wijesingha Passes away

හෙළ සිනමාවේ අංගරචන ක්ෂේත්‍රයට අනගි මෙහෙයක් ඉටුකළ ඊබට් විජේසිංහ කලාකරුවා සදහටම ඊයේ දෙනෙත් පිය ගත්තේය ඔහු චිත්‍රපට 200 වඩා සිය අනගි සහය ලබා දුනේය.  ඔහු සුරබිදෙන බද්දේගම සහ පරිත්‍යාගය යන චිත්‍රපට සදහා ජනාධිපති සම්මාන ද හිමිකරගෙන ඇත.


 He worked in more than 20 number of films,projects including Akasa Kusum,Anantharathriya,Chaya,Bakmahadeegaya,Sarungale, and many more..in a career spanning several decade.1974 සැණකෙළියේ චිත්‍රපටයෙන් වේශ නිරුපන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු චිත්‍රපට 6ක පමණ රංගනයෙන්ද දායක වී ඇත. ඔහු ප්‍රවීණ ශිල්පීන් සේම නවක ශිල්පීන් සමගද සහයෝගයෙන් කටයුතු කිරීම කැපී පෙනෙන්නකි. මිය යන විට ඔහු 71 වන වියේ පසුවිය. 

රිසානා බේරාගැනීමට හැකිවීද?can we rescue Risana Nafeek?

සෞදි අරාබියේදී සිව්මස් හැවිරිදි බිලින්දියෙකු හිතා මතාම මරණයට පත් කළේය යන චෝදනාවෙන් ද්වාද්මි හි පිහිටි  බනධනාගාරයේදී හිස් ගැසුම් කෑ රිසානා නෆීක් නමැති ශ්‍රී ලාංකික දැරිය බේරා ගැනීමට ඉඩ තිබිණිද?මෙය අප විමසා බැලිය යුත්තක්.. සත්‍ය වශයෙන්ම ඇය උපන්නේ 1988 පෙබරවාරි 4 වනදා.  ඇය සේවයට පිටත් වන්නේ 2005 මැයි 4  වැනිදා.  ඒ වන විට ඇගේ වයස අවුරුදු  17යි. ඇය 1988 උපන්නද ඇයගේ ගමන් බලපත්‍රයේ සටහන් වෙන්නේ ඇය උපන්නේ 1982 බවයි. එය අපේ රටේ රැකියා නියෝජිතයෙකුගේ වංචනික ක්‍රියාවක්. ඇය ද්වාද්මි හි පිහිටි නායිෆ් ජිසියාන් ඛලාෆ් අල් ඔටාබි ගේ නිවසේ සේවයට යවනු ලබනවා.ගෘහ සේවයට පුහුණුවක් ලැබුනද මේතරම් කුඩා දරුවකු බලාගැනීමට ඇයට තේරුමක් නෑ.මන්ද ඇය පුහුණුව ලබා තිබුනේ ගෘහ සේවයට මිසක් ආයා කමට නොවන නිසා. ගෘහ සේවයට අමතරව  ආයා වැඩේ කිරීමට සිදුවීම අරාබි නීතියට අනුව නිවැරදිද ?මේ ගැන කතා කරන්නේ කව්රුන්ද?ඇය කුඩා බිළිඳාට කිරි පොවමින් සිටියදී කිරි ස්වසන මාර්ග ගතවීමෙන් බිලිඳා මිය යනවා ඒ 2005 මැයි 22 වනදා. රිසානාට මරණ දඬුවම හිමිවන බව කිසිවෙක් දැන සිටියේ නැති බව යි වාර්තාවෙන්නේ. ඉන් හැඟෙන්නේ රිසානා නිකන්ම නිදහස් වනබව හැමෝම හිතගෙන හිටියා යන්නද? මෙසේ මරණ දඬුවමට ලක් වූ එකම කෙනා රිසානා විතරක් නෙවේ.ඒ කියන්නේ අපිට අපේ රටේ උගතුන්ට බලධාරීන්ට අනුමාන කරන්න තිබුනා ඇයට මේ ඉරණම අත් වෙන බව..2005 සිට 2013 දක්වා කාලය වසර කීයක්ද? ඒ වෙනතෙක් අප කලේ කුමක්ද? නායිෆ් ජිසියාන් ඛලාෆ් අල් ඔටාබි හමු වී සාකච්චා කලාද ?බිලිඳාගේ අම්මා හමුවීද?රිසානාට සිදුවූ දේ කියන්නට හැකිවීද ?ඇයගේ භාෂව සම්බන්ද ගැටලුව විසදීද ?ඒ පිලිබනද අප කලේ කුමක්ද?මස 4 බිලිදෙකුට මව් කිරි හැර බෝතල් වලින් කිරිපෙවීම ෂරිය නීතිය අනුව වලංගුද?මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කවුද? රිසානා මියගොස අහවරය. ඊළඟට හිස ගැසුම් කන්නේ කවුද? ඔබේ අම්මා, සහෝදරි!එතකන් අපි උඩ බලාගෙන සිටිමු.

                                 රිසානා ගේ පියා යැවු ලිපිය 



වීඩියෝව සඳහා ස්තුතිය 
සහෘද නෙත්FM නාලිකාවට




Idea HONEY BUNNY

  click here Honey




වයලට් මාලනි හිස්ගැසුම් කෑවාද? is Vialot Malani shock over?

කහවනු හොයාගෙන අරාබියට ගිය වයලට් මාලනී ජීවත් උනේ මාතලේ රත්තොට කන්දේ නුවර A ජනපදයේය. එහෙත් සෞදි අරාබියේදී දැනට මාස දෙකකට පමණ පෙර ඇය අබිරහස් ලෙස මිය ගොස් ඇතිබව වාර්තාවේ.ඇය මිය ගිය බව මේ දක්වාම කිසිදු අයුරකින් අරාබි රජය හෝ කිසිදු බලධාරියෙකු හෝ ඇය සේවය කල නිවසේ කිසිවකුට හෝ ඇයගේ පවුලේ අයට හෝ දැනුම් දී නොමැත දැනට මාස දෙකකට පමණ පෙර ඇය අභිරහස් ලෙස මියගොස් තිබේ. ඇය මරාදැම්මාද?නැත්නම් මුස්ලිම් ෂරියා නිතිය අනුව හිස්ගැසුම් කෑවාද යන්න තවම හෙළිවී නැත.කහවනු සොයාගෙන යන අපේ කාන්තාවන්ට වෙන්නේ මොන ඉරණමක්ද???

බුදුන්ගේ බාර් එක - Buddha Bar

 ඊයේ බේරුවල ප්‍රදේශයේ අලුතෙන් පටන්ගත් මත්පැන් හලක් වෙනුවෙන්  සාදයක් පැවැත්වෙමින් තිබිණි.එම මත්පැන් හලේ නම බුද්ධා බාර්(Buddha Bar) ලෙස නම්කර තිබිණි. ලංකාවේ අතිමහත් බහුතරය ගරුකරන ලෝකයේ ශ්‍රේෂ්ට දාර්ශනිකයකු වන ගෞතම බුදුන් වහන්සේගේ නමින් මත්පැන් හලක් විවෘත කිරීමට අනුබල ලැබුනේ කාගේ උවමනාවටද?එසේකලේ ඇයි සිංහල බෞධයා දැන් තදම තද නින්දේද? මෙම මත්පැන් හල තුල බුදුදාහමට නිගරුවන කිසිත් සිදු නොවන බව හෝටලේ කළමනාකාරිත්වය තරයේ කියාසිටියත් මෙහිසිදුවන්නේ මත විකිණීම නොවේද?බලධාරින් නිදිවැදීම සන්තාපයට කරුණකි.

පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් ලෝකයේ මුල්වරට නිශ්චිත සාධක -


පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් ලෝකයේ මුල්වරට නිශ්චිත සාධක සොයා ගැනීමට ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය ඒකාබද්ධ විද්‍යාඥ කණ්ඩායමක් සමත් වෙති.
පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයෙන් ලැබුණු උල්කාපාත කැබැලිවල පාෂානීභූත ඇල්ගී විශේෂයක් පවතින බවට බකිංහැම් සරසවියේ තාරකා ජීව විද්‍යාව පිළිබද මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත.
පිටසක්වල ජීවයක පැවැත්ම සම්බන්ධ න්‍යාය තහවුරු කිරීමට නිශ්චිත සාධක ශ්‍රී ලංකාවෙන් හමුවූ බවට එමඟින් විද්‍යාඥයෝ සනාථ කර තිබෙන අතර විශ්වයේ ජීවයක් බිහිවීමට පාදක වී ඇත්තේ උල්කාපාත හා ග්‍රාහක කොටස් බවද එම පර්යේෂණයේදී තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව මෙම නවතම සොයා ගැනීම්වලට අනුව විශ්වයේ වෙනත් ග්‍රහලොවක පැවැති ජීවයක් පෘථිවියට පැමිණ ඇති බවට තහවුරු වී ඇත. පසුගිය දෙසැම්බර් 29 දා අරලගන්විල ප්‍රදේශයට කඩා වැටුණු උල්කාපාත පාෂාණ කැබලි සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව විද්‍යාඥයන් මෙම නිගමනයට එළඹ ඇති අතර මෙය ලෝකයේ මෙතෙක් සිදුකළ පිටසක්වල ජීවයට අදාළ වැදගත්ම සොයා ගැනීම බවද විට්ස් සරසවියේ මානව පරිණාම ආයත‍නයේ විද්‍යාඥ මහචාර්ය ප්‍රැන්සිස් තැකරේ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණයන් සිදුකර තිබෙන අතර මේ නව සොයා ගැනීම තාරකා විද්‍යාඥයන් පිරිසක් අතර දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ. උල්කාපාතයන් වැනි කැබැලි සොයා ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශකර තිබෙන බවට ඔවුන්ගේ මතය වී තිබේ. මේ අතර තාරකා විද්‍යාඥ සහ දේශක ෆිල් ප්ලේට් මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ අනුව සැකයකින් තොරව උල්කාපාත කැබැල්ලක් බවට හඳුනාගෙන ඇති බවය. මේ පිළිබද 'ෆොසිල් ඩයටම්ස් ඉන් අ නිව් කාබනේෂස් මිටියෝරයිට්' යනුවෙන් ජ‍ර්නල් ඔප් කොස්මෝලොජි සඟරාවේද මෑතකදී ලිපියක් පළවි
adapted by 


ලක් මවගේ දියණියකට රාජකීය සම්මාන - Anjalikas design is fit for the Queen

 බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් තේ කෝප්පයක් සහ පිරිසියක් නිර්මාණය කල ලංකාවේ 12 හැවිරිදි  අංජලිකා විමලසූරිය දැරිය මහ රැජින ට එය පිළිගැන්වීමට බකින්ග්හැම් මාලිගයට යාමට නියමිතයි.   මහා බ්‍රිතාන්‍යයේ සිසුන් අතර පැවතී මෙම තරඟයෙන් අංජලිකා ද මැග්රාත් නම් 9 හැවිදිරි දැරියත් ජය ගත්තාය. ඔවුන්ගේ සැලසුම් අනුව බෙර්ස්ලම් හි මුවර් ක්‍රාෆට් පිගන් භාණ්ඩ කම්හල එම පිරිසි කෝප්ප  කට්ටලය නිෂ්පාදනය කළේ. ඇන්ජලිනා ශ්‍රීමත් ස්ටන්ල්යි මැතිව්ස්  විද්‍යාලයේ ශිෂ්‍යාවකි. ඇය සමග එම පාසලෙන් ශිෂ්‍යාවන් 20 දෙනෙක් තෝරා ගැනිනි.ඒ අතරින් අයගේ නිර්මාණය ජය ගත්තාය ඇයට පොත් පත් ගැනීම සඳහා පවුම් 2500 (රුපියල් 515 000)  ත්‍යාගයක් ලැබිනි.ඇයගේ මව පැවසුවේ ඇය චිත්‍ර ඇඳීමට ආසා කරන බවත්ය..ඔබට අපි සුබ පතමු 

ඇයගේ වීඩියෝව 



TALENTED schoolgirl Angelika Wimalasooriya is off to Buckingham Palace – after designing a cup and saucer fit for the Queen.
The 12-year-old was chosen as the winner of a contest to create crockery to mark the Diamond Jubilee. Angelika – who was competing against children from all over the country – will now visit the royal household to present the finished ware, which has been produced by Burslem-based Moorcroft Pottery.
Angelika, who attends Ormiston Sir Stanley Matthews Academy in Blurton, said: "A lot of thought went into the design.

අග විනිසුරු වරිය ඉවත්කිරීම පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රතිපත්ති වලට එරෙහි ?

අග විනිසුරු වරිය ඉවත්කිරීම පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රතිපත්ති වලට එරෙහි  - 

ලක්බිම වාර්තාවක් 

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු - New C J Mohan Pireis

ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස මොහොන් පිරිස් මහතා ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඊයේ (15දා ) පස්වරු 12.35 යෙදුනු සුබමොහොතින්  දිවුරුම් දුන්නා. 

තෛයිපොන්ගල් උළෙල - Thipongale Festival

සුරිය පොංගල් මකර සංක්‍රාන්තිය නමින් හදුන්වන තෛයිපොන්ගල් උළෙල ලොව පුරා හින්දු බැතිමතුන් අද (14) සමරති මෙහි පරමාර්ථය සුරිය දිව්‍ය රාජයාට තම වගාවට උදවු කල ගවයින්ට ආදිය කළගුණ සැලකීමයි. තම ගොවි බිම් වල සිට ගෙන ආ අලුත් සහල් හිරු උදාවීමට පෙර සුර්ය දිවය රාජයාට පුජා කිරීමෙන් මෙම උළෙල ඇරඹේ.තම නිවසේ වරණ ගැන්වූ කුඩුවලින් බැතිමත්හු තෛයිපොන්ගල් උළෙල වර්ණවත් කරති 




             From derana

රිසානා නාෆික් මරාදැමු හැටි - Rsanas shock over

 පසුගිය 9 වැනිදා සෞදී අරාබියේදී ශරියා නීතියට අනුව හිස ගසදමා මරාදැමු රිසානා නාෆික් දැරියගේ ගෙල සිඳින අන්දම දැක්වෙන වීඩියෝ පටයක් දැන් අන්තරජාලය පුරා හුවමාරු වෙමින් තිබේ. එය රිසානාගේ නොව ඉන්දුනීසියානු ගෘහ සේවිකාවකගේ බව you tube හිම අදියුරු යොදා තිබේ. පහත පෙනෙන්නේ එම වීඩියෝවයි  



අග විනිසුරුවරිය විෂමචාරමත නෙරපීමේ චෝදනාව - impeachment passed against Chief justest Shirani Bandaranayaka

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග විනිසුරුවරිය විෂමචාරමත නෙරපීමේ චෝදනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් ඊයේ සම්මත විය. ඒ අනුව කතානායක වරයා ඊයේ රාත්‍රියේදීම මේ බව ජනාධිපතිතුමාට  දැනුම් දී ඇත. ඇය තනතුරෙන්  ඉවත්කිරීමේ තීරණය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ජනපති අධිකාරි පත්‍රයක් මගින් මේ බව අගවිනිසුරු වරයාට දැනුම් දීම ඊ ළඟ පියවරයි.  1958 උපන්  ශිරානි අන්සුමාලා බණඩාරනායක 1976 උසස්පෙළ ඉහලින් සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීටයට ඇතුලත් විය. 1980 වසරේදී නීතිවේදී ‍ගෞරව උපාධිය ලැබූ ඇය 1981 දීම  කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය වරයෙකුලෙස සේවය ලබාදුන්නාය. 1983 වසරේ නිතිය පිළිබද දර්ශනපති උපාධිය ලබාගත් ඇය එමවසරේම නිතිඥවරියක ලෙස දිව්රුම් දුන්නාය. ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගොස් 1986 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබද ආචාර්ය උපාධිය ලබගත්තාය. 1987  කොළඹ විශ්වවිද්‍යාලයේ  නීති පිඨයේ අංශාධිපති තනතුරට පත්වූ ඇය 1992 එහිම පීඨාධිපති තනතුරටපත්ව කිහිප විටකම වැඩබලන උපකුලපති ලෙස ද සේවය කලාය 1993 නිතිය පිළිබද සහාය මහාචාර්යවරියක්  ලෙස ද පත්වුවාය. 1996 වසරේදී ඇය මෙරට ප්‍රථම  අගවිනිසුරුවරිය ලෙස තේරී පත්වුවාය. ඒ වනවිටත්  එකොලොස්වතාවක් ඇය එම තනතුරේ වැඩබලා තිබීම සුවිශේෂත්වයකි.... 

   After two days of debating,the controversial impeachment motion against chief justice Shirani banadaranayake was passed in parliament yesterday with two - thirds majority with 155 MPs voting for the motion and 49 against.twenty members were absent at the time of voting.... 




රිසානා සමුගනී - Risana Nafeek

 2005 වසරේ ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගතවී සෞදි අරාබියේ සේවයකළ 17 හැවිරිදි රිසානා නෆීක් නම් මුස්ලිම් ජාතික දැරිය දරුවකු ඝාතනය කළේය යන චෝදනාව මත එරට අධිකරණය මගින් ෂරිය නීතිය යටතේ මරණ දඬුවම නියම කරනු ලැබිණි. එරට වේලාවෙන් ඊයේ 11.15 පමණ හිස කපා දැමීමෙන් මරණය සිදුවූ බව AFP  පුවත්සේවය වාර්තා කරන ලදී. තමන් විසු කුඩා පැල්පත  නිවාසක් කරගැනීමේ සිහිනයද බොඳව ගියේය..ජාතිය කුමක් වුවත් ලක්මවගේ දරුවෙකුට මෙවැනි ඉරණමක් අත්වීම ඛේදනීයය. අපි ඔබට සමු දෙමු  


රිසානා විසූ නිවස

වසර 2600 ක ඉතිහාසයක සිහි කැඳවීම ....Sri Sidhartha Buddha






වසර 2600 ක  ඉතිහාසයක සිහි කැඳවීම ....
සත්‍ය සොයා ගිය ගමනක විජයග්‍රහණය.......
 උතුම්  මාර්ගයේ දොරගුළු විවරකර සිධාර්ථ ගෞතම කතා පුවත රිදී තිරයට පිවිසීම ..
අති දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස ශ්‍රී සිධාර්ථ බුද්ධ මේ මස 24 වනදා ලොව වටා ප්‍රදර්ශනය වීමට නියමිතයි. මෙහි විශේෂත්වය විශාල නිෂ්පාදක කණඩායමක ප්‍රයත්නයක් වීමයි. මෙහි තිර රචනය සඳහා සිව් දෙනෙක් ම දායක වී තිබෙනවා චරිතාංග නළු නිලියෝ 23 දෙනෙකුගෙන් සමන්විත මෙම සිනමාපටය සංගීත අධ්‍යක්ෂවරු  දෙදෙනෙක් සංගීතය සපයා තිබෙනවා. මෙහි සිධාර්ථ ලෙස ගගන් මලික් ද යශෝධරා ලෙස අන්වර් සින් ද සුධෝදන රජ ලෙස රන්ජන් රාමනායකත් නන්ද කුමරු ලෙස රොෂාන් රණවකත් ප්‍රජාපති ගෝතමී ලෙස අන්ජානි  පෙරේරාත් රැගුමෙන් දායක වෙනවා එසේම මෙම සිනමා පටය තුලින් දැවැන්ත කැමරා කෝණ සහ දැවැන්ත පසුතල වල අත්දැකීම ලබා ගැනීමටත් පුළුවනි 










හපුතලේ මහා කුණාටුවක්

 අද උදේ 10ට පමණ නුවරඑළිය ප්‍රදේශයේ සිට හපුතලේ   හරහා සුලිකුණාටුවක් හමා ගොස් තිබේ. මහා හඩක් නංවමින් හමාගිය මෙම සුළි කුණාටුව ඊයේ රාත්‍රියේ සිට කඩින් කඩින් කඩ හමා   යමින් තිබිණ. එහෙත් අද උදැසන ඇතිවූ තන්වය අනුව මාර්ගයක හිටගෙන සිටීමටත් පවා අපහසු අන්දමට මෙම කුණාටුව ප්‍රචණ්ඩ වී තිබිණ. සමහර නිවාසවල වහල ගැලවීගොස් තිබිණ. ඊයේ සිට ඇතිවූ මෙම තත්වය මත වාහන ධාවනය මන්දගාමීව සිදුවන බවත් විටින් විට විදුලිය ඇනහිට ඇති බවත් වාර්තාවේ  

වෙබ් අඩවි 5ක ට සයිබර් ප්‍රහාරයක්



බ්‍රසීලියානු සහ සිංගප්පුරු කණ්ඩායමක් විසින් ලංකාවේ වෙබ් අඩවි 5ක ට සයිබර් ප්‍රහාරයක් එල්ලකොට තිබේ. මේ වෙබ් අඩවි අතර උතුරු මැද පළාත් සභාවේ වෙබ් අඩවියද තිබීම විශේෂයකි. අනෙකුත් වෙබ් අඩවි   අතර glitz .com  excel world යන වෙබ් අඩවිද වෙයි. දැනට   උතුරු මැද පළාත් සභාවේ වෙබ් අඩවිය සහ  glitz .com වෙබ් අඩවිය යථා .තත්වයට පත්වී ඇති අතර excel world  වෙබ් අඩවිය ප්‍රහාරයට ලක්වී ඇති අයුරු පහතින් බලාගත හැකිය..


Windows 8 ලංකාවේ නිළ වශයෙන් ස්ථාපිතයි -Windows 8 in Sri Lanka

ලෝකයේ පරිගණක 10 ක් ගත හොත්  ඉන් 9 කම පාහේ ඇත්තේ windows මෙහෙයුම් පද්ධතියි1985 නොවැම්බර් 20  ලොවට පිවිසි windows අද මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ එහිඇති පරිශීලක පහසුව නිසාමය. එසේම එදා සිට අද දක්වාම එහි චිත්‍රක මුහුණත හි ඇති ආකර්ශනීයත්වයත් මෙහි ජනප්‍රියත්වයට මග පැදුවේය. දැන් windows හි අට වන සංස්කරණය පැමිණ තිබේ. පසුගියදා ලංකාවේ පවතී විශේෂ වෙළද ප්‍රදර්ශ්නයකදී නිලවශයෙන් windows 8 ස්ථාපනය කරන ලද පරිගණක විකිණීමට තිබිණ. එනම් අප දැන් windows 8 වෙත යාමට කාලය පැමිණ ඇති බව දන්වන්නේ අපිටත් නොදැනීමය. 

මුල්ම වින්ඩෝස් පද්ධතියේ ලාංඡනය


 වින්ඩෝස් පද්ධතියේ  8 වන සංස්කරණය





ජනවාරි පළවෙනිදා වැදගත්කම - Importance of January 1st

2013 වාසනාවන්ත නව වසරක් වේවා!!!
ජනවාරි මාසය නව වසරක් පටන්ගන්න මාසයයි.වර්තමානයේ භාවිතාවන ග්‍රිගොරියන් දිනදර්ශනය අනුව වසරේ පළමු මාසය ජනවාරිය. ඒ නම ලැබුනේ රෝම දේව ඉතිහාසයේ එන සෑම ආරම්භයකටම අධිපති දෙවියන් වන ජානුස් දෙවියන් සිහිවීම සඳහාය

  අද පළවෙනිදා දවසේ වැදගත් සිදුවීම් රාශියක් තිබෙනවා.රථවාහන සම්බනධව ලංකාවේ පලවෙනි ගැසට් නිවේදනය නිකුත්කලේ 1806 ජනවාරි පළමුවෙනිදා  --- ලංකාවේ නිකුත්කළ සියලුම තඹ කාසි අවලංගු කලේ 1831 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ මහාමාර්ග නිර්මාණයේ පුරෝගාමී මෙහෙවරක් කල කැප්ටන් දොව්සෝන් කුළුණ නිර්මාණය කරලා අවසන් කලේ 1832 ජනවාරි පළමුවෙනිදා

 ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල සටනක් ගෙනගිය ගොන්ගාලේගොඩ බන්ඩා ජීවිතන්තයදක්වා සිරදඬුවමකට යටත් කොට මලක්කාවට පිටත්කලේ 1848 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ පළමු විදුලි පණිවිඩය කම්බි මාර්ගය මාර්ගය  කොළඹ සහ ගාල්ල අතර විවෘත කලේ 1858 ජනවාරි පළමුවෙනිදා 

 ලංකාවේ බන්ධනාගාර සේවාව පටන් ගැනුනේ 1869 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ රුපියල සහ සත මුදල් එකක ආරම්භ උනේ 1872 ජනවාරි පළමුවෙනිදා.  ලංකාවේ ජාතික කෞතුකාගාරය විවෘත උනේ 1877 ජනවාරි පළමුවෙනිදා.  නීතිපති දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුනේ 1884 ජනවාරි පළමුවෙනිදා. පෞද්ගලික අංශය සතුව තිබු මෙරට දුරකථන සේවය 1896 ජනවාරි පළමුවෙනිදා  මහා තැපැල් කාර්යාලය මිලට ගත්තා. ලංකා ගුවන් විදුලිසේවයේ පළමු ස්ථිර නිවේදක පත්වීම ලැබුනේ 1938 ජනවාරි පළමුවෙනිදා  ඩී  එම කොළඹගේ මහතාට.



සළුසල ආයතනය ආරම්භ කලේ 1972 ජනවාරි පළමුවෙනිදා.  ලංකා සිමෙන්ති සංස්ථාව අරම්භකලේ 1959 ජනවාරි පළමුවෙනිදා. සිංහල භාෂාව ලංකාවේ පාලන භාෂාව ලෙස නම් කලේ 1962 ජනවාරි පළමුවෙනිදා.